(චන්ද්‍රසේන ගමගේ)
තංගල්ල කාල්ටන් නිවසට ගල් ප්‍රහාර ඒල්ල කිරීම සහ තංගල්ල බෙලිඅත්ත පාරේ පිහිටි කාල්ටන් පෙර පාසලේ පරිපාලන ගොඩනැගිල්ලට ඉකුත් මැයි 9 වැනි දා ගිනී තැබීම යන චෝදනා සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රී (ඒජාප) නිහාල් වෙදආරච්චි හෙට දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි තංගල්ල වැඩබලන මහෙස්ත්‍රාත් රංජිත් ගුණසේකර මහතා නියෝග කළේය.
තංගල්ල මුලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් නිහාල් වෙදආරච්චි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබුණි.
තංගල්ල කාල්ටන් නිවසට ගල් ප්‍රහාර ඒල්ල කිරීම සහ තංගල්ල බෙලිඅත්ත පාරේ පිහිටි කාල්ටන් පෙරපාසැලේ පරිපාලන ගොඩනැගිල්ල ට ගිනී තැබීම යන චෝදනා වලට නිහාල් වෙදආරච්චි අත් අඩංගුවට ගෙන තිබුණි.
වැඩ බලන මහේස්ත්‍රාත් වරයා හමුවේ කරුණු දැක් වූ පොලීසිය ඉහත චෝදනාවලට ඇප ලබා දීමට විරුද්ධ නොවන බව පැවසීය.
ඒහෙත් සැකකරුට පොලීසිය විසින් ගොනුකොට තිබූ තුන් වැනි චෝදනාවට ඇප ලබා දීමට විරුද්ධ වන බව පොලීසිය අධිකරණයට දැන්වීය.
අත් අඩංගුවට ගැනීම සදහා ඔහුගේ නිවසට ගිය අවස්ථාවේදී පොලිස් රාජකාරියට බාධා කොට ඒ් අවස්ථාවේ ඒම ස්ථානයට පැමිණි අයකු සමාජ මාධ්‍ය හරහා එය සජීවී ලෙස සමාජ ගත කිරීම නිසා පොලිස් රාජකාරිය අපකීර්තියට පත් කිරීමේ චෝදනා සැකකරුට ගොනු කර තිබුණි.
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නිහාල් වෙදආරච්චි හෙට තෙක් රිමාන්ඩ්
ajith Friday, 12 August 2022 02:17 AM
මෙවැනි පුද්ගලයන් නැවත එජාප දේශපාලනයට සම්බන්ධ කර නොගත යුතුවේ.
ලුම්බිණි Friday, 12 August 2022 05:22 AM
මතකනේ පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම සහ පහරදීමට තැත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තංගල්ල නගර සභාවේ හිටපු සභාපති රවිඳු වෙදආරච්චි. ඔක්කොම එක ජාතියේ කට්ටිය.
Bamunuarachchi Friday, 12 August 2022 06:59 AM
හුස්ම යනතුරු බෙල්ලෙන් එල්ලා තැබීමට නියම කරමි.
Nethush Gamage Friday, 12 August 2022 08:09 AM
එතකොට පක්ෂයේ කවුද ඉතුරුවෙන්නේ? මිනිස්සුන්ට තිස් තුන් වදදී ඒ මර ලතෝනි අහ අහ මස් කකා මධුවිත තොලගාපු රනිල් ලොක්කත් එතකොට එළියෙනේ.