IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


පාකිස්තාන පාර්ලිමේන්තුව විසුරුවයි

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව, විපක්ෂ සන්ධානය පාකිස්තාන ජාතික සභාවට (පාර්ලිමේන්තුවට) ඉදිරිපත් කළ විශ්වාසභංගය සම්බන්ධයෙන් ඡන්ද විමසුම අද (3) පැවැත්වීමට නියමිතව තිබුණත්, පාර්ලිමේන්තු කතා නායක අසාද් කයිසර් ඊට විරෝධය දක්වමින් විශ්වාසභංගය අවලංගු කළේය.

ඒ, එම විශ්වාසභංගය, ව්‍යවස්ථාවට පටහැනි බවත්, පාකිස්තානයේ ජාතික ආරක්ෂාවට එය තර්ජනයක් බවත් පෙන්වා දෙමිනි.

ඒ සමඟ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, පාකිස්තාන ජනාධිපති අරීෆ් අලීගෙන් ඉල්ලා සිටියේ ‘පාකිස්තාන ජාතික සභාව’ වහා විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීමට පියවර ගන්නා ලෙසය. ඒ අනුව, පාකිස්තාන ජාතික සභාව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා අද (3) දහවල් තීරණය, කළේය.

පාර්ලිමේන්තු කතා නායක අසාද් කයිසර් විශ්වාසභංගය ඉවත දැමූ අවස්ථාවේදී, පාකිස්තාන විපක්ෂය කථානායක අසාද් කේසර්ට විරුද්ධව ද විශ්වාසභංග යෝජනාවක් සභාගත කළේය. විපක්ෂ මන්ත්‍රීවරුන් 100 දෙනකු ඒ සඳහා අත්සන් ලබා දුන් බව ද වාර්තා විය.

විපක්ෂය එම විශ්වාසභංගය හරහා කථානායකවරයාට චෝදනා නගන්න වූයේ, කථානායකවරයා අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව සභාගත කළ විශ්වාසභංග යෝජනාව හැසිරවීමට කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවය.

කථානායකවරයාට එරෙහි විශ්වාසභංගය සභාගත කිරීමට මැදිහත් වී කටයුතු කළේ පාකිස්තාන විපක්ෂ සන්ධානයේ දෙවැනි ප්‍රධාන දේශපාලන කණ්ඩායම ලෙස සැලකෙන ‘පාකිස්තාන මුස්ලිම් ලීගය එන්’ පක්ෂයයි.

‘පාකිස්තාන මුස්ලිම් ලීගය එන්’ යනු හිටපු පාකිස්තාන අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ දේශපාලන පක්ෂයයි. දුෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී සිරදඩුවම් ද විඳි නවාස් ෂරීෆ් මේ වනවිට ලන්ඩන් නුවර වාසය කරන අතර, පක්ෂයට නායකත්වය දෙන්නේ ඔහුගේ සොයුරු ෂෙබාස් ෂරීෆ් ය.

ලන්ඩන් නුවර සිටින නවාස් ෂරීෆ් ට ඊයේ (2) ප්‍රහාරයක් එල්ල වූ බව ද වාර්තා විය. එම ප්‍රහාරය එල්ල කළේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පාලක පක්ෂය වන ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් යැයි ද චෝදනා එල්ල වී තිබේ.

අග්‍රාමාත්‍ය ඉම්රාන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට මූලිකත්වය ගෙන කටයුතු කළේ ‘පාකිස්තාන ජනතා පක්ෂය’ යි. පාකිස්තාන විපක්ෂ සන්ධානයේ ප්‍රධාන දේශපාලන කණ්ඩායම් දෙක වන්නේ ‘පාකිස්තාන ජනතා පක්ෂය’ සහ ‘පාකිස්තාන මුස්ලිම් ලීගය එන්’ පක්ෂයයි.

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට හේතු වූයේ වර්තමානයේ රටේ පවතින ආර්ථික අර්බුදයට අග්‍රාමාත්‍යවරයා වගකිවයුතු බවට පෙන්වා දෙමිනි.

‘පාකිස්තාන ජනතා පක්ෂය’ මෙහෙයවන්නේ ඝාතනයට ලක්වුණු හිටපු අග්‍රාමාත්‍යවරියක වන බෙනාසීර් භූතෝගේ පුත්‍රයා බිලාවිල් භූතෝය.

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ජාතිය අමතමින් දිගින් දිගටම පෙන්වා දී ඇත්තේ  පාකිස්තාන විපක්ෂ දේශපාලන කණ්ඩායම්, තමන් බලයෙන් නෙරපා දැමීමට උත්සාහ ගන්නේ ඇමෙරිකාව සමඟ එක් වී කුමන්ත්‍රණය කරමින් බවය. තමන් බලයෙන් නෙරපා දැමීමට ගන්නා උත්සාහය පසුපස ඇමෙරිකාව සිටින බව ඔප්පු කිරීමට සාක්ෂි ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් පවසා ඇත.

පසුගිය සිකුරාදා (1) ජාතිය ඇමැතූ අවස්ථාවේදී තමන්ගේ ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇතැයි ද අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පැවැසුවේය. තම ජීවිතයට කොතරම් තර්ජන ආවත්, පාකිස්තානයේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දිගටම සටන් කරන බවත්, තමන් සමඟ එම සටනට එක් වී, විපක්ෂයෙන් එල්ල වන බලපෑම්වලට එරෙහි වන ලෙසත් අග්‍රාමාත්‍ය ඉම්රාන් පාකිස්තාන ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අද (3) විශ්වාසභංග ඡන්ද විමසුමට මුහුණ දීමට සූදානමින් සිටියේ පාර්ලිමේන්තුවේ බහුතරය ද නොමැතිවය. ඡන්ද විමසුම පැවැත්වූයේ නම්, ඔහු එයින් පරාජය වීමට ද ඉඩ තිබුණු බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(රොයිටර්)



අදහස් (8)

පාකිස්තාන පාර්ලිමේන්තුව විසුරුවයි

චන්දන Sunday, 03 April 2022 02:38 PM

ඉම්රාන් ඛාන් වීරයකු ලෙස හැඳින් වූ ලාංකීය ජනතාවගෙ අදහස් මොනවද? දැන්වත් පිළිගන්නවාද ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල්වලට අවශ්‍ය විදියට ආසියානු රටවල් හසුරවන බව...

:       12       156

සේනකSunday, 03 April 2022 03:38 PM

ඉම්රාන් ඛාන් කියන්නේ චීනය සරණ ගිය නායකයෙක්... ප්‍රශ්නෙ ඒක නෙමෙයි. බටහිර රටවල් ආසියාව ගැන හොයන එකේ තියෙන අවුල මොකක්ද? හැම මනුස්සයෙකුටම තියෙන්නේ බටහිර සිහිනයක්... ලංකාව චීනයක් වෙනවාට කවුරුවත් කැමැති නෑ. එංගලන්තයක්, ප්‍රංශයක් වෙනඑක තමයි ප්‍රාර්ථනය... අපේ අපනයන වැඩිම කොටස යන්නේ යුරෝපයට. ඔය වාමාංශික නායකයෝත් රට ඇතුළේ ප්‍රජාතන්ත්‍රවාදය හදන්න කියලා ඉල්ලන්න ජිනීවා ගියා. අයි.එම්.එෆ්. එක රටවල් වලට යෝජනා කරන්නේ මූල්‍ය විනය හදාගන්න කියලා. ඔය බටහිර විරෝධය කියන්නේ පුස්සක්. කිසිම පදනමක් නැති විකාරයක්...!

:       70       21

ජයනාතSunday, 03 April 2022 04:54 PM

ඒ කියන්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදය පිළිගන්නවා... එහෙම නම් ඇයි ඇමරිකන් කාරයින්ට දොස් කියන්නේ...?

:       0       2

NuwanSunday, 03 April 2022 05:14 PM

නියම කතාව... දැන්වත් තමන්ට අවංක වෙන්න. දවල් මිගෙල් රෑ දැනියෙල් කතා නවත්තලා බටහිර විවෘත ආර්ථිකය එක්ක එකතු වෙන්න. ජපානය, කොරියාව, සහ තායිවානය දෙස බලන්න. බයි චින්තනය රටවල් හදා නැත...

:       9       4

sujeewaSunday, 03 April 2022 05:17 PM

බටහිර රටවල් හැම දෙයක්ම අපිට බලෙන් පටවන්න හදනවා. ඒකට අවශ්‍ය පසුබිම කුමන ආකාරයකින් හෝ නිර්මාණය කරනවා. ඔවුන් දියුණු රාජ්‍යයන් වී ඇත්තේ අන්රටවල ධනය ආක්‍රමණය තුළින් සූරා කෑමෙනුයි. සියල්ල අවසානයේ දැන් ප්‍රජාතන්ත්‍රවාදී රාමු ඔවුන්ට අවශ්‍ය විදිහට හදනවා. බටහිරයන් විසින් අන්රටවලට බලෙන් කඩාවැදී කරන ලද අතපෙවීම් හේතුවෙන් අද ඒ රටවල් අන්ත දුක්ඛිත තත්වයට පත් වී ඇති අතර එවැනි අතපෙවීම්වලදී මිලියන ගණනින් සාමාන්‍ය ජනතාවද ඝාතනය වී ඇතත් ඒ සම්බන්ධයෙන් ඊනියා මානව හිමිකම් හෝ යුද අපරාධ හෝ කිසිඳු චෝදනාවක්වක් නැහැ. චීනය, රුසියාව වැනි අපගේම කලාපයේ එවැනි තත්වයක් වාර්තා වී නොමැති අතර ඔවුන් අනවශ්‍ය ලෙස පරිසරයන් නිර්මාණය කරමින් අන් රටවල් මෙහෙයවීමට උත්සාහ දරන්නේ නැහැ. ඒ් රටවල දේශපාලන අනාථ අර්ථ කථනයෙන් පුද්ගලයින්ට වරප්‍රසාද දීලා තමන්ට අවශ්‍ය පරිදි හසුරු වන්නෙත් නැහැ. ඔවුන් තම කලාපවලින් පිටත හමුදා බලමුළු ස්ථාපිත කරන්නෙත් නැහැ. යුක්රේනයට තායිවානයට වුණේ, ඉරාකයට, ලිබියාවට, සිරියාවට හෝ යේමනයට කළ දේ නොවේ. පාකිස්ථානයට වූ දෙය අපටද සිදුවීමට නොදීමට අප ප්‍රවේශම් විය යුතුය. බටහිර රටවල්වල පිහිට පැතීම පුද්ගල පටු අරමුණු මත සිදුවේ...

:       2       10

ජයලත්Sunday, 03 April 2022 05:42 PM

අපේ ගොයියලට යුරෝපේ රඟේ තේරෙන්නේ එහේ ඉඳන් වයසට ගියාම, ජොබ් එකෙන් ‍ටුක් ගාලා එලියට දැම්මාම... කිසිම දවසක යුරෝපේ පස් පාගලා නැති අය තමයි ඔහොම වැඳගෙන ඉන්නේ. ඔය බටහිර රටවලට ගිහින් ඇමරිකාවේ නම් ග්‍රීන් කාඩ් හරි, යුරෝපේ නම් බ්ලූ කාඩ් හරි නැත්තන් ක්ලීනින් ජොබ්, පෙට්‍රල් ශෙඩ්, රෙස්‍ටුරන්ට් වල තමයි වැඩ. ජොබ් 2,3 කරන්න ඕන හරි හමන් තත්ත්වයක් හදා ගන්න. ඔවුන්ගේ රටේ අය මාසෙට ඩොලර් මිලියන ගණන් හොයද්දී, මෙහෙන් ඩිග්‍රි කරලා ගියපු අය ස්‍ටුඩන්ට් වීසා ගහගෙන ඩොලර් 6000-8000 ට විඳින දුක හොයලා බලන්න. ඒකෙන් 4000-6000ක් රෙන්ට් එක ගෙව්වාම ලෙඩ සේරම හොඳ වෙනවා... අන්න එතකොට තමයි තේරෙන්නේ තමන්ගේම කියලා නිදහස් රටක් තිබීමේ වැදගත්කම... ඔය උඩ දාගෙන යන අයට කළුහම නිසා නඩුවක් වැ‍ටුණාම තේරෙයි මානව හිමිකම්වල නියම තත්වේ.. නිවහල්කම කියන සංකල්පය තේරෙන්නත් පොඩ්ඩක් මොලේ තියෙන්න ඕනෑ.

:       3       15

Perera Sunday, 03 April 2022 04:30 PM

කමල් හිතපු 53 සේනාංකේ කොළඹට ගෙනැල්ලා පාරවල් යකඩ බට දාලා වහගෙන වෙන ගේමකට සෙට් වෙනවා වගේ...

:       0       2

Sameera Sunday, 03 April 2022 08:13 PM

බටහිර රටවල් සහ ඉන්දීයාව ඉතාම උපායශීලීව ලාංකික ඡනතාව බිත්තියට හේත්තු කරනවා! පාලකයින්ට හොරකම් කරන්න ඉඩ නොදිය යුතුයි. අපි බටහිර රටවල්වල ජීවත් වෙද්දී තමයි ලංකාවේ අගය දැනෙන්නේ...! කරුණාකරලා නීතිය ශක්තිමත් කර ස්වාධීන කරන්න...! රටක් දියුණු කිරිමට ප්‍රධාන අඩිතාලම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයි. කලා සහ වානිජ විෂයන් වෙනුවට තාක්ෂණික විෂයන්වලට දරුවන් යොමුකළ යුතුයි..! කොළඹ සිට ගාල්ලට වෙරළ තීරය සංවර්ධනය කරලා පුද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරලා රට නගාසිටුවීමට උරදීමට කැපවෙමු..! ප්‍රචණ්ඩ ක්‍රියාවලින් රටක් දියුණු කළ නොහැකියි. අරාබි වසන්ත ප්‍රචලිත කරපු සෑම රටකම ඡනතාවට සුදුහුණු වසන්තයක් නොමැත! 225 අපි 125 අඩුකර හොරාකන්න ඉඩ නොදෙමු!

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ලැගුම්හලේ කතක මාරා බස් පොළේ දමාගිය චුදිතයාට මරණ දඬුවම්
2025 අප්‍රේල් මස 24 510 0

ලැගුම්හලකදී කාන්තාවක මරා ගමන් මල්ලක දමාගෙන විත් කොළඹ බැස්ටියෙන් පාරේ බස් නැවතුම්පොලේ දමා යෑමේ චෝදනාවන්ට වරදකරුවු පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු


කොළඹ අගරදගුරුතුමෝ පාප්වහන්සේට ගෞරව දක්වති
2025 අප්‍රේල් මස 24 367 0

ස්වර්ගස්ථ වූ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයට මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා අද (24) ගෞරව දැක්වූහ.


අප්‍රේල් 26 ජාතික ශෝක දිනයක් කරයි
2025 අප්‍රේල් මස 24 560 1

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු සිදු කෙරෙන අප්‍රේල් 26 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.


අපේක්ෂිකාවට ජන්ද කාඩ් දුන් ලියුම් බෙදන්නාත් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 24 973 4

පුත්තලම ප්‍රාදේශීය සභාවට තරඟ වදින අපේක්ෂීකාවකට නිල ජන්ද පත්‍රිකාවක් ලබා දුන් බව කියන පුත්තලම ප්‍රධාන තැපැල් කාර්යාලයෙ ලියුම් බෙදන්නා අද (24) දහවල් අත්


‘කුෂ් ‘සමඟ විදෙස් සරසවි සිසුවා අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 24 706 0

රුපියල් පන් කෝටි තිස් ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැ


දළදා වඳින්න ආවොත් මඟ නතර වෙන්න වෙයි
2025 අප්‍රේල් මස 24 13 0

දළදා වන්දනාවට ඉදිරි දින දෙකට සරිලන බැතිමතුන් විශාල පිරිසක් මේ වන විටත් පෝලිම්වල රැඳී සිටින බැවින් මහනුවරට නොපැමිණෙන්නැයි මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ට නි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 711 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 353 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 502 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site