IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු

(කේ.ආර්.රජමන්ත්‍රී)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක් සහිතව පැමිණි තරුණයන් දෙදෙනකු සැකපිට අත් අඩංගුවට  අඹගස්දෝව පොලිසිය පවසයි.

ජනාධිපති අපේක්ෂක හා පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවති රැස්විමේ ආරක්ෂාව සදහා අවට පොලිස් ස්ථානවලින්ද නිළධාරින්ද කැදවා තිබුණි.

එම රැස්විම පැවැත්වෙන අතරතුරදි ඌවපරණගම ප්‍රදේශයේ පදිංචී පාසැල් සිසුවකු  හා විශ්ව විද්‍යාල සිසුවකු  රැස්ව්ම් ශාලාවට ඇතුළු විමට උත්සහා දැරිමේදි එහි සිට් අඹගස්දෝව පොලිසිය හා බණ්ඩාරවෙල විශේෂ අපරාධ අංශයේ පොලිස් නිළධාරින් විසින් පරික්ෂාවට ලක්කර තිබේ.

එම තරුණයන් සන්තකයේ ප්ලාස්ටික් පිස්තෝලයක් තිබි හමුවිමෙන් පසු ඔවුන් අත් අඩංගුවට ගෙන මෙසේ වැලිමඩ පොලිසියට භාරදුන් බව අඹගස්දෝව පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ආර්.එම්.එස් .රත්නායක මහතා පවසයි.

තම දෙමාපියන් එම රැස්විම් ශාලාවේ සිටිම නිසා තමන් දෙදෙනා ආපසු නිවෙස් බලා යන බවට දැනුම්දිමට මෙසේ රැස්විම් ශලාවට පැමිණි බවට පැවසු බවත් වැලිමඩ පොලිසිය පවසයි.

 



අදහස් (13)

නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු

funtime Saturday, 07 September 2024 09:28 PM

හානේ ...මහින්ද මහත්තයා ඡන්දේ කරද්දී වගේමයි. කොටි නැගිටින සීන් එකට ළඟින් යන්නේ... (හෙට නිව්ස් එක ; නාමල් මහතා සිසුන් නිදහස් කරන මෙන් ඉල්ලා සිටියි..)

:       0       0

Vipul Saturday, 07 September 2024 10:03 PM

සෙල්ලම් පිස්තෝල වැඩක් නෑ... කොල්ලෝ... ඇත්ත එකක් ගෙනෙල්ලා..!

:       0       0

Nandalal de Silva - France Saturday, 07 September 2024 10:34 PM

සෙල්ලම් පිස්තෝලයකට බය මිනිහෙක්ද රටේ ජනාධිපති වීමට තටමන්නේ? ඇත්ත එකක් වුණා නම් තමයි කුරහන් සාටකේත් බිම හැලි හැලී අප්පච්චි ළඟට දුවගෙන දුවගෙන යන්නේ...!!!

:       0       0

පැරකඅම් Saturday, 07 September 2024 10:59 PM

අහිංසකයින් දෙන්නෙක් බව පැහැදිලියි...!

:       0       0

Prabha Saturday, 07 September 2024 11:00 PM

අපරාදෙ මැණික් මල්ලක් අරන් යන්න තිබුණේ...!

:       0       0

Chandima Saturday, 07 September 2024 11:18 PM

පව්. කොල්ලො මන්ත්‍රී කිට් එකක් ඇඳගෙන උන්නනම් ඇත්ත පිස්තෝලයක් පතුරොම් පුරෝලම ඉනේ ගහගෙන ස්ටේජ් එකටම නගින්න තිබුනා.

:       0       0

sam Sunday, 08 September 2024 12:41 AM

බේබි එක්ක සෙල්ලම් කරන්න ඇවිත් වගේ

:       0       0

Randika Sunday, 08 September 2024 02:25 AM

මේ පාර දිනන නිසා තර්ජන වැඩි ඇති

:       0       0

Dayasena Sunday, 08 September 2024 06:17 AM

දෙමාපියන්ට කීකරු දරුවො කියන්න පුළුවන්. ඒත් ඉතින් විශ්ව විද්‍යාල සිසුවෙක් සෙල්ලම් පිස්තෝලයක් අරගෙන ඇවිල්ලා ඇත්තෙ පොහොට්ටුවෙ සැලසුමක් වෙන්න පුළුවන්. මොකද ජනතාව කැමැත්තක් නැතිම කෙනෙකුට ජීවිත තර්ජනයක් තියෙනවා කියලා මවාපෑමක් කරන්න කරපු දෙයක් කියලා කාටවත් හිතන්නේ නැද්ද.

:       0       0

අමා Sunday, 08 September 2024 06:26 AM

බේබි ජෙප්පො වෙන්න ඇති

:       0       1

Asith Sunday, 08 September 2024 06:47 AM

සිඟිති පාතාලේ. මොවුන් තමයි මළ ගෙදර පෝස්ට් වලටත් අපි නම් මාලිමාවට කිය කියා හැමතැනම වැළලෙන්නේ... ඡන්දෙත් නැතුව ඇති තාම...!

:       0       0

sukitha Sunday, 08 September 2024 04:13 PM

ට්‍රයල් එකක් වෙන්න බැරි නෑ ආරක්ෂාව පරික්ෂා කරන්නත් එක්ක.

:       0       0

Ranjan Monday, 09 September 2024 06:12 AM

නාමල් බබෙක් නිසා සෙල්ලම් කරන්න ගෙනාපු දේ දෙන්න කරුණාකරලා

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

වසන්ත නිසා කවිරත්න වේදිකාව වර්ජනය
2024 සැප්තැම්බර් මස 16 712 0

සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවට නැග සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා වේදිකාවෙන් බැස යන තුරු මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී


පන්නල පොලිසියට පාප්ප ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 16 225 0

පන්නල ඇලබඩගම සුහද ජනපදය මාර්ගයේ එක්තරා දේශපාලන පක්ෂයකට අයත් දැන්වීම් අලවමින් සිටි දෙදෙනකු අත්අඩංගුවට ගිය පොලිස් කණ්ඩායමක පාප්ප බාල්දි පාරක් කෑමට වූ


ශිෂ්‍යත්ව පේපරය බෙදන්න කලින් පිට කරලා
2024 සැප්තැම්බර් මස 16 490 0

අනුරාධපුර, රත්මලේ තිස්ස විදුහලේ පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කිය


ජනපති අපේක්ෂක සීලරතන හිමිට අ:පුරේදී මැර තර්ජන
2024 සැප්තැම්බර් මස 16 734 0

ජනසෙත පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට සහ ඔහුගේ ආරක්ෂකයාට ඊයේ (15) රාත්‍රී අනුරාධපුර නව බස් නැවතුම්පොළේදී පිරිසක් පරුෂ වචනයෙන


ජල ගැලුම් නිම්නයේ වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 16 184 0

පොළොන්නරුව ජලගැලිම් නිම්න ජාතික වනෝද්‍යානයේ වැලිකන්ද කටුවන්විල ප්‍රදේශයේ, සංවිධානාත්මක දැව ජාවාරම්කරුවන් පිරිසක් විසින්ම දිගු කලක සිට අක්කර පනහකට


ලංකාවට යන්නේ පරිස්සමෙන්: ඇමෙරිකාවෙන් උපදෙස්
2024 සැප්තැම්බර් මස 16 599 0

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනය යාවත්කාලීන කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2132 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site