IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


පක්ෂ ගොඩක් පොහොට්ටුව අතැර අලියා එක්ක හාද වෙයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග කටයුතු කළ දේශපාලන පක්ෂ රැසක් එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ඉදිරි දේශපාලන කටයුතු කිරීමට තීරණය කර තිබෙන බව පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.

ඉලංගෙයි මක්කල් දේශීය කච්චි, දෙමළ එක්සත් නිදහස් පෙරමුණ,ප්‍රගතිශීලී ජනතා සේවක පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය,එක්සත් කොංග්‍රස් පක්ෂය, ලංකා කොමියුනිස්ට් එකමුතු සංවිධානය,එක්සත් ශ්‍රී ලංකා පෙරමුණ,ශ්‍රී ලංකා එක්සත් එකමුතු පක්ෂය ලෙස සහාය දීමට එක්වූ බව එජාප මහලේකම්වරයා සඳහන් කරයි.

මූලික සාකච්ඡාවලින් අනතුරුව එම පක්ෂ වල නායකයින්  සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පැමිණ එජාපයට  සහයෝගය පළ කර තිබේ.

ඉලංගෙයි මක්කල් දේශීය කච්චි වෙනුවෙන් එහි මහලේකම් එස්.විෂ්ණු කාන්තන්, දෙමළ එක්සත් නිදහස් පෙරමුණ වෙනුවෙන් එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක දුෂ්යන්ත් මනලංගම්, ප්‍රගතිශීලී ජනතා සේවක පක්ෂය වෙනුවෙන් එහි උප සභාපති ඉන්දික සූරියආරච්චි, ශ්‍රී ටෙලෝ වෙනුවෙන් එහි මහලේකම් පී.උදයරාසා, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය වෙනුවෙන් එහි නියෝජ්‍ය නායක ආචාර්ය එන්.කුමාර ගුරුභවන්, එක්සත් කොංග්‍රස් පක්ෂය වෙනුවෙන් එහි නායක ඒ.එම්. මුබාරක්, ලංකා කොමියුනිස්ට් එකමුතු සංවිධානය වෙනුවෙන් එහි මහලේකම් ඊ.තම්බයියා, එක්සත් ශ්‍රී ලංකා පෙරමුණ වෙනුවෙන් එහි නායක ජගත් කරුණානායක, ශ්‍රී ලංකා එක්සත් එකමුතු පක්ෂය වෙනුවෙන් එහි නායක එම්.එස්.එම්. සතීක් යන මහත්වරු සිරිකොතට පැමිණ මෙම සාකච්ඡාවට එක්වූහ.

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එම සාකච්ඡා සදහා සහභාගී වූයේ  පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතායි.

එක්සත්ව හා රටට වැඩදායී ලෙස දේශපාලන ක්‍රියාවලියකට අවතීර්ණ වීම ඉතා ඉක්මනින් සිදුවිය යුතු බව ඉහත පක්ෂවල  නායකයින් අවධාරණය කළ බවත් ඒ වෙනුවෙන් පූර්ණ දායකත්වය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබාදීමටද ඔවුන් එකඟතාව පළ කළ බවත් එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.

එමෙන්ම ඉදිරි දෙසතිය ඇතුළත අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා සමග වැඩිදුරටත්  සාකච්ඡා කිරීමටත්, අනතුරුව පුළුල් හා ජනතාවාදී දේශපාලන ක්‍රියාවලියකට අවතීර්ණ වීමටත් සිරිකොතට පැමිණි දේශපාලන පක්ෂ නායකයින් තීරණය කළ බවද  එජාප මහලේකම්වරයා සඳහන් කරයි.

 



අදහස් (3)

පක්ෂ ගොඩක් පොහොට්ටුව අතැර අලියා එක්ක හාද වෙයි

sam Tuesday, 14 June 2022 12:17 PM

මේවා මේ නමට විතරක්ද තියෙන පක්ෂනේ... අනික මේ රංගෙ බණ්ඩාරත් එක්ක මොන හාදවීම්ද?

:       0       2

Mahesh Tuesday, 14 June 2022 12:40 PM

UNP එකට කවුරු එක්ක හරි එකතුවෙලා බලය ගන්නයි ඕනේ. ඔය කව්රුවත් රටට වැඩක් කරපු කට්ටියක් නෙමෙයි. ඔය කාටවත් තේරෙන්නේ නැද්ද මිනිස්සු ඉල්ලන්නේ මොකද්ද කියලා. 225ම එපා කියලයි කියන්නේ. ඔය හිටපු කට්ටිය මාරුවෙන් මාරුවට කරපු හරියේ ප්‍රතිඵල තමයි අසරණ ජනතාව මේ භුක්ති විඳින්නේ. ඒ නිසා ඒක තේරුම් අරගෙන අළුත් පිරිසක් එක්ක අළුත් වැඩ පිළිවෙලක් එක්ක රට මේ තියෙන හිඟන තත්වයෙන් ගොඩගමු. හිඟාකන ආර්ථික වැඩතමයි මේ ඉන්න අයට තියෙන්නේ.

:       0       2

Kanthi Tuesday, 14 June 2022 01:20 PM

හොර, මැරකම්, දූෂණ, වංචාවන් කොමිස් ගැහිලි නවත්තපු තැනින් පටන් අරගෙන දිගටම කරගෙන යන්නත් ඕනෑනේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ජීවන් හැර පරණ කැබිනට්ටුවම ගෙදර
2024 නොවැම්බර් මස 18 517 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.


පස්සර බිබිල මාර්ගය වහයි
2024 නොවැම්බර් මස 18 128 0

වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්


ජා.ජ.බ සහ සර්ව ජනබලය ජාතික ලැයිස්තු මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 18 453 0

2024 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල අනුව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව යටතේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරා පත් කරගන්නා ලද


අදත් තැනින් තැන වැසි
2024 නොවැම්බර් මස 18 37 0

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී.50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


අලුත් කැබිනට්ටුව 23යි : අගමැති හරිනි
2024 නොවැම්බර් මස 18 3938 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 2813 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 347 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1798 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site