IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


‘නොසැලකිල්ලෙන් කෝටි 626 ක බෙහෙත් නරක් වෙලා‘

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

නියමිත ප්‍රමිතියට ගබඩා නොකිරීම  නිසා පසුගිය වසර නවයේදී (2011සිට 2020 වසර දක්වා ) රුපියල් කෝටි 626 ක් වටිනා ඖෂධ තොගයක් නරක්වී  ඇතැයි  රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝපා) පවසයි.

නරක්වී ඇතැයි හඳුනා ගන්නාවිට  එම ඖෂධවලින් සියයට 99 ක් රෝගීන්ට   ලබාදී  අවසන්ව තිබූ බවද කෝපා කමිටුව නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
එම තත්වයෙන් අසමත් (quality fail) ඖෂධවල  පිරිවැය සැපයුම්කරුවන්ගෙන් අය කර ගැනීමටද නොහැකිවී ඇතැයි සඳහන් කරන කෝපා කමිටුව  සුරක්ෂිතතාවය සුරැකෙන පරිදි ඖෂධ ගබඩා කිරීම සඳහා පහසුකම් ඇති කිරීමේ වැඩපිළිවෙල හැකි ඉක්මනින් අවසන් කරන ලෙස  සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට නියෝග  කර ඇත.

වෛද්‍ය සැපයීම් අංශයේ   ගබඩාවල උෂ්ණත්වය නිසි ලෙස පවත්වා ගෙන ගොස් නොමැති බවත්, ඖෂධ වර්ග බොහොමයක්  වෛද්‍ය සැපයීම්, මධ්‍යම ඖෂධ ගබඩාවේ හා  රෝහල්වල කොරිඩෝවල තැන්පත් කර  තිබී ඇති බවත්  කෝපා කමිටු විමර්ශනවලදී තොරතුරු හෙළිවී ඇත.
මේ අතර, ඖෂධය ලැබුණු වහාම තත්වයෙන් අසමත් බව හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් පවතී නම් අලාභය සැපයුම්කරුවන්ගේ ඇපකරයෙන් අය කර ගැනීමට හැකි බවත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් ඖෂධ 60ක තත්ත්ව පරීක්ෂාව සිදු කළ හැකි නම් මෙම තත්වය තරමක් දුරට හෝ මග හරවා ගත හැකි බවත්  අමාත්‍යාංශ ලේකම්වරයා  එම කමිටුව හමුවේ පෙන්වාදී  ඇත.

තත්වයෙන් අසමත් ඖෂධ හෝ වෛද්‍ය සැපයුම් පිරිවැය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් අය කර ගැනීම වෙනුවට අදාළ සැපයුම්කරුවන්ගෙන් අය කර ගැනීමට කටයුතු කළ යුතු බවට කාරක සභාව අමාත්‍යාංශ ලේකම්වරයාට  නියෝග කර ඇත.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගිය (20) වැනිදා ඉදිරිපත් කරනුලැබූ අතර මේ තොරතුරු ඇතුළත් වන්නේ එම වාර්තාවේය.

රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව2021.08.04 සිට 2021.11.19 දක්වා කාලයේදී  කැඳවන ලද රාජ්‍ය ආයතන හතක සහ එක් විශේෂ විගණන වාර්තාවක විමර්ශන  පිළිබඳ තොරතුරු මෙම වාර්තාවට  ඇතුළත් වේ.

 



අදහස් (1)

‘නොසැලකිල්ලෙන් කෝටි 626 ක බෙහෙත් නරක් වෙලා‘

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 25 May 2022 07:48 AM

රට වැටී ඇති මේ අවස්ථාවේදී මෙවැනි පාඩු සිදුවේ නම් එය මොනතරම් වේදනාකාරී හා අවාසනාවන්ත තත්ත්වයක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මිඩ්වයිෆ්ට අතවර කළැයි සෞඛ්‍ය රියදුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 150 0

හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.


බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා
2024 නොවැම්බර් මස 19 587 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.


නීති විරෝධිව රැදී සිටි බංගලාදේශ ජාතිකයින් 8ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 103 0

ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං


දිස්ත්‍රික්ක හතරක ප්‍රා.ලේ. කොට්ඨාස 9කට නාය අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 19 102 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල


බහින්බස්වීම මරණයෙන් අවසන් වෙයි
2024 නොවැම්බර් මස 19 606 0

ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල


අනතුරින් පාසල් සිසුන් තිදෙනකු රෝහලේ
2024 නොවැම්බර් මස 19 359 0

පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26476 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18867 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 381 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 646 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1859 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site