(අංජුල මහික වීරරත්න)
නව කම්කරු කොමසාරිස් ජනරාල් ලෙස පත් කෙරුණු නදීකා වටලියද්ද මහත්මිය නාරාහේන්පිට - මෙහෙවර පියස ගොඩනැගිල්ලේ පිහිටි කම්කරු දෙපාර්තමේන්තුවේදී අද වැඩ බාර ගත්තාය.
ගඟසිරිපුර කණිෂ්ඨ විද්‍යාලය,ගම්පොල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලය සහ මහනුවර මහමායා බාලිකා විද්‍යාලය යන විදුහල් වල ආදි ශිෂ්‍යාවක වන ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිධාරිණියක් ද වේ.
එසේම,ඇය කොළඹ විශ්වවිද්‍යාලයෙන් ශ්‍රම අධ්‍යයනය පිළිබඳව ද,ඕස්ට්‍රේලියාවේ Flinders විශ්වවිද්‍යාලයෙන් කාන්තා අධ්‍යයනය පිළිබඳව ද,එක්සත් රාජධානියේ South Wales විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳව ද පශ්චාත් උපාධි ලබා ඇත.
2001 වර්ෂයේදී කම්කරු නිලධාරිනියක ලෙස රාජ්‍ය සේවයට එක්ව ඇති නදීකා වටලියද්ද මහත්මිය ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්ව ඇත්තේ 2003 වර්ෂයේදීය. ඇය ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කෙමසාරිස්වරියක ලෙසත්,ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරියක ලෙසත්,ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමණාකරණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරියක ලෙස සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක ලෙස මෙන්ම, රාජ්‍ය ආයතන රැසක විවිධ තනතුරු දරා ඇති පළපුරුදු රාජ්‍ය නිලධාරිනියකි.
නදීකා වටලියද්ද මහත්මිය කම්කරු දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ කම්කරු කොමසාරිස් ජනරාල් ධුරයට පත් තෙවැනි කාන්තාව ද වේ.
ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ ගුණාත්මක හා ප්‍රමාණවත් ආහාර වේලක් සාධාරණ මිලට ලබා ගැනීමේ අවස්ථාව සලසා දීම සඳහා දිවයින පුරා නව ආපනශාලා ස්ථාපිත ක
පාසල් දරුවන් හා තරුණයින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම වලක්වා ගැනීමටත්, ඇබ්බැහි වූවන් ඉන් මුදවා ගැනීමටත් රජයක් ලෙස අවශ්‍ය මැදිහත්වීම සිදුකරන බව ක්‍රීඩ
පාදුක්ක - කොළඹ මාර්ගයේ ලියන්වල හන්දිය ආසන්නයේදී ලොරි රථයක් , යතුරු පැදියක පිටුපස ගැටී අද (27) සිදු වූ අනතුරකින් යතුරු පැදියෙහි ගමන් ගත් සිව් හැවිරිදි පිර
රුපියල් කෝටි දෙකක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් , රැගෙන කටුනායක ගුවන් තොටුපොළට කුඩා දරුවෙකු ද සමඟ පැමිණි ඉන්දීය ජාතික යුවළක් අද (27) රේගු මත්ද්‍රව්‍ය
එළඹෙන පළාත් පාලන ආයතන මැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම අප්‍රේල් මස 22 වැනිදා ආරම්භ කරන බව මැතිවරණ කොමිසම පැවසීය.
ඇඹිලිපිටිය සිට බලන්ගොඩ හරහා බදුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් අද (27) පස්වරුවේ හල්දුම්මුල්ල පුස්සැල්ල ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන අඩි 30ක පමණ ප්
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
නව කම්කරු කොමසාරිස් වැඩ බාර ගනී
Colombo Citizen Tuesday, 25 March 2025 09:24 PM
ඇය විශ්ව විද්‍යාලයෙන් භූගෝල විද්‍යාව ඉගෙන ගෙන තියෙනවා. නමුත් ඇය කම්කරු කළමනාකරණය කරනවා. ඇය බොහෝ වැඩසටහන් කර තිබෙනවා. භූගෝල විද්‍යාවට සම්බන්ධ කිසිවක් නැහැ. භූගෝල විද්‍යාව ඉගැන්වීමට වියදම් කරන අපේ මුදල් ගැන කුමක් කිව හැකිද? අපේ අධ්‍යාපන ක්‍රමයේ ගැටලුව මෙයයි.