IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘‘පුංචි ජන්දය හැකි ඉක්මනින්ම තියනවා‘‘

(ඩි.ජී.සුගතපාල)

මැතිවරණ කල්යාම ජනතාවගේ ඡන්ද අයිතියට හානියක් බවත් ඒ නිසා අධිකරණ තීන්දුව අනුව කටයුතු කරමින් පළාත් පාලන මැතිවරණය ඉක්මනින් පවත්වන බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවැසීය.

රත්නායක මහතා මේ බව කියා සිටියේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අදාළ අවසරලත් අනුමත මුදල පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

රත්නායක මහතා වැඩිදුරටත් මෙසේද කීය.

“ඕනෑම මැතිවරණයක් ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ බලපැවැත්වෙන නීතිය තමයි ක්‍රියාත්මක වන්නේ. ඒ නිසා පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීමට හැකියාවක් නැහැ. ඡන්ද කල්යාම ජනතාවගේ ඡන්ද අයිතියට හානියක්.

හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පවත්වන්න කියල අධිකරණය තීන්දුවක් දීලා තියෙනවා. අධිකරණ නියෝග අනුව කටයුතු කරනවා. අද පැමිණියේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අදාළව ඔවුන්ගේ අවසරලත් අනුමත මුදල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි. එම මුදල නුදුරු දිනයකදී ප්‍රකාශයට පත් කරනවා.“

 



අදහස් (3)

‘‘පුංචි ජන්දය හැකි ඉක්මනින්ම තියනවා‘‘

Chandima Monday, 16 September 2024 12:55 AM

ඉක්මනට තියන්න අදහස් කරනවනම් ඇන්ම රාහුකාලෙ බලලා තියාගන්න. අන්තිමේ ආයෙත් නැකැත් බලන් එනක් පහු කරන්න වෙයි.

:       1       1

Naminda Monday, 16 September 2024 06:50 AM

බොලාට සල්ලි වැඩි වෙලාද කාබාසිනියා කරන්නෙ. කන්න බොන්න නැති මිනිස්සු ඉන්නවා.

:       0       2

Lasantha Monday, 16 September 2024 07:47 AM

දැන් ඇල්පිටියේ තරුණ පිරිසට අලුත්ම නාමලේඛන අනුව නාමයෝජනා දෙන්න අවස්ථාව ලැබුනා අනෙක් ප්‍රදේශවල මෑතකදී 18 සම්පූර්ණ වූ තරුණ පිරිස් වලට නාමයෝජනා දීමට අවස්ථාව අහිමි වෙනවා එය ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් කියලා කියන්න පුළුවන් එහෙම වුනොත් සාධාරණයක් නැහැ අධිකරණය මැතිවරණය ඉක්මනින් පවත්වන්න කියලා තිබුනා වුනත් කෙනෙකුට පුළුවන් නේද ඔහුටත් පළාත් පාලන මැතිවරණය සදහා ඉදිරිපත් වෙන්න අවස්ථාව ඉල්ලීම කරන්න එහෙම වුනොත් මොකද කරන්නෙ

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 287 0

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5362 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 897 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 4312 2

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 3875 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 2503 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


වැඩි දෙනා කියවූ පුවත්



ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16909 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 84 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 266 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 134 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site