( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මහර බන්ධනාගාර නියාමකවරයකුගේ නිවසේදී පැවති මත් සාදයෙන් අනතුරුව රෝගී වූ පුද්ගලයෙක් මියගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය කියයි.
සාදය සංවිධානය කළ බව කියන බන්ධනාගාර නියාමකවරයාද බරපතල තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන බවත් අනෙක් පුද්ගලයාද ප්‍රතිකාර ලබන බවත් පොලිසිය සඳහන් කරයි.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ වැල්ලම්පිටිය වෙන්නවත්ත ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් සුබේයිර් නොහොත් සුමේද (46) නමැති පුද්ගලයෙකි.මත්පැන් සාදය පැවැත් වූ ස්ථානයේ තිබී අඩක් අවසන් කළ ඉස්තරම් වර්ගයේ විස්කි බෝතල් දෙකක් හා බයිට් වර්ගද පොලිස් භාරයට ගෙන ඇත.
මියගිය පුද්ගලයා ඉන්දියාවේදී අභිරහස් ලෙස මියගිය බව කියන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන අංගොඩ ලොක්කාගේ සමීපතමෙකු බවත් ඔහු මීට පස් වසරකටඉහතදී හොරයින් මත්කුඩු කිලෝ 54 ක් හා ටී 56 ගිනි අවි 3 ක් සමග කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිට මෑතකදී අධිකරණය මගින් ඇප මත මුදා හැරිය පුද්ගලයකු බවත් පොලිසිය සඳහන් කරයි.
වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද සවස සාර්ථකව අවසන් විය.
දින දහයක් පුරා පැවැති ඓතිහාසික සිරි දළඳා දැක්මේ කාලයේ මහනුවර නගරයට පැමිණී ලක්ෂ දහයකට අධික ජනතාවගේ යටිතල පහසුකම් සලසා දීම වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා
අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමට පෙර අපොස උසස් පෙළ (2024) විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ තුනක් ලබා ගැනීමට පා
නුවරඑළියට අද සවස කෙටි කාලයක් තුළ ඇද හැලුනු මහා වර්ෂාවෙන් නුවරඑළිය නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට විය.
සිය බිරිඳට පීහියෙන් ඇන ඝාතනය කර සිරුර දෙකට කපා බෑණා ලවා ස්ටේට් පුර කුණු ඇලට දැමූ සැකකාර සැමියා සහ බෑණා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා සම්බන්ධයෙන් විමර්ශන කෙරෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් ය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නියාමක නිවසේ සාදයේදී මත් ජාවාරම්කරු මිය යයි
sam Sunday, 27 April 2025 12:41 PM
ඔය එළියේ ඉන්නේ ඔය නියාමකයත්... කුඩු වෙළෙන්දෙක් වෙන්න ඇති... ඒකයි හිරෙන් නිදහසු වුණු කුඩ්ඩෙක් එක්ක සාද දාලා තියෙන්නේ... වහාම නියාමකගේ වැඩ තහනම් කරලා පරීක්ෂණ පවත්වන්න...
නිමල් Sunday, 27 April 2025 12:48 PM
බන්ධනාගාර ඇතුළේ අඩු නැතිවම ජංගම දුරකථන, මත්ද්‍රව්‍ය තියෙන්නේ කොහොමද කියලා මෙවැනි සිදුවීම් වලින් මිනිස්සුන්ට අවබෝධ වෙනවා...
බකල ජයා Sunday, 27 April 2025 12:54 PM
වැටත් නියරත්....
ජිල්බු Sunday, 27 April 2025 12:57 PM
ඉස්තරම් කිව්වේ ඩබල් බ්ලැක් ද ජොන්ස්ටා ස්පෙෂල්ද?
සචිත් Sunday, 27 April 2025 02:22 PM
හරක් කටා ගාව දුරකථනයක් තිබ්බා කියලා පැති කීපයක් ඔස්සේ පරීක්ෂණ කරනවා කියලා තව පුවතක් තිබ්බා. මේ පුවතෙන් පේනවා වැඩිය මහන්සි නොවී මොන පැත්තෙන්ද පරීක්ෂණ කරන්න ඕනෑ කියලා.
Perera Sunday, 27 April 2025 03:37 PM
පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සමග බන්ධනාගාරය අතර සමීප සම්බන්ධතා ඇති බවට මෙයත් නිදසුනක්...