අප සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝකය ලෙස සැලකෙන, බෘහස්පතිට අයත්, අයිස්වලින් සමන්විත යුරෝපා නමැති චන්ද්‍රයාගේ රහස් සෙවීමට ඇමෙරිකාවේ නාසා ආයතනය ‘ක්ලිපර්’ නමැති රොබෝ ගවේෂණ යානය පිටත් කර හැරියේය.
ක්ලිපර් යානය සම්බන්ධ කළ ස්පේස් එක්ස් සමාගමේ ෆෝල්කන් හෙවි රොකට්ටුව ගුවන්ගත කෙරුණේ ෆ්ලොරීඩා ජනපදයේ කැනවරල් තුඩුවේ ඇති කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි.
පෘථිවි කක්ෂයට යද්දී, ෆෝල්කන් රොකට්ටුවෙන් වෙන් වුණු ‘ක්ලිපර්’ රොබෝ ගවේෂණ යානය, යුරෝපා චන්ද්‍රයා බලා වසර 6 ක් තිස්සේ, කිලෝ මීටර් බිලියන 3 ක් ගමන් කරනු ඇත.
බෘහස්පතිට චන්ද්‍රයන් බොහෝ ප්‍රමාණයක් ඇති අතර, යුරෝපා යනු එයින් එක් අයිස්වලින් සමන්විත චන්ද්‍රයෙකි. මෙම චන්ද්‍රයා සොයා ගත්තේ ගැලීලියෝ ගැලීලිය. විද්‍යාඥයන් අනුමාන කරන්නේ යුරෝපා චන්ද්‍රයාගේ මධ්‍යයේ මහා සාගරයක් ඇති බවත්, ඒවායේ ක්ෂුද්‍ර ජීවීන් වැනි පිටසක්වල ජීවීන් සිටිය හැකි බවත්ය.
මිසින් රොබෝ යානයක් යුරෝපා චන්ද්‍රයා ගවේෂණයට යැවුණු පළමු අවස්ථාව මෙයයි. ‘ක්ලිපර්’ යානය, කෙලින්ම බෘහස්පති බලා යන්නේ නැත. 2025 පෙබරවාරියේ අඟහරු වටාත්, 2026 දී යළිත් වරක් පෘථිවිය වටාත් ගමන් කරමින් අඟහරුගේත්, පෘථිවියේත් ගුරුත්ව බලය යොදා ගනිමින් අවහ්‍ය වේගය ලබා ගෙන, කැටපෝලයකින් ගල් කැටයක් විදිනා ආකාරයට, ඉන්පසු බෘහස්පති බලා වේගයෙන් ඇදී යයි.
‘ක්ලිපර්’ රොබෝ යානය යුරෝපා චන්ද්‍රයාට ළං වනු ඇත්තේ 2030 වසරේදීය. යානය ඉන්පසු යුරෝපා චන්ද්‍රයා අසලින් ගමන් කරමින්, ඡායාරූප ගැනීම, දත්ත රැස් කිරීම සහ චන්ද්‍රයා සිතියම්ගත කිරීම සිදු කරනු ඇත. යානය සූර්ය බලයෙන් ක්‍රියාත්මක වෙයි.
‘ක්ලිපර්’ මෙහෙයුම සඳහා වැය වන මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 5.2 කට වඩා වැඩි යැයි නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(ඒ.එෆ්.පී.)
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නාසා යානය රහස් සොයන්න යයි
සෙනෙවිරත්න Tuesday, 15 October 2024 06:20 AM
අප සූර්යග්‍රහ මණ්ඩලයේම ග්‍රහයෙක් වන බ්‍රහස්පති වෙත යාමට වසර හයක් ගතවේ නම් විශ්වයේ වෙනත් තරු ග්‍රහයින් කොපමණ දුරකින් වේදැයි අනුමාන කළ හැකිය. මෙවන් දුරකින් ඇති ලෝකවල අප මියගිය පසු උපදින්නේ යැයි සිතිය හැකිද?