(යොහාන් භාසුර)
විදුලිබල පද්ධතිය හදිසියේ නරත කිරීමට සිදුවුවද නොරොච්චෝලේ බලාගාරයට හදිසියේ නතරවීමට නොහැකි බවත් එම අවස්ථාවේදී ආරක්‍ෂක පද්ධතිය ක්‍රියාත්මක වූ පසුව බලාගාරය නැවත පණ ගැන්වීමට දින හතරක් පමණ ගතවන බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා අද (11) පැවසීය.
විදුලිබල සැපයුම සම්බන්ධයෙන් උද්ගතවී ඇති තත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් තිලක් සියඹලාපිටිය මහතා එසේ සඳහන් කළේය.
එම තත්වය නොරොච්චෝලේ බලාගාරයේ සැළසුමේ තිබෙන කොටසක් මිස එහි දෝෂයක් නොවන බවත් එම අවස්ථාවේදී ආරක්‍ෂක පද්ධතිය ක්‍රියාත්මක වූ පසුව බලාගාරය නැවත පණ ගැන්වීමට පෙර එම ආරක්‍ෂිත වෑලය නැවත ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ මහතා කීය.
එය ස්ථාපිත කිරීම සදඟා දින කීපයක් ගතවන අතර ඒ සඳහා දින හතරක් පමණ ගතවීම දෝෂයක් නොවන බව කී ඒ මහතා පසුගිය ඉරිදා සේ විදුලිබල පාරිභෝගික ඉල්ලුම නොමැතිවීම නිසා නතර වීමට සිදුවන බව ඒ මහතා සඳහන් කළේය.
විදුලිබල සමීකරණයේ කොටසක් වන පාරිභෝගික ඉල්ලුම මෙන්ම සැපයුම කළමණාකරනය කිරීම සඳහා විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන අංශය නිතිපතාම සැළසුම් කර පද්ධතිය පවත්වාගනෙ යෑමට කටයුතු කරන බව කී ඒ මහතා නිවාඩු දිනයට පාරිභෝගික ඉල්ලුම අඩු වුවත් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් නිෂ්පාදනය වන විදුලි ප්‍රමාණය ඒ ඒ ප්‍රභවයේ ප්‍රමාණය අනුව තීරණය වන බව ද සඳහන් කළේය.
දිනයේ මැද පැය හතරක පමණ කාලයක සූර්ය බලාගාරවලින් කරන නිෂ්පාදනය ඉතාම වැඩි බව කී සභාපතිවරයා නමුත් නිවාඩු දිනවල ඒ සඳහා ඉල්ලුම අඩු බව ද කීය.
මෙම සමතුළිතතාව සෑම වෙලාවකම පත්වාගෙන යෑමට උත්සහ කරන අතරේ යම් බාධාවක් පද්ධතියට ඇතිවුවහොත් එම වේලාවේ පද්ධතියේ ඇති බලාගාරත්, එම වේලාවේ පද්ධතිය මත තිබෙන පාරිභෝගික ඉල්ලුමත් යන කරුණු දෙක අනුව බිඳවැටීම දුරදිග යනවාද පාලනය කරගතහැකිද යන්න තීරණය වන බවත් ඔහු පැවසීය.
නොරොචචෝලේ බලාගාරය මෙරට විදුලි පද්ධතියේ ශක්තිමත්ම බලාගාරය වීම නිසා මෙරට විදුලි පද්ධතිය තදින් බැදතබාගැනීමට පවිච්චි කරන බලාගාරය නොරොච්චෝලේ බලාගාරය බවත් එහි ධාරිතාව, භ්‍රමණ වේගය වැඩි මෙන්ම එහි නිෂ්පාදන වියදම තෙල් බලාගාරවලට වඩා අඩු බව ද ඒ මහතා කීය.
නොරොච්චෝලේ බලාගාරය හදිසියේ ක්‍රියාකරවීම සහ ක්‍රියාවිරහිත කිරීම කළ නොහැකි බව ද සඳහන් කළ ඒ මහතා පැවසුවේ බාලාගාරය නතර වෙද්දී එහි අධික හුමාල පීඩනයක් පැවතීම නිසා බලාගාරයේ ආරක්‍ෂාව සඳහා එක්තරා වෑලයක් ක්‍රියාත්මක වන බවත්ය.
ලංකා විදුලිබල මණ්ඩලයේ පසුගිය වසරේ විදුලි සැපයුමෙන් සියයට 52 ක් පුනර්ජනනීය ප්‍රභවවලින් ලැබුණු බවත් ඒවායෙන් වැඩි ප්‍රමාණයක් රටපුරා විහිඳුණු කුඩා සූරියබලාගාර, වහළ මත සූර්ය කෝෂ, කුඩා ජල විදුලි බලාගාර, සුළං බලාගාර, ස්වල්පයක් වන දැව ඉන්ධන බලාගාරවලින් විදුලිය ලැබෙන බවත් ඒ මහතා කීය.
එම ප්‍රභවයන් ක්‍රියාත්මක වෙද්දී ඒවාට සහයෝගය දීම සඳහා ප්‍රධාන ධාරාවේ විදුලි බලාගාර ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය බවත් පද්ධතිය එකට බැද තබාගන්න සියලුම බලාගාර එකතු වියයුතු බවත් ඔහු පැවසීය.
ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා වැඩි දුරටත් පැවසුවේ ඉන්දියාවේ නොරොචචෝලේ වැනි බලාගාර 60 පමණ තිබුණ ද ශ්‍රී ලංකාවට එකක් පමණක් ඇති බවත්ය.
මෙවර අයවැයෙන් රැකියා 30000ක් පමණ දෙන්න වැඩ පිළිවලක් අපි හදලා තියෙනවා,ඔබේ රාජකාරියට අපි ඇගිලි ගහන්නේ නෑ නිදහසේ වැඩ කරගෙන යන්න අවස්ථාව දෙනවා ඔබ සත්භාවයෙන්
සංචාරකයන් ලෙස පැමිණ , වීසා නොමැතිව මෙරට රැඳී සිටි චීන ජාතිකයන් දොළොස් දෙනකු හා වියට්නාම් ජාතිකයකු වහාම මෙරටින් පිටුවහල් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍ර
අවමගුල් නිවසක කාන්තාවක සම්බන්දයෙන් ඇතිවූ කතාබහකින් පසු පුද්ගලයකුගේ තියුණු ආයුද ප්‍රහාරයකට ලක් වූ කාන්තාවකට සහ තවත් පුද්ගලයන් තිදෙනකුට රෝහල් ගත කළ බ
ආණ්ඩුව වෙනස් වුණාට රජය වෙනස් වී නැහැ.එම නිසා පරණ පුරුදු වැඩ රටාව තවමත් රජයේ ආයතන තුළ ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම වාරිමාර්ග සහ පශු සම්පත් අමාත්‍ය කේ.ඩී. ල
විදුලි කප්පාදුව නතර කරන දිනයක් ගැන නිශ්චිතව කිව නොහැකි යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ශ්රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහනායක පදවිය පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට රජය තීරණය කළේය.
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
නොරොච්චෝලේ බලාගාර හදිසියේ නතර කරන්න බෑ
මාලිමා කයියෙක් Tuesday, 11 February 2025 06:51 PM
ඒ කොහොම උනත් ඕක හැදුවේ මයිනා. ඒ වගේම චීනෙත් එක්ක එකතු වෙලා. ඒක නිසා ඕක වහලා දාලා ඕකේ තියෙන යන්ත්‍ර සූත්‍ර ටික පරණ යකඩ වලට විකුණන්න ඕනේ.
රම්බොඩ Tuesday, 11 February 2025 07:39 PM
ප්‍රශ්න තියෙනව නම් ඒවට විද්‍යාත්මක ප්‍රතිකර්ම යොදන්න ඕන. කියව කියව නොඉඳ. වෙන රටක ඔය විදිහට රටේම විදුලිය එකවර නතර වුණා නම් අයියලා ගෙදර.