(අජන්ත කුමාර අගලකඩ සහ ළහිරු හර්ෂණ)
නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම ජනාධිපති මන්දිරයේදී මිට සුළු මොහොතකට පෙර ආරම්භ විය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ කැබිනට් මණ්ඩලය පූර්ණ වශයෙන් සංශෝධනය වන තුන්වන අවස්ථාව මෙය වෙයි.
නව අමාත්‍ය මණ්ඩලයට හිටපු කැබිනට් ඇමැතිවරුන් අට දෙනකු පමණ පත් කිරීමට නියමිත අතර ඉතිරි පිරිස තරුණ මන්ත්‍රීවරුන්ගෙන් පත් කෙරෙනු ඇත.
දිනේෂ් ගුණවර්ධන රාජ්‍ය පරිපාලන හා ස්වදේශකටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස ද, ඩග්ලස් දේවානන්ද ධීවර අමත්‍ය ලෙසද, වෛද්‍ය රමේෂ් පතිරණ අධ්‍යාපන වැවිලි කර්මාන්ත අමාත්‍ය ලෙසද, ප්‍රසන්න රණතුංග මහජන ආරක්ෂ, සංචාරක අමාත්‍ය ලෙසද, දිලුම් අමුණුගම ප්‍රවාහන,කර්මාන්ත අමාත්‍ය ලෙස ද, කනක හේරත් මහා මාර්ග අමාත්‍ය ලෙසද, විදුර වික්‍රමනායක කම්කරු අමාත්‍ය ලෙස ද, ජානක වක්කුඹුර කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය ලෙසද, ශෙහාන් සේමසිංහ වෙළෙඳ හා සමෘද්ධි සංවර්ධන අමාත්‍ය ලෙස ද,මොහාන් ප්‍රියදර්ශන ජල සම්පාදන අමාත්‍ය ලෙස ද,විමලවීර දිසානායක වනජීව හා වන සම්පත් සංරක්ෂණ ඇමැති ලෙස ද, කංචන විජේසේකර බලශක්ති හා විදුලිබල අමාත්‍ය ලෙස ද,තේනුක විදානගමගේ මහතා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය ලෙස ද, නාලක ගොඩහේවා ජනමාධ්‍ය අමාත්‍ය ලෙස ද, මහාචාර්ය චන්න ජයසුමන සෞඛ්‍ය අමාත්‍ය ලෙස ද, නසීර් අහමඩ් පරිසර අමාත්‍ය ලෙස ද, ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් වරාය හා නාවික කටයුතු අමාත්‍ය ලෙ ද දිවුරුම් දුන්හ.
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය අද ඇරැඹිණි.
මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැක
ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ
මිගමුව කලපුවේ කුඩා ධීවර යාත්‍රාවක් පෙරළී යාමේන් අතුරුදහන් වු පියා හා දියණියෙගේ සිරුරු අද දහවල් මිගමුව මුන්නක්කරේ සිරිවර්ධනපුර කලපු තිරයේ තිබියදී ස
කොළඹ ප්‍රදේශයේ වෙසක් සිරි නැරඹීමට සිය දෙමාපියන් සමඟ පැමිණී 11 හැවිරිදි දරුවකුට වෙසක් කලාපයක කුටියක් තුළදී බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවන්ට වරදක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නව ඇමැතිවරු දිවුරුම් දෙති
Prasheen Monday, 18 April 2022 11:01 AM
නම ඉස්සරහට ගරු කියන්න කෑල්ල කොහෙන්ද ආවේ මෙයාලාට?
samMonday, 18 April 2022 11:21 AM
ඒක මගේ පළමු අදහසයි...
Hafeel Monday, 18 April 2022 11:29 AM
ගරු වෙනුවට හොරු කියලා ආමන්ත්‍රණය කළා නම් හොඳයි.
සෙනෙවිරත්න Monday, 18 April 2022 11:31 AM
ඒක අපේ ජානවල තියෙන දීනකම, ඒක තමයි සේරටම මුල...
අගුපිලගේ Monday, 18 April 2022 12:17 PM
ඉස්සර මැටි හෝ ඇමටිලාට ගරු කියලා නමට යෙදුවෙ නැහැ. ගරු කියලා යෙදුවේ තනතුරේ මුලටයි. මෙම දීන තත්වය වහාම ඉවත්කළ යුතුමයි.
Pradeep Kumara Monday, 18 April 2022 11:18 AM
ශෙහාන් සේමසිංහට එයාගේ අනවසර හෝටලේ ඉදිකර ගන්න හැකියාව ලැබෙයි එහෙනම්...!
SAMSONMonday, 18 April 2022 02:33 PM
2020 ජනවාරි වලත් රට හොඳට තියෙනවා කිව්වේ මෙයා නේද ටීවී එකේ..?
මහසෙන් Monday, 18 April 2022 11:19 AM
ඕක කොහොම ඇනුවත් කළත් අවසාන ප්‍රථිපලය එකයි. රට්ටුන්ට විජ්ජා පෙන්න පෙන්න ඉන්නවලා දෙගොල්ලෝම එකතුවෙලා..
ranjith Monday, 18 April 2022 11:22 AM
ජනතාව අද වෙනකොට දුකට පත්කළ සියලු දෙනාට ඒ අපායෙන් ගැලවෙන්න බෑ.
Sunil Monday, 18 April 2022 11:25 AM
එක දෙයක් පිළිබඳව බොහොම සතුටුයි. පොලොන්නරුවේ ජොගින් ට්‍රැක් කාරයා මෙතන නැහැ.
lankaputha Monday, 18 April 2022 11:28 AM
රාජ්‍ය අමැත්යවරු එහෙමමයි නේද? නියෝජ්‍ය අමාත්‍ය පස්සේ නේද?
Anadt Monday, 18 April 2022 11:29 AM
තොලොංචි වෙයල්ලා... අපට එපා...
w Shanth Monday, 18 April 2022 11:29 AM
කවුද අලුත් අගමැති...?
Hafeel Monday, 18 April 2022 11:34 AM
ජනාධිපතිට රුවන්වැලිසෑය ඉදිරිපිට කරපු කතා අමතක වෙලා වගේ...
jayasekaraMonday, 18 April 2022 12:41 PM
ඇයි.. අල් සබ්රි..? ඉස්සර ඉඳලා හිටියනේ...
Hafeel Monday, 18 April 2022 01:19 PM
අලි සබ්රි මුල ඉඳන් රාජපක්ෂලාට කඩේ ගිහින් සහ ඔවුන්ගේ අපරාධ නඩු වෙනුවෙන් පෙනී සිටිමින් තමයි ඇමතිකම ගත්තේ... නමුත් මේ නසීර් මුස්ලිම් ප්‍රජාව ඉදිරියේ පොහොට්ටුවට සහ රාජපක්ෂලා විවේචනය කරමින්, ජාතිවාදය කතාකරලා ඡන්ද ගත්තේ... දැන් නසීර්ටත් ලැජ්ජාවක් නැහැ. රාජපක්ෂලාටත් ලැජ්ජාවක් නැහැ. බල පෙරේතකමට ඔවුන් ජරාවත් කාවි.
සෙනෙවිරත්න Monday, 18 April 2022 11:41 AM
මේකද වෙනස? බූරුවා කූට්ටම අනලා, කූට්ටමේ ආසි හේරො නැහැ. ඔක්කොම බූරුවෝ, වෙනසක් නැහැ. රාජපක්ෂවරු නැත කියන්නේ මේක නෙවෙයි.
Samantha Monday, 18 April 2022 12:11 PM
ධීවර ජනතාව අන්ත අසරණ කරපු කෙනෙක් විදුලි බලයට..
වර්ණකුලසූරිය Monday, 18 April 2022 12:11 PM
කඳ තරමටම මොළේ තියෙන ඇමැතිවරයෙක් මහජන ආරක්ෂක වශයෙන් පත්වීම අරගල සමයට ඉතා වැදගත් වේ. ජෝන්ස්ටන්, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, කෙහෙළිය රඹුක්වැල්ල වැනි කෙරුමන්ගේ කෙරුමෙන් අද අපි දුක් විඳිමු. තවදුරටත් චණ්ඩි සහ නූගත් චරිත මඟින් රට පාලනය කිරීමට ගන්නා උත්සාහයක් අපි දකින්නෙමු. එහි විපාක විඳිමින් තවදුරටත් ඒ තුළම ක්රියාකිරීමක් සිදුවෙමින් පවතියි.
Praba Monday, 18 April 2022 12:19 PM
දැන්නම් මණ්ඩලේ හොඳටෝම කචල්.
Shan Monday, 18 April 2022 12:22 PM
බඩගැන විතරක් හිතන කාලකණ්ණි හැමතැනම ඉන්නවා. අපි මෙයාලා ගමට ආවාම පිළිසඳරේ යෙදෙමු...
Liya Monday, 18 April 2022 12:26 PM
ගරු නෙවෙයි නිගරු...
ගජමිතුරු Monday, 18 April 2022 07:14 PM
අගරු කියලා යොදන අවස්ථාවක් තියෙන නිසා අපි කියමුකෝ අගරු කියලා...
fairoos Monday, 18 April 2022 12:29 PM
අවුරුදු 2ක් ඇතුළත ‘සර්‘ තුන්වෙනි පාරටත් ෆේල්... රට මෙච්චර බංකොළොත් කරලා තවත් වලපල්ලට දාලා තමයි පස්ස බලන්නේ...
wimal Monday, 18 April 2022 12:44 PM
ජයවේවා...! ලංකාවේ බත්කන අය ඉදිරියේදීවත් ඉපදේවා...!
ranji Monday, 18 April 2022 12:44 PM
දැන් හොරුන්ට කියන අලුත් නම වෙන්න ඇති මේ ගරු කියන නම..!
Janaka Monday, 18 April 2022 12:53 PM
ඇමැති මණ්ඩලය හොඳට අධ්‍යයනය කරපුවාම පේනවා හොඳට ගහන්න පුළුවන් අමාත්‍යාංශ ටික ඔක්කොම නැවතත් ලොකු බේබිගේ ගොට්ටන්ටම දීලා කියලා. ඒ කියන්නේ අවසාන මොහොතේදී පවා නැවත වතාවක් සල්ලි නැතත් මුදල් අච්චු ගසා හෝ ලොකු බේබිගේ කොන්ත්‍රාත්කරුවන්ට කොන්ත්‍රාත් දී ගෙවීම් කරගෙන ලොකු බේබිට ගාන කපා ගන්න පුළුවන් කියන එකයි. තාත්තයි, බාප්පයි මෙච්චර රට හිඟමනටම වට්ටලා තියෙද්දිත් ශ්‍රී ලන්කන් එකට තව අලුතින් ප්ලේන් 21ක් මිලදී ගැනීමේ මහා මොලකරු වන ලොකු බේබිට අවශ්‍ය විදියට නැවතත් ඇමති මණ්ඩලය, බේබිලාට ආයිත් නම් නටන්න දෙන්නේ නැහැ... කියපු රණවිරුවාම පත් කරලා.
Prabha Monday, 18 April 2022 12:57 PM
අකුලගෙන ගෙදර යන්න කියනකොට ඇමැති මණ්ඩලේ මාරු කරනවා.
nimalka Monday, 18 April 2022 01:02 PM
රට දියුණු කල යුත්තේ නිලධාරීන් විසිනි. දේශපාලකයින් විසින් නොවේ. ඇමෙරිකාවේ අගමැති, විදේශ, මුදල්, ආරක්ෂක, අධ්‍යාපන ඇමති හෝ වෙන කිසියම්ම ඇමැති කෙනෙක් ගැන අසා තිබේද? අසා ඇත්තේ ලේකම්ලා ගැන පමණි. නිලධාරින් විසින් රට දියුණු කිරීම..., දේශපාලකයින් විසින් වැළැක්වීම හෝ ඔවුන් විදේශ ගතවීම හෝ එවැනි නිලධාරින් බිහිකිරීමට නිදහස් අධ්‍යාපනය අසමත් වීම යන දේ සිදුවී ඇත...
දයාරත්න Monday, 18 April 2022 01:12 PM
මරු බඩුටික... රටේ ඉතුරු ටිකත් ඉවර කරයි...
Faiq Monday, 18 April 2022 01:30 PM
ගරු නෙමෙයි හොරු...
සමිත සේනක අලුත්ගමගේ. Monday, 18 April 2022 01:35 PM
තෙල්මිල නැවතත් ඉහළ ගියා. රට පුරා තෙල් ගෑස් ඇතුළු පෝලිම් වැහි වැහැලා. බඩු මුට්ටු හා ආහාර ද්‍රව්‍ය ගිනි ගණන්. ඉන්ධන දෙන්නෙත් සීමා කරලා. රට ගෙනියන්න සල්ලි නැහැ. ලෝකෙට ණයවෙලා තියෙනවා මදිවට මේ තරම් ඇමැති මණ්ඩලයක් නඩත්තු කිරීමේ තේරුම කුමක්ද? රට පිටරට ණය ගෙවාගැනීමට බැරි තරමට පහත වැටිලා. අනේ මන්දා අපේ රටටත්, අපටත් ගිය කලක්....
SPerera Monday, 18 April 2022 01:36 PM
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය තුළසිටින හොඳම කණ්ඩායමද මේ...? කලින් සිටි තදින්ම ජනතා අප්‍රසාදයට පත්වූ පිරිසක් ඉවත්කර තිබුණත් මෙතැනත් බලාපොරොත්තු තැබිය හැකි අය නැති බවයි මට හිතෙන්නේ...
සුජීව Monday, 18 April 2022 01:39 PM
බැනලා විවේචනය කරලා වැඩක් නෑ. දැන් මොලේ මැරිලා... වාසියට විතරයි මොලේ වැඩ. ‘‘ගෝඨා ගෝ‘‘ ගමවල් රටපුරා හදමු. එකම විසඳුම ඒකයි...
tikka Monday, 18 April 2022 01:42 PM
ඔයාලා පත්කරපු අය තමයි මේ සහෝදරයා...! ගෝඨාට බනින්න කලින් ඔයාලා තමන්ටම බැනගන්න...!
Suneth Monday, 18 April 2022 02:02 PM
තමන්ගේ ආසනයේ තනිව රවුමක් ගිහින් එන්න පුළුවන් කීප දෙනෙක් තෝරගත්තා නම් ප්‍රායෝගිකයි.
Prabha Monday, 18 April 2022 02:02 PM
හොරෙන් ඉඩම් අල්ලන මිනිස්සුන්ට කප්පම් ඉල්ලා තර්ජනය කරන එක්කෙනා මහජන ආරක්ෂක ඇමැති... කවුද අප්පා සර්ට උපදෙස් දෙන්නේ..?
Hafeel Monday, 18 April 2022 02:07 PM
අන්න දැන් විදුරට මස් කෑල්ලක් කවලා ඔහුගේ කටත් වහගත්තා. ප්‍රමිත බණ්ඩාරගේ කටටත් දැන් ප්ලාස්ටරයක් අලවලා. මේකට තමයි මෙච්චර කල් ඔහු පසු පෙළ නියෝජනය කරමින් දැඟලුවේ. දැන් ඔහු ඉදිරි පෙළේ...!
beau Monday, 18 April 2022 02:09 PM
විමලවීරව කැලෑවටම යවලා. එයාට හොඳ තැන. මඩවගුරක් දෙන්න වාහනයක් වෙනුවට...
siri Monday, 18 April 2022 02:35 PM
අයින් කළ අයගේ පිනට ලැබිලා තියෙන ගේ දොර යාන වාහන ආරක්ෂකයින් හට කණ්ඩායම් වගේ වරප්‍රසාද නම් නැතිවෙන එකක් නැහැ.
sahani Monday, 18 April 2022 02:47 PM
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ... නසීර් නේද අර උත්සවයකදී හමුදාවේ කට්ටිය ඉන්නවා කියලා ප්‍රශ්නයක් ඇති කලේ..?
saman Monday, 18 April 2022 03:01 PM
දැන් ඇති නේද ජනතාවට දුන්නු පීඩාව... දැන්වත් ඇමෙරිකාවට යන්න.
ගමේ එකාලා Monday, 18 April 2022 03:46 PM
විකාර කියලා අපිට නම් පේනවා. ගැසට් ගහපු එකයි, රිවස් කරපු එකයි, ඇමතිවරු එහෙට මෙහෙට කරපු එකයි හැරෙන්න බලන් ගියාම කරපු දේකුත් නැහැ...
.S.M.Samantha bandara Monday, 18 April 2022 04:48 PM
මොවුන් හට සොරකම් කිරිමට නොහැකි ලෙස නීති සම්පාදනය කළ යුතුයි. එසේම දඬුවම් දීය යුතුයි... නිතීයෙන් රිංගා යාමට ඉඩකඩ නොදීය යුතුයි.
dias Monday, 18 April 2022 06:06 PM
දැන් ජනතාව තමන්ගේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට මේ අය කෙලින්ම හමුවීමට යාම ආරම්භ කළ යුතුයි...!