IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


පිටදූවේ සිරිධම්ම හිමිට මල්වතු විහාරයෙන් තරයේ අවවාද

(ෂේන් සෙනෙවිරත්න)

පිටිදූවේ සිරිධම්ම හිමියන් ත්‍රිපිටක ධර්මයත් බුද්ධ චරිතයත් විකෘතියට පත්කරමින් කරන අනර්ථ දේශනයන් සිදු කිරීමෙන් වළකින ලෙස මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන් ප්‍රමුඛ කාරක සංඝ සභාව දැඩි ලෙස අවවාද කළ බව එම පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පහමුණේ ශ්‍රී සුමංගල හිමියන් අද (01) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අවධාරණය කළේය.

පිටිදූවේ සිරිධම්ම හිමියන් මල්වතු පාර්ශවයේ මහනායක හිමිපාණන් වහන්සේ ඇතුළු සානු නායක කාරක සංඝ සභාව හමුවට ඊයේ (31) කැඳවා ත්‍රිපිටක ධර්මයත් බුද්ධ චරිතයත් විකෘතියට පත්කරමින් සිදුකරගෙන යන අනර්ථ දේශනා වහාම නතර කරන ලෙස උන්වහන්සේට දැඩි ලෙස අවවාද කළ බව මහා ලේඛකාධිකාරී හිමියන් එහිදී අවධාරණය කළේය.

එහිදී පිටිදූවේ සිරිධම්ම හිමියන් මල්වතු මහනායක හිමිපාණන් ප්‍රමුඛ සානු නායක කාරක සංඝ සභාව ඉදිරියේ ප්‍රකාශයක් සිදුකරමින් උන්වහන්සේ පසුගිය කාලයේ සිදු කළ දේශනා චේතාන්විතව සිදුකළ ප්‍රකාශයන් නොවන බවත් ඒ හේතුවෙන් සමස්ත බෞද්ධ ජනතාවට සිදු වූ චිත්ත පීඩාවන් වෙනුවෙන් මල්වතු මහනායක හිමිපාණන් ප්‍රමුඛ කාරක සංඝ සභාවේ පාද නමස්කාර කොට සමාව ගන්නා බවත් මහා විහාර සම්ප්‍රදායන්ට පරිබාහිරව කිසිදු ධර්ම විග්‍රහයක් ඉදිරිපත් නොකරන බවට ද ප්‍රතිඥා දුන් බව මහා ලේඛාධිකාරි හිමියන් පැවසීය .

 



අදහස් (26)

පිටදූවේ සිරිධම්ම හිමිට මල්වතු විහාරයෙන් තරයේ අවවාද

S.S.Wijesooriya Wednesday, 01 November 2023 08:50 PM

ඉතා හොඳ සද්ක්‍රියාවකි...

:       2       3

ravin Wednesday, 01 November 2023 09:07 PM

පසුගිය කාලයේ සිදු කළ දේශනා චේතාන්විතව සිදුකළ ප්‍රකාශයන් නොවන බවත් අන්තර්ජාලයේ විපරම් කලොත් කාට කාටත් බලාගත හැකිවෙවි චෙතනාව මොකක්ද කියලා.

:       0       2

Akalanka Wednesday, 01 November 2023 10:05 PM

බොහෝම හොඳ වැඩක් කරලා තියෙන්නේ, බුදුදහමට හානිකරන අයවලුන් ශාසනයෙන් ඉවත් කළ යුතුයි. තෙරුවන් සරණයි...!

:       1       6

Perera Wednesday, 01 November 2023 10:54 PM

සමාව ගත්තා දැන් ඔක්කොම හරි .අපිත් කැළණි විහාරේ ගිහින් වැන්දම ඔක්කොම හරි

:       2       6

G. K. Ekanayake Wednesday, 01 November 2023 11:05 PM

කොයිතරම් අවවාද කලත් වැඩක් නැති චරිතයක්. නතාෂා සහ ජෙරම් අත්අඩංගුවට ගත්ත වගේ ඇයි මෙයාට ඒ දඬුවම දෙන්න බැරි?.

:       1       14

Bamunuarachchi Wednesday, 01 November 2023 11:59 PM

අවවාද දෙන්න මෙයා පොඩි එකෙක් නොවෙයි. සාසනය කෙලසන්න ආපු අන්‍යආගම් ඔත්තුකාරයෙක්.පස්ස උඩ දාලා මෙයාට වඳින ගොබ්බයොත් ඉන්නවා.

:       2       20

Kuhaka Baiya Thursday, 02 November 2023 12:16 AM

මේ උන්නාන්සේත් දාගන්න කචල් .අනේ මන්දා .දන්නා දේයි නොදන්නා දේයි ඔක්කොම කියවනවා .ඉරාජ් එක්ක සෙට් වෙලා.ඌ ෆෝම් කරනවා උන්නාන්සේ දෙසනවා

:       1       11

රංබොඩ Thursday, 02 November 2023 12:31 AM

භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්ම විනයට පටහැනිව සිරිධම්ම හිමියන් බොහෝ අකටයුතු කම් කරන අතර සිල්වත් මහා සඟරුවනට නින්දා දෙමින්ද සිටී. බුදුන් වහන්සේ කල සිටි කෝකාලික භික්ෂු ව සිහි ගැන්වේ. කෙසේ වෙතත් මුන් වහන්සේගෙන් ධර්මය අහන පිංවතුන් පරිස්සම් විය යුතුය .

:       1       9

සුධීර Thursday, 02 November 2023 12:53 AM

ඔය අභබ්බයා මීට පෙරත් සමාව ගත්තා නේද මල්වත්තට ගිහින්!!!

:       1       6

Chandima Thursday, 02 November 2023 05:00 AM

මේ තරම් කාලයක් බුද්ධාගම ඇදහූවට බුද්ධාගමෙත් පව් සමාක්රන්න පුළුවන් කියලා දැනගත්තේ අදයි .සමහර වෙලාවට ධනය බලය වැඩිපුර තියනවානම් පුළුවන් ඇති .සාදු සාදු

:       1       9

ටී. මහවෙල Thursday, 02 November 2023 05:08 AM

බෞද්ධ දර්ශනයට හා බුද්ධ චරිතයට අපහාස කරන අයට තරාතිරම නොබලා දඩුවම් කල යුතුයි. පිටිදූවේ සිරිධම්ම හිමියන් විසින් විවිධ තැන්වල දී විවිධාකාර විදිහට බුදු දහමට කරපු අපහාස කිරීම්වලට කී වතාවක් සමාව ගත්තාද...? ඔය සමාව ගැනීම් වචනයට විතරයි. මින් පසු උන් වහන්සේ කරන ප්‍රකාශ සම්බන්ධව සොයා බැලීමට නියාමන කිරීමට වැඩපිළිවෙළක් උත්තරීතර සංඝ සභාව විසින් කල යුතුයි. නැත්නං මේක හරියන්නේ නෑ. බෞද්ධ වන අපිටත් තව දුරටත් මේ ධර්මය විකෘති කිරීම්, ධර්මයට කරන අපහාස කිරීම් දිහා බලා ඉන්න බෑ.

:       1       8

විජේ Thursday, 02 November 2023 05:40 AM

ඕකා ගල් කට්ටයා. දනගහල,බොරුකියලා හාමුදුරුවන්ට නොතේරෙන්න ටොක්කකුත් ඇනලා යන්ඩ ඇති.

:       1       10

ranjith Thursday, 02 November 2023 06:59 AM

බුද්ධ ශාසනය වෙළඳපලක් කර ගත්තු අය නිසා ශාසනයට වන හානිය බරපතලයි

:       1       11

Pradeep Kumara Thursday, 02 November 2023 08:20 AM

කලකට පෙර කලයුතුව තිබූ දෙයක් පසුව හෝ කිරීම ගැන සතුටුයි.

:       1       5

සත්‍ය ගවේෂී. Thursday, 02 November 2023 08:25 AM

ධර්මය වනසන හොර රහත් තක්කඩියන් දැන් හෝ ශාසනයෙන් පන්නා දමන්න.

:       1       6

කැපකරු Thursday, 02 November 2023 08:27 AM

මහනායක හිමිවරු මෙවැනි දේවල් දැක දැක මුනිවත රැකීම සාසනයට කරන ලොකුම හානියක්. සාසනය වෙනුවෙන් දිවි හිමියෙන් වැඩකරපු අතීතේ හිටපු ස්වාමින්වහන්සේලා හිටියනම් මේවා දැකලා මොනවා කියාවිද.

:       1       9

geeth Thursday, 02 November 2023 08:42 AM

අවවාද විතරක් මදි. නටාෂාට විරුද්ධව කරපු විදියටම ඒ නීතියම භාවිතා කරමින් මොහු අත්අඩංගුවට ගත යුතුයි.

:       1       9

anura Thursday, 02 November 2023 09:06 AM

සුනීත සෝපාක එදා හිටිය අදත් ඉන්නව. සමාව දෙමු.

:       1       7

Jayasekara Thursday, 02 November 2023 09:42 AM

ගොවියන්ට හරියන්නෙ අමුඩේ මිසක් උතුම් බුද්ධ චීවරේ ‌නෙවෙයි.

:       1       10

Aruna Thursday, 02 November 2023 10:35 AM

සම්බුද්ධ ශාසනයෙන් මියගිය,, තවදුරටත් සංඝ සමාජයට අයිති නැති, කෙනෙකුට සංඝයා සේ සලකා අවවාදානුශාසනා කිරීමක් අදාල නොවන බව මහනායකහිමිවරුන්ට නොතේරෙන්නේ ව්නය පිලිබඳ දැනීමේ අඩුබවක් නිසාද?

:       1       7

Tharunaya Thursday, 02 November 2023 10:56 AM

ඔව් ළොකු ළොක්කො අවිත් යනව, පාර්ලිමන්ට් එකෙ එවුන් ඇවිත් යනව උන්ට වචනයක් කියාගන්න බැරි මහනායකලා... ඔය පට්ටම් ගහගෙන හිටියට මිනිස්සුන්ට සෙතක් කොයින්ද?

:       0       4

manjula Thursday, 02 November 2023 12:08 PM

එතකොට චේතාන්විත නැතුව ආවට ගියාට කටට එන දෙයක් කතා කරන එකේ වරදක් නෑ නේද .බන කියලා එහෙම දේවල් කිව්වත් ප්‍රශ්නයක් නෑ එහෙනම් .මල්වතු අස්ගිරි මීට වඩා හිතන්න ඕන නේද .මේ පලවෙනි වතාව නෙමෙයි

:       1       5

Lakminda Thilakarathna Thursday, 02 November 2023 12:13 PM

බුදුන් සමයේත් අපහාස, උපහාස, විකෘති කිරීම් පැවතුණා. තිලෝගුරු බුදු පියාණන්ගේ අවවාදය වුනේ විමසා බලා තීරණය කරන ලෙසයි. එය සදාතනික බුදු වදනක්. අපිත් ද්වේශය අවුළුවා නොගෙන බුදු පියාණන්ගේ අවවාදය පිලි පදිමු.

:       0       1

sam Thursday, 02 November 2023 12:20 PM

පිටිදූවේ කියන්නේ මානසික ලෙඩක් .මොලේ කොලොප්පන් කාරයෙක් .මුදලාලියෙක්

:       1       6

විජේ Thursday, 02 November 2023 04:48 PM

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තනතුරක් තමයි හරියන්නේ

:       0       1

ළහිරු Thursday, 02 November 2023 12:43 PM

පිටිදූවත් ඇතුලුව මේ ශාසනේ පැවිද්දො වැඩි හරිය ශාසනේ කන උන් තමයි .

:       1       5

ඔබේ අදහස් එවන්න

දියත

සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 160 0

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 67 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 354 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 1749 1

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
2024 ඔක්තෝබර් මස 10 243 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 3313 2

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39687 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25806 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 371 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1224 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 409 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site