IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


පාකිස්තාන අයිස් ලංකාවට-ඉන්දියාවට බෙදන්න බැරිවෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉන්දියාව සහ ශ්‍රී ලංකාවට බෙදාහැරීම සඳහා පාකිස්තානයේදී ඇසුරුම් කරන ලද අයිස් මත් ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 2500 ක් සහ එම මත්ද්‍රව්‍ය රැගෙන යාත්‍රා කරමින් තිබූ විශාල යාත්‍රාව අත් අඩංගුවට ගැනීමට ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය සහ ඉන්දීය නාවික හමුදාව සමත් වී ඇත.

මෙම යාත්‍රාව ඉන්දීය මුහුදේ කේරල වෙරළ ආසන්නයේදී  ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය සහ ඉන්දීය නාවික හමුදාව එක්ව සිදු කළ මෙහෙයුමකදී අත් අඩංගුවට ගෙන තිබේ.අත් අඩංගුවට ගත් මෙම අයිස් මත් ද්‍රව්‍ය වල වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 12000 ක් පමණ වන බව ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය පවසා ඇත. ඉන්දීය ඉතිහාසයේ අත් අඩංගුවට ගත් වැඩිම වටිනාකමකින් යුත් මත් ද්‍රව්‍ය තොගය මෙය බවද පැවැසෙයි.

මෙම මත්ද්‍රව්‍ය කිලෝ 2500 ක ප්‍රමාණය කිලෝ 20 සහ 40 ගෝනි මලු වල අසුරා තිබූ බවත් මෙම යාත්‍රාව මෙම මලු කුඩා යාත්‍රා වලට ලබා දී ඇති බවත්  ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශයේ බලධාරීන් පවසා ඇත.මේ සම්බන්ධයෙන් පාකිස්තාන ජාතිකයකු අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී ශ්‍රී ලංකාවට රැගෙන යන මත් ද්‍රව්‍ය සති කිහිපයකට පසුව නැවත ඉන්දියාවට රැගෙන ඒම සැලැස්ම බව ප්‍රකාශ කර තිබේ. 

අයිස් මත් ද්‍රව්‍ය කිලෝ 2500 සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් පාකිස්තාන ජාතික සුබේර් දෙරක්ෂ්ශන්දේ නම් සැකකරු අද(22) සිට දින 5 ක කාලයක් වැඩිදුර විමර්ශන සඳහා තම කාර්යාංශයට භාර දෙන ලෙස ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යංශය පෙරේදා (20) අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.



අදහස් (0)

පාකිස්තාන අයිස් ලංකාවට-ඉන්දියාවට බෙදන්න බැරිවෙයි

ඔබේ අදහස් එවන්න

දියත

රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 19 0

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 801 0

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


බිරිය මරා නැන්දණියත් පහර දී සැමියාත් මිය යයි
2024 නොවැම්බර් මස 18 98 0

මොරගොඩ පොලිස් වසමට අයත් ලබුනෝරුව වන්නම්මඩුව ප්‍රදේශයේදී තියුණු ආයුධකින් පහර දී බිරිය ඝාතනය කළ සැමියගේ සිරුරද නිවසේ කාමරයක එල්ලමෙින් තිබියදී සොයාගත


බැතිමතුන්ට හිරිහැර වන ලෙස සිඟමනේ ගිය 6ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 559 1

අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑය වැද පුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ට හිංසා පීඩා වන අයුරින් , එම බැතිමතුන්ගෙන් සිඟමි


විශ්ව රූ රැජින කිරුළ ඩෙන්මාර්කයට
2024 නොවැම්බර් මස 18 912 0

2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද


නව කැබිනට්ටුවේ මහාචාර්යවරු පහක්
2024 නොවැම්බර් මස 18 1616 3

ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 21856 29


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18836 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 361 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 636 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1820 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site