IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


‘පක්ෂයේ බලය රැකගන්න ණය වී මැති ඇමැතිවරුන්ට වාහන දුන්නා’

(රංජිත් රාජපක්ෂ)                       

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂය තුළ පිරිහී යන බලය රැක ගැනීමට විශාල වශයෙන් ණය වී මැති ඇමැතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට අලුතින් වාහන ලබා දුන් බව ඉඩම් සහ ඉඩම් සංවර්ධන රාජ්‍යය අමාත්‍යය එස්.බි.දිසානායක මහතා පැවසීය.

කොත්මලේ ප්‍රාදේශිය ලේකම් කාර්යයාලයේ එම අමාත්‍යංශය මගින් පවත්වන ඉඩම් ජංගම සේවයකට අද (10) සහභාගී වීමට පැමිණි අවස්ථාවේ මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ කීය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වූ එස්.බි.දිසානායක මහතා කියා සිටියේ කිසිදු ආර්ථික සැලසුමක් නොමැතිව විශාල වශයෙන් ණය වී අති සුඛෝපභෝගී වාහන මෙසේ මැති ඇමැතිවරුන්ට ලබා දී ඇති බවයි.

එක්සත් ජාතික පක්ෂයේ පිරිහී යන බලය රැක ගැනීමට වාහන ගෙන්වා දුන් රනිල් වික්‍රමසිංහ මහතාගේ බලය තවදුරටත් පක්ෂය තුළ පිරිහි ඇති බව එස්.බි.දිසානායක මහතා කියා සිටී.

අමාත්‍යංශ ලේකම්වරුන්ට බලපෑම් සිදුකර එම වාහන ගෙන්වා ඇති බවත්, මාර්තු 20 දින පාර්ලිමේන්තුව විසුරුවා  අප්‍රේල් 25 දින පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන බවද එස්.බි.දිසානායක මහතා පැවසිය.



අදහස් (34)

‘පක්ෂයේ බලය රැකගන්න ණය වී මැති ඇමැතිවරුන්ට වාහන දුන්නා’

රට වැසියා Monday, 10 February 2020 06:45 AM

කිසිම ප්‍රශ්නයක් නැ ඇමතිතුමා. තවත් ඕන නම් ගන්න. අපි ගෙවන්නම්. අපි ඉපදුන දවසේ ඉඳලම කරේ ඔබතුමාලව රැක බලාගත්ත එක තමයි.

:       1       271

RaveendraMonday, 10 February 2020 07:03 AM

නිගන්ඨයන්ට, පල් හොරුන්ට, හොර තක්කඩින්ට, පාඩදයන්ට, කුඩුකාරයන්ට කසිප්පුකාරයන්ට, බුරුවන්ට, මිහරකුන්ට "ඔබතුමාලා, අරතුමා , මෙතුමා කියන ලෝකයේ එකම එක රට මාගේ රට විම මොනතරම් අවාසනාවක්ද ?

:       1       1440

BamunuarachchiMonday, 10 February 2020 01:24 PM

එස්.බී. දිසානායක මේ ගෙවා දමමින් සිටින්නේ ඔහු පාර්ලිමේන්තුවේ ගතකරන අවසාන දින කිහිපය නිසා ඔහු කියන කිසිවක් ගණන් ගත යුතු නොවේ.

:       0       137

Dasa PTuesday, 11 February 2020 02:24 AM

ඔහු කියන ඒවා ගණන් නොගෙන සිටීමට මා පටන් අර ගත්තේ මීට දසකයකට පෙර සිට බව බමුණුට, දන්වන්න කැමතියි.

:       0       125

Nissanka Monday, 10 February 2020 06:50 AM

මෙයත් ඒ කාලේ ඒ ආණ්ඩුවේ ඇමති කෙනෙක්. සුදනා වගේ කතා කළාට මෙයාලත් වාහන ගත්තා. මේ දෙගොල්ලම රටේ මහජන මුදල් පෞද්ගලික දේපළ වගේ වියදම් කරනවා. රටට ජනතාවට ආදරය කරන විකල්ප බලවේගයක් ගැන හිතන්නේ නැත්තේ ඇයි අපි ?

:       44       673

සේනක Monday, 10 February 2020 07:54 AM

අපි බලමු රටේ ජනතා අධිකරණය ඊළඟ මහ මැතිවරණයේදී දෙන තින්දුව මොකක්ද කියලා. මගේ අදහසත් මේ වයසක බඩගෝස්තරවාදී දේශපාළුවන් ටික අයින් කරලා තරුණ බුද්ධිමත් ජනතා නියොජිතයින් ටිකක් පත් කරන්න ඕනෑ කියලා. මේ දෙගොල්ලොම හොරු. තවත් කරන්නේ රට නැත්තටම නැතිකරන එකයි. දැන් මේ අයට කන්න දුන්නා ඇති නේද?

:       0       244

MuhanMonday, 10 February 2020 08:22 AM

අනේ සේනක අපේ රටේ ජනතා අධිකරණය ගැන නම් කියලා වැඩක් නැහැ. මේ හොරු ටික හොඳයි කියලා ඊළඟ ජනතා අධිකරණයේදී තීරණය කරනවා. මොනවද ඔට්ටු...?

:       0       965

Hafeel Monday, 10 February 2020 12:12 PM

ගියපාර මහනුවරින් මෙයාව අතුගාලා දැම්මා. දැන් අමුතුවෙන් නුවරඑළිය ජනතාව ගැන අමුතුවෙන් කැක්කුමක් ඇවිල්ලා. මෙදාපාරත් හැලෙනවාමයි...

:       0       73

සෙනෙවිරත්න Monday, 10 February 2020 02:51 PM

කරවිල වැලේ පනුවා, සේ අසූචිවල වහන මැස්සාසේ ඊට බාහිර වෙනත් කිසිඳු යහපත් ලෝකයක් ඇති බව මොවුන් නොදනී.

:       0       112

kap Monday, 10 February 2020 06:57 AM

ගුරුවරයෙක් උන තාත්තාගෙන් ලැබුන සල්ලි වලින් මාලිගාවක් හදපු කෙනෙක් තමයි දැන් මේ කතාව අපිට කියන්නේ.

:       10       475

samMonday, 10 February 2020 07:30 AM

ඒක නිකංම මාලිගාවක් නොවෙයි, "සමෘධි මාලිගාවක්..."

:       1       165

Nalaka Monday, 10 February 2020 07:01 AM

රනිල් මහත්තයා එහෙම කෙනෙක් නෙවෙයි. රනිල් මහත්තයා තමා නායකකමට සුදුසුද කෙනා. එතුමා දේශපාලන ලෝකයේ බුද්ධිමත්ම කෙනෙක්. වාහන බෙදන්න ඕනේ නෑ නායකකම කරන්න. ඔය දැනුත් කරන්නේ. මෙයා කියන ඒවා කවුද පිළිගන්නේ ?

:       105       169

aselaMonday, 10 February 2020 09:19 AM

ඔය කතා ළමයෙක්ට කියන්න. වහල් භාවයෙන් මිදෙන්න.

:       42       51

athuraTuesday, 11 February 2020 03:08 AM

උපදෙස දෙන්නෙත් වහලෙක්ම තමයි.

:       31       35

abaran Monday, 10 February 2020 07:01 AM

මම හිතුවේ පහුගිය නොවැම්බර් මාසේ ඉඳං මෙයා ආගිය අතක් නැහැ කියලා...ඔය මතුවෙන්නේ....ඡන්දයක්වත් ළඟ එනවැයි ?

:       0       175

dare Monday, 10 February 2020 07:04 AM

දැක්කත් අප්පිරියයි මෙයාලා. සුද්දා වගෙ කියෙව්වට ඔක්කොම හොරු කියල අපි දන්නව. ඔයාලත් ඔවගේ කොටස්කරුවන් තමයි.

:       1       166

rana Monday, 10 February 2020 07:23 AM

මෙයත් පෙරදා බත්මුල බෙදාගෙන කාපු ඈයො ගැන නේද මේ දොඩන්නේ? එදා පට්ට අද පරට්ටි...

:       0       183

ජයන්ත මිලානෝ Monday, 10 February 2020 07:27 AM

ඒ පැත්තේ වහලුන්ට මේ කතාව තිත්ත රසය... මේ පැත්තේ වහලුන්ට පැණිරසය. ලස්සන රටක අක්නාන මිනිසුන් සිටින කම්, කපටි දේශපාලකයන්ට සුර සැපය. සුද්දා කිව්සේ "සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා"ය.

:       149       367

Chaminda. Monday, 10 February 2020 07:42 AM

හඟුරන්කෙත බුද්ධිමත් මිනිස්සුනේ... මෙන්න ඡන්දෙන් ගෙදර තියන්න ඕනේ චරිතයක්...

:       1       170

Nishan Monday, 10 February 2020 07:59 AM

මහින්ද මහත්තයටත් අරන් දුන්නා නේද වෙඩි නොවදින බෙන්ස් කාර් එකක්.

:       2       204

Saduni p. Bandara Monday, 10 February 2020 08:01 AM

අනේ මෙහෙමත් අයාලයේ යන රටක්. මේ රටේ මිනිසුන් කරන අමන වැඩ නිසානේ අපිට මෙයාලගේ කතා අහන්න වෙන්නේ. අපේ සල්ලි වලින් දෙගොල්ලම කරේ කාර්, ගෙවල්, මාලිගා, ගත්තා වගෙම පිටරට සවාරි ගහපු එකයි. අපි මෙයාලව සතුටු කරන්න ගත්තු ණය ගෙවපු එක තමා අවුරුදු 73 ක් තිස්සේ කළේ සහ දැනටත් කරන්නේ. මේ දෙගොල්ලෝ කරන්නෙ පහෙන් පහට මාරු වෙලා ඇවිත් දෙගොල්ලන්ගේ අඩුපාඩු කියවනවා පුරවා ගත්තු මඩිය මදි වෙලා. විකල්ප අයට බිහිවෙන්නෙ දෙන්නේ නැත්තෙත් අපේ කුහක මහජනයාමයි. මාධ්‍ය සන්දර්ශනයට මුලා වෙලා, බොරු ප්‍රචාර වලට රැවටිලා බිහිවෙන්නත් පෙර ඒ විකල්ප කපලා දානවා. දැන්වත් එකතුවෙලා මේ අයගේ විගඩම් නැවැත්තුවොත් තමා අපේ රටට පිහිටක් වෙන්න අපිට පුලුවන් වන්නේ. කොටින්ම මේ අයට නාම යෝජනා දීමෙන්ම ජනාධිපතිතුමා වැළකී සිටියොත් එදාට අපිට පිහිටක් තියේවි. නැත්නම් ඉතිං අපිට තුණුරුවන්ගේ පිහිට විතරයි.

:       1       203

sunil perera Monday, 10 February 2020 08:27 AM

වාහන ආයත කිරීමට විදේශ විනිමය කොහොමද ලැබෙන්නේ? රටේ වාර්ෂික ආදායමට වඩා වාර්ෂික ණය පොලිය වැඩිවුණාම මොකද වෙන්නේ...!! වහාම වාහන ආනයනය ඇමතිවරුන්ට නෙවේ. කිසිවෙකුට ණය අරන් ගේන්ට එපා. විදේශ වත්කම් උපයන මාර්ග සොයාගෙන ගේන්න. තවත් ප්‍රධාන සාධකයක් වන්නේ මාර්ග තදබදය සහ ගොඩ ගසා ඇති වාහන තොගය දෙස බලන්න. මේ දේශපාලුවන් සෙල්ලම් කරන්නේ මැදපෙරදිග අපේ අම්මලා අක්කලා ජීවිත පූජාවෙන් උපයන මුදලින්...

:       0       170

Abe Monday, 10 February 2020 08:39 AM

225න් කෙනෙක් තමයි කතා කරන්නේ... අනේ ඇමැතියෝ ඔයාට සැප වාහන නැතිද? අනේ.... සල්ලි...!!! 

:       0       167

කපුරුහාමි Monday, 10 February 2020 08:50 AM

මහලොකු සුද්දවන්තයා... තමුන්ගේ පැටිකිරිය කවුරුත් දන්නවා. ක්‍රීඩිකාවකුත් ප්‍රසිද්ධියේ කියලා තිබුණේ. දේශපාලුවන් කියන්නේ බලලෝභී බඩගෝස්තරවාදී හොර දූෂිතයන් කියලා අපි නොදන්නවා නෙවෙයි.

:       0       145

isuru Monday, 10 February 2020 09:19 AM

ආ එහෙම කලේ රනිල් විතරද..?

:       0       31

jagath Monday, 10 February 2020 09:20 AM

මෙයාට දිවවල් 60ක් විතර තියෙනවා වගේ...

:       0       113

Buddika Monday, 10 February 2020 10:10 AM

හොරුන්ට ගරුනාම දෙන රටක් මේක... ඒ අයත් මේ වාහන පාචිච්චි කරලා දැන් අනිත් අයට ගහනවා. ඒක සක්කිලි ගතියක්. උඹලා ඔක්කොම එකතුවෙලා රට කෑවා.

:       0       114

sugath Monday, 10 February 2020 10:21 AM

අනේ කුක්කු පැටියට ලොසින්ජරයක් දෙන්ට කව්රුත් නැද්ද?

:       0       10

chinthana Monday, 10 February 2020 11:02 AM

ඡන්දෙන් පැරදිලා ලැයිස්තුවෙන් ගිහින් ඒ ආණ්ඩුවේ ඉඳලා ඇමතිකම් කරලා ආණ්ඩුවේ ජනප්‍රියත්වය පිරිහෙද්දී අනිත් පැත්තට පැනලා දැන් ඒ ආණ්ඩුවටම බනිනවා. මෙවන් ගුණමකුවන් කිසිම ආණ්ඩුවකට වැද්දගත යුතු නැත. ඊයේ චන්ද්‍රිකාට, අද රනිල්ට කළ දේ හෙට මහින්දට ගෝඨාභයට කරන බව නිසැකයි.

:       0       11

sampath Monday, 10 February 2020 11:10 AM

මතක තියාගන්න අපි විජය ඇතුලු 700 කණ්ඩායමෙන් පැවතෙන්නන්... ඉතින් අපි ඒ ජනවල ගරුත්වය තැබිය යුතුයි.

:       1       4

chandima Monday, 10 February 2020 01:20 PM

කතාව ඇත්ත. බලාගෙන ගියාම රනිල් හරියට රෝමේ උන්නු නීරෝට වැඩි වෙනසක් නැහැනේ? නීරෝ රෝමේ ගිනිගනිද්දී වීනා වාදනේ කළාලු, මෙය රට ආර්ථික වශයෙන් වලපල්ලට වැටිලා තියෙද්දී බලය පවත්වාගෙන යන්න ඇමතිලා මන්ත්‍රීලාට රටේ ජනතා බදු මුදලින් බිලියන් ගණන් දීලා අධි සුඛෝපභෝගි වාහන ගෙන්නලා. රටේ කිසිම සංවර්ධන වැඩක් නොකර, කරගෙන ගිය සංවර්ධන වැඩත් නවත්තලා මැති අමතිලට සන්තෝෂ වාහන බෙදන්න කොටි ගණන් වියදම් කරලා. එය එදා හැදුවේ යන්තම් ඡන්ද ගණනකින් ආසනයක් දිනාගෙන පාර්ලිමේන්තුවට ඇවිත් මේ යානා වාහන දීපු කට්ටියගේ ඡන්දෙන් රටේ විධායක බලතල අතට ගන්න. මෙදා හදන්නේ සජිත්ගේ සන්ධානෙට අලියා ලකුණ ණයට දීලා අලියා, දිනුවොත් ලකුණ අයිති පක්ෂේ නායකයා තමන් කියලා පස්සෙන් පහු සජිත්ව එලවලා බලය ගන්න. පැරදුණොත් මේ සන්ධානෙට ලැබුණු සියලුම ඡන්ද අලියට ලැබුණු ඡන්ද විදියට පෙන්නලා මීළඟ මැතිවරණයේදී රැල්ලක් ඇතිකරලා ඡන්ද කඩාගන්න. පන ගියත් විශ්වාසයක් නැහැ භූතයෙක් වෙලාවත් රටට වින කරයි කියල. හොඳ කට්ටඩියෙක් අල්ලලා බෝතලේකට දාල ගලක් බැඳලා හත් ගව්වක් එපිට මුහුදට දාන්න වෙනවා නැති නම් ආයෙත් එනවා සිකුරුයි.

:       21       38

de silva Monday, 10 February 2020 02:58 PM

ඔබතුමාත් ඔය කියන යහපාලන ආණ්ඩුවේ සහ පැති මාරු කරමින් පසුගිය අවරුදු 15 තිබුන ආණ්ඩු කිහිපයකම ඇමතිකම් දරුවා නේද ?

:       0       24

Perera Tuesday, 11 February 2020 12:21 AM

මෙයා ආසනෙන් ජනතාව ප්‍රතික්ෂේප කරපු කෙනෙක්. පස්ස දොරෙන් පාර්ලිමේන්තුවට රිංගගෙන දැන් කියවනවා. මේ වගේ අයට ඡන්දෙ දෙන්න එපා.

:       0       34

de silva Wednesday, 12 February 2020 03:30 PM

ඔබට නම් ජනතාවගේ ඡන්දෙන් මින් ඉදිරියට පාර්ලිමේන්තු එන්න බැහැ. ගියපාර වගේ කාගේ හරි ලැයිස්තුවකින් පාර්ලිමේන්තු එන්න බලන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කෝටි 9කින් එළුවන් 23 ක් බිහිකළ එළු අභිජනන ව්‍යාපෘතියක්
2024 නොවැම්බර් මස 27 174 0

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුව මගින් රුපියල් 91,970,290 ක් වැයකර ක්‍රියාත්මක කළ බ්‍රෝයර් වර්ගයේ එළුවන් 250 ක් අභිජනනය කර ක්ෂේත්‍ර ගත කිරීමේ පස් අ


කොළඹ -මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය පොළොන්නරුවට සීමා කරයි
2024 නොවැම්බර් මස 27 218 0

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මඩකලපුව මාර්ගයේ පුනානි හා වාලච්චේන අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම නිසා අද (27) කොළඹ කොටුව සිට මඩකලපුව දුම්රිය මාර්ගය


මන්නයකින් පහරදී අයෙක් මරලා
2024 නොවැම්බර් මස 27 298 0

හිසට මන්නයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.


බොහෝ ප්‍රදේශවලට තද වැසි-සුළං
2024 නොවැම්බර් මස 27 351 0

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර,වයඹ සහ මධ්‍යම පළාත් වලට ඉතා තද වැසි සහ තද සුළං තවදුරටත් අපේක්ෂා කරනබව


කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 3602 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 3122 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 553 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 755 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2123 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site