IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


පොකැට්ටුවට තට්ටුකරන ගැබිණි කල්ලියක් අල්ලයි

(බී.ජි චතුරංග) 

බස් වල ගමන් කරන මගීන්ගේ මුදල් පසුම්බි, රන් ආභරණ ඇතුළු දේපල සොරකම් කිරීමේ නිරත, සංවිධානාත්මක ගැබිනි කාන්තා කල්ලියක සාමාජිකාවන් තිදෙනකු  රුපියල් ලක්ෂයකට වැඩි හෙරොයින්  මත්කුඩු , කොල්ලකන ලද ලක්ෂ දෙකකට ආසන්න රන්මාලයක් සහ මුදල්  සමඟ අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

 මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, තඹුත්තේගම කුඩාගම සහ බුලත්සිංහල පාර ඉංගිරිය  යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 20, 23 සහ 30වියේ පසුවන ගැබිනි  කාන්තාවන් දෙදෙනකු ඇතුළු කාන්තාවන් තිදෙනෙකි. 

කොළඹ සිට අනුරාධපුර දක්වා තඹුත්තේගම  හරහා ධාවනය වූ පෞද්ගලික බස් රථයක ගමන් මගී කාන්තාවක්  තම ගෙල බැඳි රන මාලය බස් රථය තුලදී කවුරුන් හෝ කඩා ගෙන ඇති බවට පැවසීමත් සමග බස් රථය අනුරාධපුර මූලස්ථාන පොලිසිය වෙත ධාවනය කර, එහිදී  සිදු කළ පරීක්ෂාවකදී සැකකාරියන්  තිදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 

සංවිධානාත්මක අපරාධ ක්‍රියාවල යෙදෙන මෙම  කාන්තාවන් ඇතුළු කාන්තාවන් කල්ලිය දිවයිනේ විවිධ ප්‍රදේශවල සොරකම් සිද්ධි රැසකට   සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.



අදහස් (4)

පොකැට්ටුවට තට්ටුකරන ගැබිණි කල්ලියක් අල්ලයි

Hafeel Monday, 25 March 2024 03:02 PM

රටේ අනාගත වරාය ඇමතිනිලා.

:       1       23

රංබොඩ Monday, 25 March 2024 03:06 PM

අහිංසකව ජීවත්වන සාමාන්‍ය ජනතාව ගැබිණි මවක් දුටුවාම ගරු කරනවා, සලකනවා. ඒ මනුස්සකම වැරැදි ලෙස භාවිතා කරන නොමිනිසුන් මවුකමටත් නින්දා කරනවා...

:       0       29

T N T KoonMonday, 25 March 2024 03:29 PM

ඔය කල්ලිය ඇත්ත ගැබිනි මාතාවන්ද? නැත්නම් ගැබිනි මව්වරු වගේ වෙස් ගත්තු පිරිසක්ද කියලා බලන්න සමහර යූටියුබ් හරහා ගැබිනි කාන්තාවන් ලෙසට ව්‍යාජ උදරයන් හදාගෙන දූෂණ කරන අවස්ථා දකින්නට ලැබෙනවා..

:       0       20

Prabha Monday, 25 March 2024 08:21 PM

මේක යුරෝපයේ ජනප්‍රිය ක්‍රමයක්... අහුවුණාම හිරේදාන්නේ නෑ. නිවාස අඩස්සියේ පමණයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 149 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 168 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 244 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 228 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 227 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 157 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38511 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25352 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 912 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site