IMG-LOGO

2025 පෙබරවාරි මස 07 වන සිකුරාදා


නව ඩිජිටල්කරන ව්‍යාපෘති තුනක් අද සිට

(විමුක්ති එස් රුද්‍රිගු)

රජයේ ඩිජිටල්කරණ වැඩසටහන යටතේ ඩිජිටල් ප්‍රවේශ තුනක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පැවැත්වෙන උත්සවයකදී ආරම්භ  බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ඒ යටතේ රාජ්‍ය අංශයේ සියලුම ගෙවීම් මාර්ගගතව ගෙවීමට අවස්ථාව සලසා දෙන GOVPAY.LK වෙබ් අඩවිය, ඊ.එම්.බී.ඩී ලෙස හැඳිවෙන විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන්ට සහතික කළ උපත්, මරණ සහ විවාහ සහතික තානාපති කාර්යාල ඔස්සේ නිකත් කිරීමේ සේවය සහ ජනාධිපති අරමුදලට ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඔස්සේ ඉල්ලුම් කිරීමට හැකියාව ලබා දෙන මාර්ගගත සේවය අද(07) සිට ආරම්භ වනු ඇතැයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පැවැසුවේය.

රාජ්‍ය අංශයේ සියලුම ගෙවීම් මාර්ගගතව ගෙවීමට අවස්ථාව සලසා දෙන GOVPAY.LK වෙබ් අඩවිය අද(07) දියත් කරන බවත් පළමු අදියර යටතේ සේවා 16 කට වැඩි ප්‍රමාණයකට මාර්ගගත අන්තර්ජාල බැංකුකරණ සේවා සහ මූල්‍ය යෙදුම් භාවිත කරමින් GOVPAY.LK වෙබ් අඩවිය ඔස්සේ මුදල් ගෙවීමට හැකියාව ලැබෙනු ඇති බවත් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා ඊයේ(06) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

අප්‍රේල් මාසය වනවිට තවත් සේවා 30 කට වැඩි ප්‍රමාණයක් GOVPAY.LK වෙබ් අඩවියට ඇතුළත් වනු ඇති බවත් ක්‍රමයෙන් සියලුම රාජ්‍ය සේවාවලට මෙම වෙබ් අඩවිය ඔස්සේ ගෙවීම් සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇති බවත් එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසුවේය.

 



අදහස් (1)

නව ඩිජිටල්කරන ව්‍යාපෘති තුනක් අද සිට

රනේ Friday, 07 February 2025 09:07 AM

ජය වේවා!

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 

දියත

මිනුවන්ගොඩ වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 පෙබරවාරි මස 07 290 0

මිනුවන්ගොඩ ජාපාලවත්ත පාසලක් අසලදී මීට සුළු මොහොතකට ඉහතදී වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි මිනුවන්ගොඩ ‍පොලිසිය කියයි.


දකුණු ආසියාවේ පරණම වෛද්‍ය පර්යේෂණායතනය බලන්න ඇමති යයි
2025 පෙබරවාරි මස 07 123 0

සෞඛ්‍ය සේවාව ඇතුළු සියලුම ක්ෂේත්‍ර වල පර්යේෂණ ජාතික සංවර්ධන සැලැස්මට අනුගත විය යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


දුම්රිය රියදුරා කෝච්චිය දමා පැන ගිහින්
2025 පෙබරවාරි මස 07 605 0

මරදාන සිට බෙලිඅත්ත බලා ධාවනය වූ අංක 50 දරණ දුම්රිය පෙරේදා (06)වන දා දහවල් කොග්ගල දුම්රිය ස්ථානයේ නතරකොට රියදුරු පලායාම නිසා තමන් මහත් අපහසුතාවට පත්වූ බව එ


‘‘ලසන්තට යුක්තිය ඉටුකරනවා”
2025 පෙබරවාරි මස 07 445 0

සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන කතෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන බවත් ඔහුගේ දියණිය අහිම්සා වික්‍රමතුංග මහත්මිය ඒම නඩු


කොරියා රැකියා දෙන බව කියා රට පුරා ජාවාරමක්
2025 පෙබරවාරි මස 07 150 0

දැනට ක්‍රියාත්මක නොවන කොරියානු E8 වීසා කාණ්ඩයේ රැකියා ලබාදන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් ගෙන් මුදල් එකතු කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක


ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්න ගැන විශේෂ විමර්ශනයක්
2025 පෙබරවාරි මස 07 669 1

ප්‍රශ්නගත කොළඹ කොටුවේ ක්‍රිශ් ගොඩනැගිල්ලේ ඊයේ (6) රාත්‍රී හටගත් ගින්න සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසී‍ෙ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 99 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 811 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 757 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site