( රොමේෂ් මධුෂංඛ)
වව්නියාව සාන්තසෝලෙයි ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට පහරදුන් බවට සැක කෙරෙන තරුණයා අත්අඩංගුවට ගත් බව වව්නියාව පොලීසිය පවසයි.
පසුගිය 09 වනදා සවස වව්නියාව සාන්තසොලෙයි ප්‍රදේශයේදී රාජකාරීකටයුතු කරමින් සිටි මහජන සෞඛ්‍ය පරික්ෂක වරයෙකු විසින් මුඛ ආවරණ නොපැළඳ සෞඛ්‍ය නීති කඩකරමින් යතුරුපැදියක ගමන් කරමින් සිටි තරුණයෙකු නවතා ප්‍රශ්න කිරීමට ගත් උත්සහයකදී අදාල තරුණයා විසින් මහජන සෞඛ්‍ය පරික්ෂක වරයාට පහරදී ඇතැයි පොලිසිය කියයි.
පහරකෑමෙන් මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා රෝහලගත කළ අතර පහරදීම සිදුකල පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා වව්නියාව පොලීසිය පුලුල් පරික්ෂණයක් ආරම්භ කරනු ලැබීය.
සැකකාර 25 හැවිරිදි තරුණායා සාන්තසෝලෙයි ප්‍රදේශයේම සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර එම තරුණයා වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද පොලීසිය පැවසීය.
වඳසැත්කම් කළැයි චෝදනා ලැබ සිටි කුරුණෑගල රෝහලේ හිටපු වෛද්‍යවරයකු ෂාපි සහබිදීන් මොහොමඩිට එරෙහි සියළුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කුරුණෑ
විදේශගත නොවන බවට හිටපු සුරා බදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිව් දෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ලබා
ඇමෙරිකා ජනාධිපතිවරණයේ ජයග්‍රහණය අභියස සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඒ, ජෝර්ජියා සහ උතුරු කැරොලිනා යන ජනපදවල ජය තහවුරු කර ගැනීමෙන් පසුවය.
පුද්ගලයකු සාවද්‍ය ලෙස අත්අඩංගුවට ගෙන නොයෙක් ප්‍රදේශවලට රැගෙන ගොස් රඳවා තබා ගනිමින් ඔහු සතු මුදල් සහ දේපළ බලෙන් ලබාගෙන ගිනි අවි පෙන්වා මරණීය තර්ජනය කළ
පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය
මහා භාණ්ඩාගාරයේ ඉහළ කළමනාකාරීත්වය සඳහා නිලධාරීන් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පී:එච්:අයි ට පහරදුන් තරුණයා අත්අඩංගුවට