IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


නව හැවිරිදි දැරියට කෘෘර වධ දුන් සුළු මව රිමාන්ඩ්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ  ඉලංගකෝන් මැණිකේ)

නව හැවිරිදි දැරියකට මිරිස් සහ ගම්මිරිස් මිශ්‍ර වතුර පොවා, පහර දී පුලුස්සා, ගෙල මිරිකා කෲර වධ හිංසාවට ලක් කළ 29 හැවිරිදි කාන්තාව දින 14ක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු චානිමා විජේබණ්ඩාර මහත්මිය නියෝග කළාය.

අත්අඩංගුවට ගත් කාන්තාව දැරියගේ පියාගේ දෙවැනි බිරිඳ ( කුඩම්මා) බව පොලිසිය අධිකණයට දැන්වීය. මෙසේ රිමාන්ඩ් බාරයට පත්වූයේ නදීකා ප්‍රියදර්ශනී නමැති කාන්තාවකි.

කඩුවෙල කොතලාවල ප්‍රදේශයේ පදිංචි කඩුවෙල ප්‍රදේශයේම කනිෂ්ඨ විද්‍යාලයක 4 වන වසරේ ඉගෙනුම ලබන දැරිය ඇයට වන වධහිංසාව පිළිබඳ විද්‍යාලයේ ආහාර පිසින කාන්තාවට පැවසීමෙන් අනතුරුව ඇය විසින් පන්ති භාර ගුරු මහත්මියට කරන ලද දැනුම්දීමක් අනුව විදුහල්පතිනිය දැරිය සමග පොලිසියට පැමිණ කළ පැමිණිල්ලක් අනුව සැකකාරිය අත්අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කාන් වීරසිංහ මහතා පැවසීය.

දැරියගේ මව ඇය පෙර පාසල් යන අවධියේ දී දැරිය පියා සමග තනිකර නිවසින් පිටව ගොස් ඇති බවත් දැරියගේ පියා මීට වසර දෙකකට පමණ ඉහත දී මෙම කාන්තාව නිවසට කැඳවාගෙන පැමිණ ඇති බව ඇයට ඒ වන විට පෙර විවාහයේ පුරුෂයාගෙන් පිරිමි දරුවකු ද (දැන් වයස හයයි) සිට ඇති බවත් පොලිසිය කියයි.

සැකකාර කාන්තාව විසින් අලු‍යම හතරට අවදි කරවනු ලබන දැරිය ලවා පොල් ගාවා ගැනීම, එළවළු කප්පවා ගැනීම, වළං සෝදවා ගැනීම, එම කාන්තාවගේ සහ ඇයගේ දරුවාගේ රෙදි සෝදවා ගැනීම ඇතුළු වැඩපළ රාශියක් කරගෙන තිබූ බව පොලීසිය සඳහන් කරයි.

ඇයගේ යම් වැඩක් අතපසු වුවහොත් දැරියට පහර දී ඇති අතර වරෙක මෝල් ගසකින් ද පහර දී ඇතැයි පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත.

සැකකාරිය ඉකුත් සඳුදා (10) දැරිය බිම දමා කකුල් පාගා බඩ ප්‍රදේශයට දණ හිසෙන් පහර දී ඇතැයි ද අනතුරුව සැකකාරිය දැරිය අමතා එය කිසිවකුට හෝ පැවසුවොත් ”‍තෝ මරා දින දාහතරකට හිරේ යනවා”‍ යැයි මරණීය තර්ජන කළ බව ද දැරියගේ ප්‍රකාශයකින් අනාවරණය වූ බව පොලිස් නිලධාරිනියක පැවසුවාය.

සැකකාරිය ඇයගේ දරුවා සමග ඇඳක නිදා ගන්නා අතර දැරියට කැඩුණු පැදුරක් දී ඇතැයිද, නිවස තුළ වූ නාන කාමරයෙන් දියනෑම දැරියට තහනම් කර ඇති අතර නිවස පිටුපස තිබෙන වැසිකිළිය තුළ සවි කර තිබෙන ජල කරාමයෙන් දැරියට දිය නෑම සඳහා අණ කර ඇතැයි දැරියගේ ප්‍රකාශයකින් වැඩිදුරටත් අනාවරණය වූ බව පොලිස් නිලධාරිනිය කීවාය.

 



අදහස් (15)

නව හැවිරිදි දැරියට කෘෘර වධ දුන් සුළු මව රිමාන්ඩ්

chandima Wednesday, 12 October 2022 09:34 PM

එයාටත් මිරිස් ගම්මිරිස් පොවන්න රහ තේරෙන්න

:       0       7

soma Wednesday, 12 October 2022 10:03 PM

මේ තරම් දේවල් වෙනව නම් ගමේ අහල පහල අය නොදැන සිටියා ද? ග්‍රාම නිලධාරි කෙනෙක් මේ ගමට නැද්ද ?

:       0       9

sampath Wednesday, 12 October 2022 10:06 PM

දෙමාපියන්ගේ එක් අයකු හෝ නොමැති සියලුම ළමයි පරිවාස අධීක්ෂණයට ලක් කල යුතුයි.

:       1       5

Mahesh Wednesday, 12 October 2022 11:05 PM

මෙහෙමත් කුඩම්මල. එයාගේ දරුවා මේවා බලාගෙන ඉඳලා ඔය විදියට තමයි හැදෙන්නේ.... දුව ඔයාට වාසනාවන්ත අනාගතයක්. දෙමව්පියන්ගේ ප්‍රශ්න නිසා දරුවෝ මොනතරම් අසරණ වෙනවද. මේ දරුවාගේ තාත්තා මේවා දාන්නේ නැතිව ඇති.

:       0       6

Kanchana Wednesday, 12 October 2022 11:31 PM

මේ දරුවට කොහොම හරි උදව් කරනවා. සම්බන්ධ කරගන්න විදිහක් හදලා දෙන්න.

:       0       10

NuwanThursday, 13 October 2022 03:52 PM

ඔබට බොහොම පින්..කඩුවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කාන් වීරසිංහ මහතා සම්බන්ද කරගන්න.

:       0       1

Sandaruwan Rathnayaka Thursday, 13 October 2022 02:15 AM

කරුණාකර මෙවැනි දෙමාපියන්ට කිසිම සමාවක් දෙන්න එපා, කරුණාකර ඒ කුඩා දියණියට උදව් කරන්න. පුංචි දුව ඔයාට බුදු සරණයි.

:       0       10

chamika perera Thursday, 13 October 2022 06:07 AM

මෙහෙමද මේ දූපතේ කුඩම්මලා දරුවෝ රකින්නේ.

:       0       4

චන්දන Thursday, 13 October 2022 06:34 AM

අඩු ගානෙ මේ දරුවගේ තාත්තා අහක බලන් හිටියද බයේ හිටියා ද.

:       0       8

Lalith M Thursday, 13 October 2022 08:06 AM

තාත්ත පිරිමියෙක්ද තමාගේම දුවට වධ දෙනකන් බලාගෙන ඉන්න.

:       0       14

Sk Thursday, 13 October 2022 08:55 AM

පිට කොන්දක් නැද්ද දුවව බේරගන්න, පුදුම පියවරු.

:       0       22

Sisira Thursday, 13 October 2022 08:56 AM

අනිවාර්යෙන්ම දඩුවමක් දිය යුතුය.

:       0       16

Senerath Thursday, 13 October 2022 09:21 AM

මෙම කෙනා කොහොමද මේ වගේ පොඩි දරුවෙකුට මේ වගේ කෘෘර දඬුවම් දුන්නේ.?

:       0       9

jagath Thursday, 13 October 2022 10:09 AM

මේ තාත්තා මෙම ගැහැණු කෙනා හිරේ ගියාම තවත් කසාදයක් කර ගනී ආයෙත් ළමයින්ට කරදර.

:       0       9

බී අමරසිංහ Thursday, 13 October 2022 03:17 PM

තාත්තාවත් පොලීසි උසාවි ගෙන්වන්න තියෙන්නෙ

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 701 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 692 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 683 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 476 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 446 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 4110 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25173 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18851 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 368 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 641 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1839 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site