(මොහොමඩ් ආසික්)
ගෑස් මිළ ඉහළ යාම හේතුවෙන් මෘත දේහයන් ආදාහනය කිරීමේදී අය කරනු ලබන ගාස්තුව රුපියල් 1,500 කින් වැඩි කිරීමට පූජාපිටිය ප්‍රා දේශිය සභාව අද (12 ) වනදා පැවැති එහි මාසික මහ සභා රැස්වීමේදී තීරණය කරනු ලැබීය.
පූජාපිටිය නගරයේ පිහිටි ප්‍රධාන රැස්වීම් ශාලාවේදී එහි සභාපති අනුර ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් අද( 12) පැවැති එහි මාසික මහ සභා රැස්වීමේදී හදිසි යෝජනාවක් වශයෙන් සභාපති අනුර ප්‍රනාන්දු මහතා මෙම යෝජනාව ඉදිරිපත් කරමින් සඳහන් කළේ, ගෑස් මිළ ඉහළ යාම හේතුවෙන් මෘත දේහයන් ආදාහය කිරිම සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදු වී ඇති බැවින් ආදාහන ගාස්තු රුපියල් 1500 කින් ඉහළ නැංවීමට යෝජනා කරන බවයි.
ඒ අනුව බල ප්‍රදේශයේ පදිංචිකරුවකුගේ ආදාහනයකදී දැනට අය කරනු ලබන රුපියල් 7,000 ක මුදල රුපියල් 8500 දක්වාත්, බල ප්‍රදේශයෙන් පිට පදිංචි පුද්ගලයින්ගෙන් අය කරනු ලබන රුපියල් 8,000 ක ගාස්තුව රුපියල් 9,500 දක්වාද වැඩි කරන බවත් ආදාහනාගාරය පිහිටි වසමේ පදිංචි කරුවන්ගෙන් අය කරනු ලබන රුපියල් 5,500 ක ගාස්තුව රුපියල් 7,000 දක්වාද ඉහළ නැංවිමට යෝජනා කරන බව කීය.
කෙසේ නමුත් මෙම ආදාහන ගාස්තු ඉහළ නැංවීම ක්‍රියාත්මක කරනු ලබන්නේ 2022 ජනවාරි මාසයේ පළමු වනදා සිට බවත් ඉදිරියේදි ගෑස් මිළ අඩුවුවහොත් ආදාහන ගාස්තුද අඩු කිරීමට පියවර ගන්නා බවත් කීය.සභාපති අනුර ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කරුනු ලැබූ මෙම යෝජනාව සභාවේ ඒකමතිකව සම්මත විය.
මහනුවර ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ අග්බෝපුර ප්‍රදේශයේදී බස් රථයක් කැබ් රථයක ගැටී ඉදිරියෙන් පැමිණි ලොරි රථයේ මුහුණට මූණ ගැටීමෙන් සිදුවූ අනතුරකින්
ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය අවුරුදු තෙදිනේ දිනකට රුපියල් කෝටි 600 කට ආසන්න ආදායමක් උපයා ගෙන ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධ
රුපියල් හාර කෝටි පනස් ලක්ෂයක් වටිනා හෂීෂ් සහ කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග ඒවා කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ ගුවන් මගීන් තිදෙනකු සහ ඔවුන්ට ආධාර අන
අලුත් අවුරුදු තෙදිනේ අධිවේගී මාර්ග පද්ධතියෙන් රුපියල් 134,498,800 මුදලක ආදායමක් ලැබී ඇතැයි නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ( අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරන අං
ජී.එස්.පී. ප්ලස් බදු සහනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා දූත කණ්ඩායමක් මේ මාසය අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවස
රතිඥ්ඥා දල්වන විට ඇස් කන්නාඩි පළඳින ලෙස කොළඹ අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්‍යවරු ඉල්ලීමක් කරති.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
පුජාපිටියේ ආදාහන ගාස්තු වැඩිකරයි