(යොහාන් භාසුර)
පාකිස්තානය ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාව දියුණු කිරීමට අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත්ව සිටියි.
ශ්‍රී ලංකා රග්බි සංගමය ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණින් සංවිධානය කරන පළාත් සංවර්ධන රග්බි තරගමාලාවට පාකිස්තානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යලය අනුග්‍රහය දක්වයි.
එම අනුග්‍රහය නිල වඔයෙන් පිරිනැමීම පාකිස්තානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් උමාර් ෆාරුක් බුර්කි සහ ශ්‍රී ලංකා රග්බි සභාපති රිස්වි ඉල්ලියාස් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (13) පැවැත්විණි.
එහිදී මහකොමසාරිස් උමාර් ෆාරුක් බුර්කි මහතා පැවසුවේ ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට මුහණ දී සිටින මෙම අවස්ථාවේ පාකිස්තානය විවිධ ආකාරයෙන් සහයෝගය දක්වන බවයි.
රග්බි ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව දක්වන දස්කම් සහ ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳව අවධානය යොමු කර රග්බි ක්‍රීඩාවට ද අනුග්‍රහය දැක්වීමට තීරණය කළ බව ද මහකොමසාරිස් උමාර් ෆාරුක් බුර්කි මහතා කීය.
ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති රිස්වි ඉල්ලියාස් මහතා එහිදී පැවසුවේ සියලුම අංශ මුදල් පිළිබඳ ගැටලුවකට මුහුණ දී සිටින මෙවැනි අවස්ථාවකදී මෙම අනුග්‍රහය රග්බි ක්‍රීඩාවට වඩාත් වැඳගත් බවයි.
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.
වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්
2024 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල අනුව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව යටතේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරා පත් කරගන්නා ලද
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී.50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාකිස්තානය ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවේ දියුණුවටත් අත දෙයි
Prabha Monday, 13 June 2022 02:25 PM
ඇහුවෙත් අදයි.. පාකිස්තානයේ රග්බි ගැන...