(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
පළාත් පාලන ආයතන වලට තෝරාගන්නා සභිකයින් සංඛ්‍යාව 4714ක් දක්වා අඩු කිරීමට නව සීමා නිර්ණ කොමිෂන් සභා කමිටුවේ වාර්තාවෙන් යෝජනා කර ඇත.
පළාත් පාලන මැතිවරණයෙන් මේ දක්වා තෝරා ගැනුණු නියෝජිතයන් සංඛ්‍යාව අට දහසකි.
මේ අතර පළාත් පාලන ආයතන සඳහා කොට්ඨාශ මට්ටමින් මෙතෙක් තේරුණු නියෝජිතයන් සංඛ්‍යාවවූ 5092 දෙදහස් අටසිය අසූ දෙකක් දක්වා අඩු කිරීමටද යෝජනා කර ඇත.
නව සීමා නිර්ණ කමිටු අවසන් කෙටුම්පත සීමා නිර්ණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ඊයේ (11) පෙරවරුවේ බාර දුන්නේය.
පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් විෂය බාර අමාත්‍යවරයා ලෙස පත්කරනු ලැබුවේ පසුගිය නොවැම්බර් මාසයේදීය.
මහින්ද දේශප්‍රිය මහතා ගේ මහතාගේ සභාපතිත්වයෙන් යුතු එම කමිටුවට සාමාජිකයෝ හතර දෙනෙක් ඇතුළත් වූහ.
මේ අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන පක්ෂ ප්‍රකාශ කරන්නේ පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ අරමුණින් මෙම කමිටුව පත් කළ බවයි.
මේ සම්බන්ධයෙන් අප සීමා නිර්ණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙම වාර්තාව ලබන 18 වැනිදා සිට 25 වැනිදා දක්වා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ප්‍රදර්ශනය කරවීමට කටයුතු කරන බවයි.
මීට අමතරව එම වාර්තාව පළාත් පාලන ආයතන වලද ලබන 19 වැනිදා ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ දේශප්‍රිය මහතා එම කාලයේදී ඒ සම්බන්ධයෙන් යෝජනා ඇත්නම් ඉදිරිපත් කළ හැකි බවද ප්‍රකාශ කළේය.
ජාතික කමිටුවේ නිල කාලය මෙම මස 30 වැනිදා දක්වා දීර්ඝ කර ඇති බැවින් සීමා නිර්ණය කටයුතු සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ග, දේශපාලන පක්ෂවල සිවිල් සංවිධානවල යෝජනා හා අදහස් මහජන නියෝජන පිළිබඳ තොරතුරු, කමිටුවේ නිරීක්ෂණ හා නිර්දේශ ඇතුළත් වාර්තාව ඒ ඒ පළාත් පාලන ආයතනවල සිතියම් දැක්වෙන වාර්තා ද අග්‍රාමාත්‍යවරයාට මැයි මස 2 වැනිදා බාරදීමට අපේක්ෂා කෙරේ.
පළාත් පාලන ආයතන කොට්ඨාස සීමා නිර්ණයේදී අදාළ ලේඛන වල දැක්වෙන ඒ ඒ කොට්ඨාස බෙදා වෙන් කිරීම පිළිබඳව උනන්දුවක් දක්වන දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධානවලට සහ පුරවැසියන්ට ස්වකීය යෝජනා හා අදහස් අප්‍රේල් මස 25 වැනි දින දක්වා කොළඹ 5 කිරුළ පාර මිනින්දෝරු ජනරාල් කාර්යාල ගොඩනැගිල්ලේ පිහිටි සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවට එවිය හැකි බවද මහින්ද දේශප්‍රිය මහතා දැනුම් දෙයි.
පවුල් ආරවුලක් දුරදිග යාමෙන් හිගුරක්‌ගොඩ කිරිමැටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු සිය බිරිදට පොරොවකින් පහරදී ඝාතනය කර ඇතැයි හිගුරක්ගොඩ පොලිසිය කියයි.
මහරගම අපේක්ෂා රෝහල සඳහා වන පරිත්‍යාග ගිණුමේ රුපියල් කෝටි හතළිහකට වැඩි මුදලක් තිබූ නමුත් පසුගිය වසර දෙකේදී මෙම අරමුදල් කිසිදු ඵලදායි කාර්යයක් සඳහා භ
පසුගිය ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වා කාලයේදී මෙරටට සංචාරකයන් 816,191 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප
“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.
සිරි දළදා වන්දනාවේ සමාරම්භක අවස්ථාව සඳහා රටවල් රැසක තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් ද අද සහභාගි වීමට නියමිත බව ජනාධිපති ක
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
පුංචි සභාවල පුංචි මන්ත්‍රී ලයිස්තුව භාගයකින් කපයි
සුරංග Tuesday, 11 April 2023 07:55 PM
1988 කාලයේ ග්‍රාම නිළධාරි වසම් ප්‍රමාණය වැඩිකලා ඇත්තටම ඒ කාලයේ තිබුන වසමකට එක් අයෙක් ලෙසට පත්කිරීම හොදටම ප්‍රමාණවත් කියන්න පුළුවන් එහෙම නැත්නම් ජනගහනයට සාපේක්ෂව හෝ ජනතාව ජීවත්වන නිවාස සංඛ්‍යාව අනුව ජනතා නියෝජිතයන් (අතීතයේ කියපු ආකාරයට මැම්බර්ලා ) පත්කිරීම සුදුසුයී.
දාස Wednesday, 12 April 2023 06:16 AM
චන්දෙ තියපල්ලා අපේ අයිතීන් උදුර ගන්නෙ නැතිව. රට පාලනය කරන්නෙ ජනතා නාකයෙක් නෙමෙයි.
WithanaWednesday, 12 April 2023 09:40 AM
ඡන්දෙ ඉල්ලන්න නිවාඩු පිට ඉන්න කෙනෙක් දාපු කොමෙන්ට් එකක් බවයි පේන්නේ. අනුරයා ඔබලාව ඇන්දුවා නේද මල්ලි..?.
සුදෙව් Wednesday, 12 April 2023 01:51 PM
නාස්තිය අවමකර පළාත් පාලන මන්ත්‍රී සංඛ්‍යාව අඩුකරාම තරහා ගියා වගේ...
Bamunuarachchi Wednesday, 12 April 2023 06:39 AM
පුන්චිලයිස්තුව භාගයකින් නොව සම්පුරයෙන් ඉවත් කර දමන්න.
SurainWednesday, 12 April 2023 09:04 AM
ගමේ පාරවල් සුද්ද කරන්නේ ඔයාගේ නෑදෑයෝ ටික ඇවිල්ලද? එහෙම නැතිනම් ඔය ඡන්දෙ දීලා පාර්ලිමේන්තු යවපු දූෂිත රැළද?
Bamunuarachchi Friday, 14 April 2023 07:21 PM
කොයි කාලේද ඉපදුනේ. අවුරුදු ගණන් පුංචි සභා විසුරුවා තිබුන කියලා දන්නේ නැද්ද? ඒකාලේ ඒ පුංචි සභාවල වැඩකෙරුනේ නැද්ද?
විපරමා Wednesday, 12 April 2023 03:08 PM
බාගෙකින් අඩුකෙරුවා කියලා වැඩක් වෙන එකක් නැහැ.. හිටපු අයගෙන් රටට යහපතක් වුණාද?
AKS Aththanagoda Thursday, 13 April 2023 05:02 PM
පින් පඩි ගන්න එක වැලැක්වීම හොදයි