චීනයේ සහාය ඇතිව පාකිස්තානය ද 'කොවිඩ් 19' වයිරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණ එන්නතක් නිපදවා ඇති අතර, PakVac යන නමින් නම් කළ එම එන්නත එළිදැක්වීම අද (2) සිදුවිය.
PakVac එන්නත නිපදවූයේ පාකිස්තාන වැසියන් 'කොවිඩ් 19' වයිරසයෙන් ආරක්ෂා කර ගැනීමේ ප්‍රධාන අරමුණින් යැයි පාකිස්තාන සෞඛ්‍ය අමත්‍යාංශය පවසා ඇත.
එන්නත් නිපදවීම සිදුවන්නේ ද පාකිස්තාන සෞඛ්‍ය අමත්‍යාංශය යටතේය.
'කොවිඩ් 19 වසංගතයට එරෙහි සටනේදී, අපේ සමීපත මිතුරා චීනය අපට සහාය දක්වනවා. එන්නත නිපදවීමේ දී චීනය අපට සියලුම අමුද්‍රව්‍ය ලබා දුන්නා. එසේ වුවත් එය පහසු කාර්යයක් වුණේ නැහැ. ඒත් අපේ විද්‍යාඥයන් සියලු අභියෝග ජය ගනිමින් එන්නත නිපදවීම කළා' යැයි පාකිස්තාන සෞඛ්‍ය අමත්‍යාංශය පවසයි.
ඉදිරියේ දී PakVac එන්නත සායනික පර්යේෂණවලට යොමු කරන අතරතුරේ මහා පරිමාණයෙන් නිපදවීමට ද කටයුතු යොදන බව සෞඛ්‍ය අමත්‍යාංශය පැහැදිලි කර තිබේ.
පාකිස්තානය ද 'කොවිඩ් 19' වයිරසයෙන් දරුණු ලෙස බැටකන රටකි. ගතවුණු පැය 24 ඇතුළත වාර්තා වූ ආසාදිතයන් ගණන 1,771 කි. ඒ අනුව සමස්ත ආසාදිතයන් ගණන 9,22,824 ක් තෙක් ඉහළ ගියේ යැයි පාකිස්තාන පුවත් සේවා ඊයේ (1) වාර්තා කළේය.
පාකිස්තානයේ එන්නත්කරණ වැඩසටහනක් ද ආරම්භ වී ඇත. පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඇතුළු එරට වැසියන් බොහොමයකට ලැබී ඇත්තේ චීනයේ 'සයිනෝෆාම්' එන්නතය. චීනය පාකිස්තානයට 'සයිනෝෆාම්' එන්නත් නොමිලේ ලබා දී තිබේ.
පාකිස්තාන සෞඛ්‍ය අමත්‍යාංශයට අනුව, මේ වනවිට පාකිස්තානයේ මිලියන 5.3 කට එන්නත් ලබා දී ඇත. එයින් එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇති පිරිස මිලියන දෙකකි.
(හින්දුස්ථානී ටයිම්ස්)
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාකිස්තානයත් එන්නතක් හදලා
gamage Wednesday, 02 June 2021 09:48 AM
ඇයි අපි එයාලට කලින් පැනියක් හොයාගත්තේ
ගැමුණු Thursday, 03 June 2021 04:27 AM
කොරෝනා රෝගයට බොහෝ ආයුර්වේද නිෂ්පාදන බොහොමයක් පකිස්ථානයේ දැනටමත් භාවිතයට ගන්නවා. එරටේ රජය එවන් පරීක්ෂකයන් උනන්දු කරනවා...... ප්‍රතිශක්තිකරණ යට 'පස්පංගුව' අප රටේ ද භාවිතා වෙනවා. ඒවා මේ රටේ හැමෝම වගේ පානය කරනවා. ඒ ගැන ගැටලුවක් කාටවත් නැහැ. දැන් එවන් ආයුර්වේද පරීක්ෂකයන්ව මෙරටේ දිරිමත් කිරීම ද කල නොහැකි දෙයක්...... (ඒ අර ධම්මික පැණිය නිසයි. ) ආයුර්වේද පරීක්ෂකයින් දිරිමත් නොකොලොත් ..... ' මේ රටේ මෙවන් වසංගතයකට ආයුර්වේද බෙහෙතක් සොයා ගැන්මට පවතින රජය උත්සාහයක් වත් ගන්නේ නැහැ, එන්නතක් නිෂ්පාදනය වන තෙක් ඔහේ බලා සිටිනවා, යනුවෙන් විවේචනයට ලක් වේවි...
badur Wednesday, 02 June 2021 09:50 AM
හොද ජොබ් එකක්
සාර්ත්‍ර Wednesday, 02 June 2021 05:31 PM
ඒක ත් ගෙනත් ගහන්න . ඒක විතරයි අඩු දැන් .
upali Wednesday, 02 June 2021 10:16 AM
ඔක්කොම හොදයි . නම තමයි හරි නැත්තේ ...
fairoosWednesday, 02 June 2021 12:30 PM
ලංකාවටත් නිකන් දෙනවලු.. එතකොට කමක් නැද්ද?
Nuwan Wednesday, 02 June 2021 12:27 PM
ඕකත් ගෙනැල්ලා රටේ අසරණ මිනිස්සුන්ට ගැහුවේ නැතිනම් තමයි පුදුමේ..!!!
Nuwan sameera Wednesday, 02 June 2021 12:52 PM
දැන් අපට ඒවත් ගහන්න වෙයිද දන්නෑ...
රිතික් Wednesday, 02 June 2021 01:09 PM
ස්පුට්නික් එන්නත පරක්කු වෙනවා නම් අඩුගානේ මේ එන්නතවත් ගෙන්නුවොත් හොඳා...
Sameera Wednesday, 02 June 2021 01:27 PM
තාරාවෙක්ගෙ නමක්....
Nihal Wednesday, 02 June 2021 02:31 PM
පැණි බිව්ව මුට්ටි දැම්ම අපිට මොකටද පාකිස්තාන් එන්නත්...?
Sri Lanka Wednesday, 02 June 2021 03:44 PM
ඔය වහින් ඔරවා කියන්නේ පාකිස්තානය හැදුවා නම් චීන එන්නත, අපි හැදුවාම මොකද වෙන්නේ කියලනේ..? දැන් බැලුවාම බටහාර බෙහෙත් ගබඩාවක් කරන්නයි යන්නේ...!!!
Sri Lanka Wednesday, 02 June 2021 05:29 PM
කලින් හැමෝම කිව්වේ වැක්සීන් හදපු රටවල් ඒකතුවෙලා ගහපු ගේම් ඒකක කියලා දැන් ඒක බොරුවක් කියලා ඔප්පු කරන්න හදනවා .කොහොමද වැඩේ
Sri Lanka Wednesday, 02 June 2021 05:34 PM
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගෙ කියනවනේ
Sri Lanka Thursday, 03 June 2021 07:47 AM
ලොකු දෙයක් ඉතින්