IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


පක්ෂයේ කටයුතු බාධාවකින් තොරව කරන්න පනවා තිබු වාරණය දිග් කරයි

(කේ බුද්ධික කුමාරසිරි)

විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පත් කර ගැනීමට පක්ෂයේ විධායක සභාව ගත් තීරණයට බාධා කිරීම සියලු පාර්ශව වලට වළක්වාලමින් කඩුවෙල දිසා අධිකරණය මගින් ලබා දී තිබූ වාරණ නියෝගය ලබන (31) දින දක්වා දීර්ඝ කිරීමට කඩුවෙල දිසා විනිසුරු දුලානි වික්‍රමසූරිය මහත්මිය අද (28) දින නියෝග කලාය.

ඒ සම්බන්ධයෙන් වූ වැඩිදුර විභාගය අද (28) දින කඩුවෙල දිසා අධිකරණයේදී යළි විභාග වූ අතර විජයදාස රාජපක්ෂ මහතාට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කටයුතු බාදාවකින් තොරව කරගෙන යාමට බාදා නොකරන ලෙසට පනවා තිබූ වාරණ නියෝගය ඉවත් කරන ලෙසට ඉල්ලමින් වග උත්තරකාර පාර්ශවය විසින් ගොනුකර තිබූ පෙත්සම වෙනුවෙන් කරුණු තහවුරු කිරීම ද එහිදී සිදු විය.

එදින පස්වරු 1.30 ට ආරම්භ වූ නඩු විභාගය පැය පහකට ආසන්න කාලයක් විභාග වූ අතර ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බලා ලබන 31 වෙනි දින යළි නඩු විභාගය පවත්වා නියෝගයක් ලබා දෙන බවද අධිකරණය තීරණය කරන ලදී.

ඉකුත් 13 වෙනි දින ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයින් දෙදෙනෙකු වන ඉසුරු අබේවර්ධන සහ සුමිත් සොයිසා යන මහත්වරු විසින් තම පක්ෂයේ විධායක සභාව ගත් තීරණය අනුව විජයදාස රාජපක්ෂ මහතාට පක්ෂයේ කටයුතු කරගෙන යාමට බාධා නොකරන ලෙස වග උත්තරකරුවන් 20 දෙනෙකුට නියෝගයක් කරන ලෙස ඉල්ලා දිසා අධිකරණය හමුවේ ඉල්ලීමක් සිදු කර තිබුණි.

මෙම නඩු විභාගය වන අවස්ථාවට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වැඩ බලන මහ ලේකම් දුමින්ද දිසානායක නීතිඥ පයිසර් මුස්තාපා ආදී පිරිසක් අධිකරණය වෙත පැමිණ සිටි ආකාරය දක්නට ලැබුණි .



අදහස් (2)

පක්ෂයේ කටයුතු බාධාවකින් තොරව කරන්න පනවා තිබු වාරණය දිග් කරයි

Krishan Wednesday, 29 May 2024 02:15 AM

ශ්‍රීලංනිප සමාජිකයන් විසින් අධිකරණය විහිළුවකට අරගෙන තියෙන්නේ දුමින්ද දිසානායක නිමල් සිරිපාල මහින්ද අමරවිර ඇතුළු අය කොළඹ දිසා අධිකරණයෙන් මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව විජේදාස රාජපක්ෂට එරෙහිව තහනම් නියෝග ගන්නවා ඊට පස්සේ මෛත්‍රී පිලේ අය කඩුවෙල දිසා අධිකරණයට ගිහින් නිමල් සිරිපාල පිලේ අයට එරෙහිව නියෝග ගන්නවා වැඩකරගෙන යන්න ඉඩදෙන්න කියලා එතකොට දෙපැත්තටම ඒ පක්ෂයේ වැඩකරගෙන යන්න බැ අධිකරණ නියෝග අනුව අනික පැහැදිලියි එකක් එක් එක් පාර්ශවයන් ඔවුන්ට වාසිදායක අධිකරණ බල ප්‍රදේශ වලින් නියෝග ගන්නා බවට එකම අධිකරණ බලයක් තිබෙන දෙකක් එකිනෙකට අභිබවා නියෝග දිය නොහැකි අධිකරණ මෙවා නිසා මිනිස්සු ඉදිරියේ අධිකරණය හැල්ලුවට ලක්වෙනවා දැන් තිබෙන්නේ ඔය අධිකරණ 2 විනිසුරුවන් දෙදෙනා කථිකාකොට ඔය නඩු දෙක මධ්‍යස්ථ එක අධිකරණයකට යොමුකිරීමයි නැතිනම් මේ දේශපාලකයන් නිසා අධිකරණය ජනතාව අතර විහිළුවකට ලක්විම වැලැක්වීමට නොහැකිය

:       0       4

උපුල් Wednesday, 29 May 2024 09:56 AM

අධිකරණ ඇමති කම දීපන් විජේ ළමයෙකුට

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

අනියම් පෙම මරණයෙන් අවසන් වෙයි
2024 සැප්තැම්බර් මස 29 110 0

සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ


අදත් සවස තද වැස්ස
2024 සැප්තැම්බර් මස 29 131 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.


හම්බන්තොට වරාය තුළදී සේවකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 706 0

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද


2023 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 29 486 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 3153 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


අතීත දොස් හොයනවට වඩා වගකීම ඉටු කරන්න
2024 සැප්තැම්බර් මස 28 21 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා රට ගොඩ නගන්නට ජනපති ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමිය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37994 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25021 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site