(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
නුවරඑළිය පූඩලු ඔය පහල වීදියේ පිහිටි ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිලේ පූජාවකට පැමිණ සිටි කාන්තාවන් තිදෙනකු ගෙල පැළඳ සිටි රන් මාල හතරක් කඩා ගත්තේ යැයි කියන ඉන්දීය ජාතික කාන්තාවක් ඇතුළු කාන්තාවන් හය දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පූඩළුඔය පොලීසිය පවසයි.
කෝවිලට පැමිණ සිටි එක් කාන්තාවක් පැළඳ සිටි රුපියල් 850,000 වටිනා රන් මාල දෙකක් ධනවත් කාන්තාවක් ගෙල පැලඳ සිටි රුපියල් 16,57,500 වටිනා මාලයක් සහ අනෙක් කාන්තාව පැළඳ සිටි රුපියල් 510,000වටිනා රන් මාලයක් ද කඩා ගත් බව කියමින් මෙම නම දෙනා සැකපිට අත්අඩංගුවට ගත් බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
අත්අඩංගුවට ගත් ගත් සැකකරුවන් සහ සැකකාරියන් අතර ඉන්දීය ජාතික කාන්තාවක් සහ ඉන්දීය ජාතික පුද්ගලයකු ද සිටින අතර සෙසු සැකකරුවන් සහ සැකකාරියන් පුත්තලම ,දිගන, කිලිනොච්චිය සහ යාපනය යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 35, 55 ,47 ,39, 47 සහ 29යන වයස්වල පසු වන්නෝ වෙති.
පූඩළුඔය පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් නම දෙනා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පූජාව අස්සේ රන්මාල කඩාගෙන