IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


පක්ෂ -සන්ධාන 34ක් රනිල්ට සහාය දෙන ගිවිසුමක් අත්සන් කරයි

(අංජුල මහික වීරරත්න)

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් "පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට පක්ෂ හා සන්ධාන 34ක් මීට සුළු මොහොතකට පෙර බත්තරමුල්ල වෝටස් එජ් හෝටලයේ දී අත්සන් තැබීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ රැසක නියෝජිතයෝ මෙම ගිවිසුම් අත්සන් කිරීමට සහභාගී වූහ.



අදහස් (14)

පක්ෂ -සන්ධාන 34ක් රනිල්ට සහාය දෙන ගිවිසුමක් අත්සන් කරයි

සුපුන් චාමර Friday, 16 August 2024 11:02 AM

ගොන් ආතල් .සමහර පක්ෂ වලට ඉන්න‍ෙ ‍සභාපති ලේකම් භාණ්ඩාගාරික විතරයි. උදාහරනෙකට නිමල් සිරිපාල. පොහොට්ටුවෙත් ඉන්නවා ,පොදු ජන එක්සත් පෙරමුනෙත් ඉන්නවා, ශ්‍රීලංකා නිදහස් පක්ෂෙත් ඉන්නවා, එක්සත් ජනතා නිදහස් සන්ධානෙත් ඉන්නවා.

:       34       45

Sugath Friday, 16 August 2024 11:03 AM

හොරු ඔක්කොම එකතුවෙලා ,ආතල් ගොඩයි .ඕකට කමක් නැහැ .මේ පාර අපි අනුරට .NPP ජයවේවා

:       41       53

SugathanFriday, 16 August 2024 11:36 AM

ප්‍රභාකරන් කියලා තිබුනා සිංහල මිනිසුන්ට යමක් මතකයේ තියෙන්නෙ දින හතයි කියලා (දින හතක් පමණක් එක් තැනක ජීවත්වෙන අයට මේක අදාල නැහැ) ඉතින් 1971 සිට අද දක්වා දෙවරක්ම කැරැලි ගැසීමට අමතරව විවිධාකාරයෙන් සංවර්ධනය අඩාල කිරීමට කටයුතු කරන අතරේ කියන්නේ දෙගොල්ලන්ටම අවුරුදු 76ක් පාලනය කළා අපි හදන්නම් අපිට දීපල්ලා කියලා තමයි... ඒත් ඔය අනුර හා ඉදිරිපෙළ කීප දෙනෙක් චන්ද්‍රිකා ආණ්ඩුව යටතේ ඇමැති තනතුරු දැරුවා. ඒක තමයි ඇත්ත. ඒත් කියන්නේ අපි ආණ්ඩු කළේ නැහැ.. අපිට දීපල්ලා කියලා තමයි...

:       23       16

sathyapalaFriday, 16 August 2024 12:31 PM

එකම පක්ෂයේ අය ඇමැතිකමයි රාජ්‍ය ඇමැතිකමයි අතර ගහ මරා ගත්තා. මට හොඳ ඇමැතිකමක් ලැබුනේ නෑ කියලා මරාගන්නවා. බලය ගන්න බලාගෙන හවුල් වෙලා පහුවදා ඉඳලාම ගහමරා ගන්න පටන් ගන්නේ රට ගොඩගන්න නොවෙයි. හොඳින් හම්බ කරගන්න පුළුවන් අමාත්‍යංශයක් ගන්න. කණ්ඩායම් 34ක් ගහමරා ගන්න කොට කොහේ හරි රටක් මේක අල්ලා ගන්නවා. ඔය හවුලේ කැඳ බෙදාගන්න ගිහාම මහා එකා කරන්නේ තියෙන එව්වා විකුණලා තව තව ණය වෙලා එක එකා සතුටු කරන්න සල්ලි හොයන්න වෙනවා. එහෙම නොවුණොත් ආණ්ඩු කඩා වැටෙනවා. ඒ අතර අන්තවාදී ජාතිවාදී කණ්ඩායම් මස් රාත්තලම ගන්නවා. නැවත අවුල් ජාලයක් වෙනවා. ඒ නිසා තමයි පැරැන්නෝ කියුවේ හවුලේ කැඳත් එපා කියලා...

:       6       8

Sara Friday, 16 August 2024 11:26 AM

හැබැයි ලබන පාර ඔයා npp නෙමෙයි කියලා මම කැට තියලා කියනවා.

:       14       10

Kumara Friday, 16 August 2024 11:53 AM

පහුගිය අවුරුදු 20ක් විතර තිබුණු ආණ්ඩු හැම එකේම රාජිත​, නිමල් සිරිපාල, බන්දුල​, විජේදාස​, අමරවීර, හකීම්, තොණ්ඩමන්ලා ඇමැතිවරු... මොවුන් එහෙට මෙහෙට පැනලා ගිවිසුම් ගැහුවාට ආයේ මේ රටේ මිනිස්සු රැවටෙන්නේ නෑ...!

:       6       11

Chandana Friday, 16 August 2024 11:54 AM

හොරු සමග ඩීල් ගිවිසුම් ගහන කාටවත් මෙදා පාර මිනිස්සු ඡන්දේ දෙන්නේ නෑ...

:       7       10

සන්ක Friday, 16 August 2024 11:59 AM

මේ පොහොට්ටු, යූඇන්පී, සජබ යන මේ සකලවිධ එහාට මෙහාට පනින හොරුන්ගේ රට වනසන මහ සාපයෙන් මේ රට බේරාගැනීම වෙනුවෙන් මේ තීරාණාත්මක මොහොතේ ඇති පිළිගතහැකි විශ්වාසවන්ත එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජනබලවේගයෙ බවට දිනෙන් දිනම තහවුරු වෙමින් තිබෙන බව සැකයක් නැතුවම ජනතාටව පෙනී යනවා නේද?

:       8       12

sathyapala Friday, 16 August 2024 12:31 PM

එකම පක්ෂයේ එවුන් ඇමැතිකමයි, රාජ්‍ය ඇමැතිකමයි අතර ගහමරා ගත්තා. මට හොඳ ඇමැතිකමක් ලැබුණේ නෑ කියලා මරාගන්නවා. බලය ගන්න බලාගෙන හවුල්වෙලා පහුවදා ඉඳලාම ගහ මරා ගන්න පටන් ගන්නේ රට ගොඩ ගන්න නොවෙයි. හොඳින් හම්බ කරගන්න පුළුවන් අමාත්‍යංශයක් ගන්න. කණ්ඩායම් 34 ක් ගහ මරා ගන්නකොට කොහේ හරි රටක් මේක අල්ලා ගන්නවා. ඔය හවුලේ කැඳ බෙදාගන්න ගියාම මහ කෙනා කරන්නේ තියෙන එව්වා විකුණලා තව තව ණය වෙලා එක එකා සතුටු කරන්න සල්ලි හොයන්න වෙනවා. එහෙම නොවුණොත් ආණ්ඩු කඩා වැටෙනවා. ඒ අතර අන්තවාදී, ජාතිවාදී කණ්ඩායම් මස් රාත්තලම ගන්නවා. නැවත අවුල් ජාලයක් වෙනවා. ඒ නිසා තමයි පැරැන්නෝ කිව්වේ හවුලේ කැඳත් එපා කියලා...

:       2       10

පිටිගල මිලානෝ Friday, 16 August 2024 12:33 PM

ගිවිසුමේ ඇපේ මහජන මුදල්...

:       4       11

achini Friday, 16 August 2024 01:51 PM

ගොඩක් පක්ෂ ත්‍රිවීල් පක්ෂ...

:       2       5

පිටරැටියා Friday, 16 August 2024 04:25 PM

සහාය රනිල්ට... මනාපේ මාළිමාවට. එහෙම නූනොත් ජනතාවගේ අවාසනාව... වසර 76 ක් පුරාවටම බලලෝභී, බඩගෝස්තරවාදී, දූශිත දේශපාලුවන් කෙරුවේ, ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් ජනතාව රවට්ටපු එකයි.

:       3       7

Don perea Friday, 16 August 2024 09:00 PM

මේ පාරත් ලංකාවේ සෙට් එකක් තව ගෝඨා කෙනෙක් ගෙනෙයි වගේ...

:       0       0

nanda Friday, 16 August 2024 09:06 PM

මොවුන් ගිවිසුම් ගහන්නේ ඔවුන්ගේ වාසියට... අපි අද ජීවත් වෙන්නේ මොන අමාරුවෙන්ද? මේ අයට තවත් ඡන්දෙ දීලා බඩගින්නේ ඉන්නවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සීමා නැති ආතල්
2024 නොවැම්බර් මස 28 46 0

ට්‍රැක් ලන්තේ තමයි ලෝකේ ආතල් එකේම ඉන්න මිනිස්සු ඉන්න රට. රටේ සිද්ධවෙන ඕනෑම තරාතිරමක සිදුවීමක් ආතල් එකක් බවට පරිවර්තනය කරගන්න පුළුවන් අරුම පුදුම හැකිය


ඉරානේ හතක් දිවි ඇති තෙක් හිර ගෙට
2024 නොවැම්බර් මස 28 251 0

ජාවාරම් කිරීම සඳහා ශ්‍රී ලංකාවට හෙරොයින් කිලෝ ග්‍රෑම් 425කට අධික ප්‍රමාණයක් රැගෙන එමින් සිටියදී මට්ටක්කුලිය මුහුදු තීරයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක ක


තානාපතිවරු නව දෙනෙක්- මහ කොමසාරිස්වරයෙක් අක්තපත්‍ර දෙති
2024 නොවැම්බර් මස 28 239 0

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු නව දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අද (28) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශය


කල්ඉකුත්වන දිනය වෙනස් කළ ටොන් 22ක් කොටහේනේ
2024 නොවැම්බර් මස 28 199 0

ඇසුරුමේ කල්ඉකුත්වන දිනය සහ නිෂ්පාදිත දිනය වෙනස් කළ කුරක්කන් මෙටි්‍රක්ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975 ක් වෙළඳපලට නිකුත් කිරීමට සූදානම් කර තිබියද


අගමැතිනිය ‘යුනිසෙෆ්’ අධ්‍යක්‍ෂවරිය හමුවෙයි
2024 නොවැම්බර් මස 28 215 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ‘යුනිසෙෆ්’ ශ්‍රී ලංකා ආයතනයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂිකා හනාන්න් සුලෙයිමන් මහත්මිය අග්‍රාමාත්‍ය කාර්ය


රංචුවෙන් මඟ හැරී හරක් සමග ගමට ආ අලි පැංචා
2024 නොවැම්බර් මස 28 878 0

පොළොන්නරුවට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග දිවුලාන විල්ලුව පිටාර ගැලීම හේතුවෙන් රැළෙන් අතරමංව වූ අලි පැටවකු මී හරක් රංචුවක් සමග දිවුලාන ගම්මානයයේ පිහිට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 572 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 774 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2166 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site