(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
පාස්කු ඉරුදින ප්‍රහාරයට වගකිවයුතු බවට චෝදනා කරමින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහත්වරුන්ට එරෙහිව පවරා තිබූ නඩුවලින් ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබූ අභියාචනා පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.
මෙම පෙත්සම විභාගය ජූලි 4 වැනිදා සිට පුරා දින 5 ක් පැවැත්වීමට නියමිතය.මෙම පෙත්සම ප්‍රීති පද්මන් සුරසේන, යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිණ.
පාස්කු ඉරුදින ප්‍රහාරයට වගකිව යුතු බව චෝදනා කරමින් නීතිපතිවරයා විසින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහත්වරුන්ට කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.පසුව මෙම නඩුවෙන් විත්තිකරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කෙරිණ.
ඉන් අගතියට පත් නීතිපතිවරයා විසින් විශේෂ අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරනු ලැබ ඇත.මහාධිකරණය ලබා දුන් නියෝගය බල රහිත කරන ලෙස නීතිපතිවරයා මෙම පෙත්සමෙන් ඉල්ලා තිබේ.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඇතිවු ආරවුලක් දුර දිග ගොස් මල්ලි එල්ල කළ පොලු පහරින් අයියා මියගොස් ඇති බව සාලියවැව පොලිසිය අද(15) පැවසිය.
2024 ජනාධිපතිවරණයේ දී දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : සජිත් ප්‍රේමදාස 200384, ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කු
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ගණන් කිරීමේ අවස්ථාවේදී කුරුණෑගල කාර්මික විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයට පොලිස් අණ නොතකා ඇතුළු වූ සුඛෝභෝගී ජීප්
2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම
මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 64068, රනිල් වික්‍රමසිංහ 41538, අනුර කුමාර දිසානායක 24168 කි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පූජිත්-හේමසිරි එරෙහි පෙත්සම විභාගයට අවසර