IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


නෙළුම් කුළුණෙන් පැන්න ඇමෙරිකානුවාට පිම්ම වැරදේ

(ගයාන් සූරියආරච්චි සහ ආරියරත්න රණබාහු)

කොළඹ නෙළුම් කුළුණේ ඉහළ සිට බේස් පැනීමේ ඉසව්වට ඊ සහභාගිවූ විදේශ ජාතිකයකු පැරෂුටය ක්‍රියාත්මකවීමට ප්‍රමාදවීමෙන් පිම්ම වැරදී නෙළුම් කුළුණේ පහළ කොටසේ වැදී තුවාල ලබා පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.

මෙසේ තුවාල ලබා ඇත්තේ 46 හැවිරිදි ඇමෙරිකන් ජාතික පුද්ගලයකු බව පොලිසිය පවසයි.

බේස් පැනීමේ ඉසව්ව ඊයේ (12) නෙළුම් කුළුණේදී ආරම්භ කෙරුණු අතර අද (13) දිනයේද එම ඉසව්ව පැවැත්වුණු බව පොලිසිය පවසයි.

එහිදී තුවාල ලැබූ ඇමෙරිකන් ජාතිකයා නෙළුම් කුළුණේ ඉහළ සිට බේස් පැනීමේ ඉසව්වට සහභාගිවී තිබූ අතර ඒ අතරවාරයේදී පැරෂුටය ක්‍රියාත්මකවීමට ප්‍රමාදවීම හේතුවෙන් බිමට පතිතවීමේ ඉලක්කය වැරදී නෙළුම් කුළුණ පහළ කොටසේ එම ක්‍රීඩකයා වැදීමෙන් පාදවලට තුවාල සිදුවීම හේතුවෙන් රෝහල් ගත කර ඇති බව පොලිසිය පැවසීය.

බේස් පැනීමේ ඉසව්ව අද (14) දිනයේත් පැවැත්වීමට නියමිතය.

 

 



අදහස් (9)

නෙළුම් කුළුණෙන් පැන්න ඇමෙරිකානුවාට පිම්ම වැරදේ

ජගත් ලියනගේ Monday, 13 May 2024 02:41 PM

පැරශූට් හරියට වැඩ කරනවා ද නැද්ද යන්න කලින් සොයා බලල, ඔය වැඩ කරනවා නං හොඳයි .

:       9       26

sudddaMonday, 13 May 2024 04:01 PM

පැරශූට් හරියට වැඩ කරනවාද බලන්න තමයි බිමට පැන්නේ... ඒක වැඩ කරන්නේ නෑනේ...!

:       5       22

Prabha Monday, 13 May 2024 04:16 PM

ජගත් පොඩ්ඩක් කියලා දෙනවද? ඒක කොහොමද කරන්නේ කියලා...?

:       4       15

සෙනෙවිරත්න Monday, 13 May 2024 02:53 PM

විදේශිකයාට පැරෂුටයක් වත් තිබුණා, අපට වෙන්නේ නිකන්ම බිමට වැටෙන්න...!

:       10       37

උපුල් Monday, 13 May 2024 04:55 PM

නෙළුම් කුළුණ හදපු කෙනාගෙ පුතා ඉස්සෙල්ලා බිමට පන්නලා අවුලක් නැත්තං අනික් අය පැන්නුවා නම් හරි නේද?

:       10       40

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Monday, 13 May 2024 08:41 PM

ඔය කණුව හිටවන්න මුලින්ම ඕන උනේ මැදමුලන හැරමිටි මයිනාගෙ ගොබ්බ කොළුවා වන අනාගත ජනාධිපති වීමට දවල් හීන දකින නාමල් පැංචාය. මේකා දිවා ආහාරයෙන් පසුව ගොරව ගොරවා නිදියන විට මාර හීනයක් දැක්කලු. විගහට අවදි වුණු නාමල් නාම්බා ජනපති මයිනා ගෙ ඔපිසි කාමරයට කඩාවැදී, නිදි කිරමින් හිටපු මයිනා අවදිකර...." අප්පච්චි, ප්‍රංශය ලොක ප්‍රසිද්ධ උනේ පැරීසියේ තිබෙන අයිෆල් කුළුණ නිසාය. අපි ඊටත් වඩා උස කුලුණක් හදලා ප්‍රසිද්ධ වෙමු" කිව්වා....( මෙය සත්‍ය සිදුවීමක් බව සලකන්න) මයිනා ගෙ අතිජාත මිත්‍රයා වන ෂී ජින් පිං- පොං ගෙන් ගිනි පොලියට ණයක් අරන් හදපු එක තමා නාමල් නාම්බා කූළුණ කියන්නේ!!! අර ඇමරිකානුවා වෙනුවට නාම්බා පැරෂුටයක් නැතිවම යවන්න තිබ්බ නෙද??

:       0       6

වීර Monday, 13 May 2024 11:03 PM

කෙහෙල් රබුක් මාත් පිටරට ගිහිං පැන්නා.. මෙග පුතත් චූ කරන්න ප්ලේන් ඒකෙ දොර අැරල පනිනවා හා හා හා..

:       0       0

Ari Sam Tuesday, 14 May 2024 05:17 AM

මම හිතන්නේ බදු ගෙවන්නන්ගේ මුදල් වියදම් කරන විදේශිකයන්ට රජයේ රෝහල්වල, එක්කෝ තුවාල වූවන් හෝ වෙනත් ආකාරයකින් අසනීප වූවන්ට ප්‍රතිකාර කිරීමට වැය කරන එකම රට ශ්‍රී ලංකාවයි. වෙනත් රටවල විදේශිකයන්ට ප්‍රතිකාර සඳහා මුදල් ගෙවිය යුතුයි. ඔවුන්ගේ රැකියා වීසා බලපත්‍රය වසර X ට වඩා අඩු නම් විදේශීය ශ්‍රමිකයන්ට ද මෙය අදාළ වේ. අපේ වියදමින් විදේශිකයන්ට සලකන්නේ ඇයි?

:       0       0

Mr. Tuesday, 14 May 2024 07:08 AM

පැරෂුටය චෙක් කරන්න ඕන නැහැ.... පනින කෙනා තමයි චෙක් කොරන්ට ඕන... බයියෙක් නෙවෙ නම් අවුලක් නැහැ... බයියො නම් පන්නන්න එපා.. හාල් පොත වගෙ තියෙන චන්ද ටිකටත් කෙලවෙන වැඩක් ඕක..

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

යාපනය බන්ධනාගාර රැඳවියෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 2 0

හදිසි අසනීප තත්ත්වයක් මත ප්‍රතිකාර සදහා යාපනය රෝහලට ඇතුළත් කළ යාපනය බන්ධනාගාරයේ රදවා සිටි රැදවියකු මියගොස් ඇති බව යාපනය පොලිසිය පවසයි.


බ්‍රිතාන්‍ය රණකාමියාගේ අළු ත්‍රි’මලේ මුහුදේ පා කරයි
2024 සැප්තැම්බර් මස 29 217 0

1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු


උඩරට මැණිකේට අසූචී ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 528 0

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නි


මාලඹෙි වෙල්යායක හිස නැති සිරුරක්
2024 සැප්තැම්බර් මස 29 394 0

මාලබේ තුන්අදහේන නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මිනිස් ශරීරයක් අද (29) දින උදෑසන හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


මිනුවන්ගොඩ සැලොන් හිමිකාරිය අත්අඩංගුවට ගන්න යළි නියෝග
2024 සැප්තැම්බර් මස 29 306 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසුව කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටින මිනුවන්ගොඩ රූපලාවණ්‍යාග


පොහොට්ටුවෙන් තරුණයන්ට වැඩි අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 29 209 0

ශ්‍රී ලංකා පොදුජන මහ මැතිවරණයට නාමයෝජනා දීමේදී තරුණයින්ට, පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින්ට වැඩි අවස්ථාවක් දීමට කටයුතු කරන බව එම පෙරමුණේ ජාතික සංව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38015 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25035 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 782 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 282 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site