IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පක්ෂයේ මොන තීරණ ගත්තත් අපි රනිල් එක්ක

(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය කුමන තීරණයක්  ගත්තත් තමාත්  තමාගේ පියා  ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාත් සහාය දෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

තමා තම පියා පමණක් නොව ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් පළාත් පාලන මන්ත්‍රීවරුන් බහුතරයක් අද   සිටින්නේද  ජනාධිපතිවරයා සමග බව  ඔහු සඳහන් කළේය.

මේ රට ගිනි කන්දක තිබියදී කිසිවෙකු ඉදිරිපත් නොවුණු  පසුබිමක  කිසිදු පැකිලීමකින් තොරව රට   භාරගෙන ආර්ථික අර්බුදය  පාලනය කිරීමට  කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට  තමාත් පියාත්  තීරණය කළේ  කාලයකට පෙර සිට බවද තෙන්නකෝන් මහතා කීවේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය ඊයේ  ගත් තීරණය මහපොළොවේ යථාර්ථය තේරුම් නොගෙන ගත්  ප්‍රබුද්ධ  නොවන තීරණයක් බව ප්‍රකාශ කළ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා  ඒ  අනුවණ තීරණයේ ප්‍රතිඵල වැඩි කල් නොගොස් රටට  දැක ගත හැකි වනු ඇතැයිද සඳහන් කළේය.

ආර්ථික අර්බුදය සමග මේ රටේ ඇතිවූ දුක් ගින්න පාලනය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී උපරිම සහයෝගය ලබා දීමට තමාත් තම පියාත්  මාතලේ ජනතාව ගෙන් ගෙට ගොස්  සංවිධාන කරන බවද හෙතෙම ප්‍රකාශ කළේය.



අදහස් (8)

පක්ෂයේ මොන තීරණ ගත්තත් අපි රනිල් එක්ක

Osmun petera Tuesday, 30 July 2024 09:11 AM

ගොඩක් හොඳ තීරණයක්... !

:       0       0

Saman Dissanayake Tuesday, 30 July 2024 09:24 AM

මාතලේ ජනතාව සලකාවි ගොඩ පෙරකදෝරුවාට.... අප්පා 1993 ඉඳන් පාර්ලිමේන්තුවේ ඉන්නවා මාතලේට කරපු මගුලක් නෑ. දැන්වත් මාතලේ ජනතාවට මොලේ පෑදේවා...!

:       0       0

අරවින්ද මොනරවිල Tuesday, 30 July 2024 09:29 AM

රනිල් සමගද, මහින්ද සමගද හිරේට යන්න ඕනෑ කියලා උසාවිය තීරණය කරයි...

:       0       0

Saman Dissanayake Tuesday, 30 July 2024 09:31 AM

මාතලේ ජනතාව සලකාවි ගොඩ පෙරකදොරුවාට. අප්පා 1993 ඉඳන් පර්ලිමෙන්තුවේ ඉන්නවා මාතලෙට කරපු මගුලක් නෑ. දැන්වත් මාතලේ ජනතාවට මොලේ පෑදේවා..!

:       0       0

CK.Lankaputhra Tuesday, 30 July 2024 11:50 AM

වාසි පැත්තට හෝයියා, කැණහිලුන්ගෙ ගතිය තමයි ඒ. හැබැයි වාසි පැත්තෙ ඉන්නෙනෙත් අවාසි පැත්⁣තෙ ඉන්නෙත් කල් යල් බලන කැණහිලුන්ම තමයි. දේශපාලුවෝ කියනෙත් ඔය කැණහිලුන්ටම තමයි.

:       0       0

Roland Kuranage Tuesday, 30 July 2024 12:17 PM

තමන් ගෙන් ගෙට ගියාට. ඡන්දය දෙන්නෙ රටෙ ජනතාවනෙ.

:       0       0

MVH Tuesday, 30 July 2024 02:25 PM

ඔබලා නෙවෙයි... අපේ ඡන්ද දායකයා.. ඔබතුමා කොහේ ගියත් අපිට කමක් නැත... අපිට ඕනෙ කෙනාට අපි දෙන්නේ...

:       0       0

sk Tuesday, 30 July 2024 03:49 PM

වාසි පැත්තට යන කට්ටිය .ජනතාව තීරණ කරයි කොයි පැත්තටද කියලා

:       1       7

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3857 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2815 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3586 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3272 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 735 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1418 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36127 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24136 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 519 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site