(සුජිත් හේවාජුලිගේ)
පළාත් පාලන ඡන්දය ලබන මාර්තු 20වැනිදාට පෙර පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසීය.
පළාත් පාලන ඡන්දය කල් දැමීමට කොමිෂන් සභාව විරුද්ධ බවද සැප්තැම්බර් මාසයෙන් පසු පළාත් පාලන මැතිවරණය පැවැත්වීම නිවේදනය කිරීමේ බලය කොමිෂන් සභාවට ලැබී ඇති බවද ඔහු සඳහන් කළේය.
පළාත් සභා අද ක්‍රියාත්මක වන්නේ නිලධාරීන් යටතේ බවත් මහජන නියෝජිතයන් සිටිය යුතු තැන්වලට නිලධාරීන් යොදවා පාලනය කිරීමට කොමිෂන් සභාව එකඟ නැති බවත් ඔහු සඳහන් කළේය.
පළාත් සභා අතුරුදන් වී නැති බව පැවසූ සභාපතිවරයා එය අතුරුදන් කර ඇති බවද ප්‍රකාශ කළේය.
මේ අතර නිදහස ජනතා සභාවේ සාමාජිකයෝ පිරිසක් මැතිවරණ කොමිෂන් සභාවට පැමිණ එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා අද (12) පෙරවරුවේ හමුවූහ. ඔහු මේ බව පවසා ඇත්තේ එම රැස්වීමේදීය.
මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසූවේ අනාගත මැතිවරණවලට ඉදිරිපත් වන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට පැමිණි බවයි.
මෙහිදී අදහස් දැක්වූ මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසුවේ නීතිය යටතේ මැතිවරණයක් තියන්නම වෙන බවයි.
ව්‍යාජ හේතු ඉදිරිපත් කර මැතිවරණ කල් දැමීමට නොහැකි බවත් මැතිවරණ කොමිෂන් සභාව සමග මේ සම්බන්ධයෙන් අංග සම්පූර්ණ සාකච්ඡාවක් පැවැත්වීමට අදහස් කරන බවත් ඔහු සඳහන් කළේය.
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පුංචි ඡන්දය තියෙන දවස මැතිවරණ කොමිසම කියයි
sriyal Wednesday, 12 October 2022 10:31 PM
කොන්ද තියෙනව නම් මේ සතිය ඇතුලත ඕක තියෙන දවස නිවේදනය කරන්න. ඕට්ටුයි බෑ
සුරංග Thursday, 13 October 2022 05:36 AM
ආණ්ඩුකාරවර කියන්නෙ නිළධාරියෙක් නොවෙයි ඔවුන් තමයි පළාත් සභා පාලනය කරන්නෙ පළාත් පාලන මැතිවරණ තියන්න ඔබතුමාගේ අතේ සල්ලි තියෙනවයි.
චමින්ද Thursday, 13 October 2022 08:34 AM
01, ඡන්දය කියන්නෙ කැමැත්ත. ඒක රහස් ඡන්දයක් කියලා කියනවානේද ඒකට ඡන්දය ලකුණු කරන්න පොඩි කුටියක් දෙනවා එහෙම වුනාට සමහරක් ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති සමග යන සහායකයින් ඡන්දය සළකුණු කරන ආකාරය ළගට වෙලා බලාගෙන ඉන්නවා. මෙයින් රහස්‍ය බව නැතුව යනවා මෙනිසා මැතිවරණයට පෙර නිළධාරින් පුහුණු කරන අවස්ථාවේ මෙහෙම දූෂණ නොකිරීමට දැනුවත් කරන්න කියලා ඉල්ලන්න කැමතියි. 02, ඒ වගේම කියන්න ඕන ඡන්ද හිමි නාමලේඛන සැකසීම කරනවිට පවුලේ වැඩිමල් අය මුලිනුත් බාල අය පසුවත් ලේඛන ගත කරන්න කියලා දැන් තියෙන ක්‍රමයට ගෘහමූලිඛයා වුනත් ලැයිස්තුවේ අන්තිමට තියෙන්න පුළුවන් ඒක පරිගණකයේ උපන් දින අනුව ෆිල්ටර් කිරීමෙන් කරන්න පුළුවන් වේවි.