IMG-LOGO

2025 පෙබරවාරි මස 15 වන සෙනසුරාදා


පුංචි ඡන්ද පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය පාර්ලිමේන්තුවට

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

“පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන)” නමැති පනත් කෙටුම්පත සමස්තයක් ලෙස සහ විශේෂයෙන් කියවිය යුතු 2 සහ 3 වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව සමඟ අනනුකූල වන බැවින් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84 ව්‍යවස්ථාවේ (2) ඡේදයට අනුව විශේෂ බහුතර ඡන්දයෙන් පමණක් සම්මත කිරීම අවශ්‍ය වන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතරය සමන්විත වන විනිසුරුවරුන් දෙදෙනකු විසින් තීන්දු කර ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද නිවේදනය කළේය.

එසේම මෙම පනත් කෙටුම්පත සමස්තයක් ලෙස හෝ එහි යම් විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනනුකූල නොවන බැවින් එය පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බවට විනිසුරු මඩුල්ලේ ඉතිරි විනිසුරුවරයා විසින් තීන්දු කර ඇති බවත් කථානායකවරයා වැඩිදුරටත් නිවේදනය කළේය.

“පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා පාර්ලිමේන්තුවට නිවේදනය කරමින් මේ බව අද දැනුම් දුන්නේය.

“පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන)” නමැති පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වන ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ලක් කෙරිණි.



අදහස් (0)

පුංචි ඡන්ද පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය පාර්ලිමේන්තුවට

ඔබේ අදහස් එවන්න

 

 

දියත

මිනුවන්ගොඩ වෙඩි තැබීමට දෙකක් සැක පිට
2025 පෙබරවාරි මස 15 7 0

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාසලක් අසලදී කරවල ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත


විද්‍යා පීඨ ගුරු පුහුණුව හොඳ කළක් යයි
2025 පෙබරවාරි මස 15 308 0

විද්‍යාපිඨ තුලින් දෙන ගුරු පුහුණු අධ්‍යාපනය වසර 15කින් වෙනස්වී නොමැති බවත් ගුරුවරුන්ගේ වෘත්තීයභාවය වර්ධනය කරමින් නවීණ අධ්‍යාපන දැනුමින් සන්නද්ධ කි


කඩවත ගනේමුල්ල පාරේ ගිනිගත් මළ සිරුරක්
2025 පෙබරවාරි මස 15 851 0

කඩවත මංගල මාවත ආසන්නයේ පිහිටි ලඳු කැලෑවක තිබී සිරුරට ගිනි ඇවිලනු මළ සිරුරක් අද (15) හමුවූ බව කඩවත පොලිසිය පවසයි.


මාර්ග අධිකාරිය අයිති නැති වැඩට කෝටි 14000ක් පුදලා
2025 පෙබරවාරි මස 15 804 0

මාර්ග සංවර්ධන අධිකාරිය තම විෂය පථයට අයත් නොවන මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් කෝටි දා හතර දහස් හත්සිය පහළොවක් (14715ක් ) වැය කර ඇතැයි ජාතික විගණන කාර්යා


බසයක් පෙරලී 3ක් රෝහලට
2025 පෙබරවාරි මස 15 619 0

ලුණුගම්වෙහෙර සිට කොළඹ බලා ධාවනය වූ අර්ධ සුඛෝපභෝගී බස් රථයක් අද අළුයම පානදුර ගුවන් පාලම යට පෙරළී යාමෙන් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පානදුර දකු


එජාපයට නව උප සභාපතිවරයෙක්
2025 පෙබරවාරි මස 14 1293 1

එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති ලෙස නවීන් දිසානායක මහතා පත් කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 217 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 133 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 950 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site