(සුජිත් හේවාජුලිගේ )
පළාත් පාලන ආයතන වලට බොහෝ දේශපාලන පක්ෂවලින් සහ ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්ෂකයන් ලෙස තරඟ වැදීමට මෙවර බොහෝ පිරිසක් දැඩි මැලිකමක් දක්වා ඇතැයි වාර්තාවේ.
මේ හේතුවෙන් බොහෝ දේශපාලන පක්ෂ වලට සහ ස්වාධීන කණ්ඩායම් වලට අපේක්ෂකයන් තෝරා ගැනීම මෙවර ලොකු අභියෝගයක්වී තිබූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇතැම් දේශපාලන පක්ෂ වලට ඇතැම් පළාත් පාලන ආයතන සඳහා අපේක්ෂක ලැයිස්තු ඉදිරිපත් කිරීමට පවා නොහැකි වී ඇත්තේ මේ තත්වය හේතුවෙන් බව දැනගන්නට ඇත.
මේ තත්ත්වය යටතේ සමහර අපේක්ෂක ලයිස්තු කඩිමුඩියේ සකස් කිරීමට සිදුවීම නිසා ඇති වූ අඩුපාඩු හේතුවෙන් ඒවා ප්‍රතික්ෂේප කෙරුණු බව දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරීහු පෙන්වා දෙති.
පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයන් සූදානම් කර ගැනීමට මේ මන්දෝත්සාහි තත්ත්වය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ ආසන සංවිධායකවරුන්ට මෙවර දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බවද වාර්තාවේ.
මනම්පිටියේ පවත්වාගෙන යනු ලබන ආගමික මධ්‍යස්ථානයක් අසල මීට සුළු වේලාවකට පෙර වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය කියයි.
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වු මහාචාර්ය සිව සුබමනියම් රවින්ද්‍රනාත් මහතා අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ස
සෞඛ්‍ය අමාත්‍යාංශය ක්ෂේත්‍ර මදුරු මර්දන සහයකයන් 1103 දෙනෙකු සේවයේ යොදවා තිබුණත් මෙම තනතුරු සඳහා පසුගිය වසරේ මාර්තු මාසය දක්වා විධිමත් අනුමැතියක් ලබාග
ශ්රී ලාංකික පවුලකට සිය ආහාර සහ ආහාර නොවන අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා සාමාන්‍යයෙන් මාසිකව රුපියල් ලක්ෂයකට වඩා වැඩි මුදලක් අවශ්‍ය බව ලෝක ආහාර වැඩසටහනේ න
එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රිවරයෙකු වූ සුනිල් සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.
අලුත් අවුරුදු උත්සව සමයේ කළ වැටලීම්වලදී නීති විරෝධීව මත්පැන් අළෙවි කළ සුරාබදු බලපත්‍ර හිමි මත්පැන් අළෙවිසැල් තුනකට මුද්‍රා තැබූ බවත් එම මත්පැන් අළෙව
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පුංචි ඡන්දෙට මහ පිරිසක් පස්ස ගහලා
ලක්විදු Sunday, 23 March 2025 12:07 PM
මදැයි එක කතිරයක මහිමය..!
Nalaka Sunday, 23 March 2025 12:38 PM
හොරු ලොවෙත් පරදින බව දන්නවා...
Ashani Lawrence Sunday, 23 March 2025 02:57 PM
වැඩ කරන මිනිස්සුන්ට හොරා කියලා පටබැඳලා අපහාස කරන කොට කයිය විතරක් ගහපු ගහන එවුන්, කවුරුවත් ඉදිරිපත් වෙන්නෑ...
PGPThilak Sunday, 23 March 2025 01:02 PM
හොරා කෑමට අමාරුයි කියල දැණුනාම කවුරුවත් එන්නේ නැහැ...!
ප්‍රියන්ත Sunday, 23 March 2025 01:11 PM
රට ගැන පුදුම රුදාවක් තිබෙන, (විවිධ නම් වලින් පෙනී සිටින), යොගා, ගුණරත්න, රම්බොඩ, මැක්ස්..., අනේ ඇයි ඔබලා මෙතැන බොරුවට පොර ටෝක් දිදී නිකං කාලෙ කන්නේ නැතිව, රට වෙනුවෙන් ඉදිරියට ඇවිත් ඔබලා නියෝජනය කරන පක්ෂය වෙනුවෙන් ඉල්ලුවේ නැත්තේ…?
ashani Lawrence Sunday, 23 March 2025 02:54 PM
පොලිටික්ස්, ඒ කාලේ වැදගත් රස්සාවක්. දැන් ඒකට ඩිමාන්ඩ් එකක් නෑ.
Ashani Lawrence Sunday, 23 March 2025 02:58 PM
බල්ලෝ බලල්ලු වගේ මිනිස්සු මහ පාරේ මැරෙන කොට කාටද රිස්ක් එකක් ගන්න ඕනෑ...
සෙනෙවිරත්න Sunday, 23 March 2025 04:17 PM
බයවෙන්න එපා සත්තු මරන්නේ නැහැ. ඒ තරමට පාතාලේ පහතට වැටිලා නැහැ. හැබැයි පාතාලෙත් එක්ක ගනුදෙනු කරලා දැන් පස්ස ගහන අයට තමයි ඔය බය...
සෙනෙවිරත්න Sunday, 23 March 2025 04:24 PM
මේ පාරත් හේදෙනවා හේදිල්ලක් ලොවෙත් නැතුව...
ගුණරත්න Monday, 24 March 2025 11:26 AM
ඡන්ද වැඩ වලට වියදම් කරන සල්ලි පෙන්වන්න, සීමාවක් පනවන්න, මැතිවරණ දූෂණ නවත්තන්න මේ ඔක්කොම ප්‍රගතිශීලී දේවල් කලේ යහපාලන ආණ්ඩුව. එකත් රනිල් තමයි කලේ. රනිල්ලා ඒ වගේ ප්‍රතිසංස්කරණ ගෙනාවේ නැත්නම් මාලිමාවුන්ට නකුට දෙපරංශයේ ගහගෙන ඉන්න නාටු බල්ලන් වගේ තමයි ඉන්න වෙන්නේ. ඒ ප්දැරතිසංස්න්කරණ වලට පින්සිදුවන්න බල්ලොත් ඊනියා සිංහයෝ වෙලා.