IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


පූටින් රනිල්ට ලියයි

(අංජුල මහික වීරරත්න)

"කලාපීය ස්ථාවරත්වය සහ ආරක්‍ෂාව ශක්තිමත් කිරීම සඳහා ලාංකික  රාජ්‍ය නායකයා ලෙස ඔබගේ ක්‍රියාකාරකම් කෙරෙහි මම විශ්වාසය තබමි" යැයි රුසියා සමූහාණ්ඩුවේ ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබ පැතුම් පණිවුඩයක් එවමින් සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ රුසියා තානාපති යුරී වැ⁣ටෙරි මහතා අද (25) උදේ අග්‍රාමාත්‍ය ලේකම් කාර්‍යාලයට පැමිණ  රුසියා ජනාධිපතිවරයාගේ  ලිපිය ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාරදුන්නේය.

ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා  ගැන විශ්වාසය තබන බව ද රුසියා ජනාධිපතිවරයා සඳහන් කර තිබෙි.

"ඔබට සියලු සාර්ථකත්වය මෙන්ම නිදුක් නිරෝගී සෞභාග්‍ය ​​ප්‍රාර්ථනා කරමි"යනුවෙන් ද රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එවූ ලිපියේ සඳහන් වේ.



අදහස් (30)

පූටින් රනිල්ට ලියයි

Appuhami Monday, 25 July 2022 01:38 PM

මිත්‍ර රටක් එක්ක මිත්‍ර ශීලීව ගනු දෙනු කරන්න මොලේ පෑදේා.

:       6       66

Hafeel Monday, 25 July 2022 03:21 PM

මේකට රනිල් කොහොමද ප්‍රතිචාර දක්වන හැටි කියලා බලමු... මොකද රනිල් ඇමෙරිකාව තරහ කරගන්න පුද්ගලයෙක් නොවේ...!

:       3       24

BamunuarachchiMonday, 25 July 2022 05:39 PM

හලෝ රනිල් ගේ වැඩවලට ඔය ලැබුණේ ප්‍රතිචාරයක් තමයි.. තව මොන ප්‍රතිචාරද හොයන්නේ...? පුටින් දකින්න ඇති බෙදපු බෙදිල්ල...

:       11       16

BamunuarachchiTuesday, 26 July 2022 08:30 AM

රුසියාව අපේ මිත්‍ර රටක් වුනේ 1956න් පසුව. ඊට කලින් රුසියානු නැවකට වතුර දුන්නේ අවුට් හාබර් තියාගෙන. වරාය ඇතුළට ගත්තේ නැහැ. ඒ මිත්‍රකම උඩ තමයි ලංකාවේ සිසුන්ට ලුමුම්බා විශ්වවිද්‍යාලයේ දොර ඇරුනේ. ඒකේ ඉගෙනගන්න ගිය මිනිහා කාල්මාක්ස්ගේ පොත් කියවලා මෙහෙ සංකෘතිය කාල්මාක්ස් දේශනා ඔබන්න ගිහිල්ලා මිනිහා 65000ක් මරාගෙන මිනිහත් ගියා. දැන් දෙවන ඉනිම පටන් අරන් මේ සැරේ කීයක් මරාගෙන යයිද දන්නේ නැහැ.

:       0       1

ලුම්බිණි Monday, 25 July 2022 01:40 PM

එක වර්ගයේ කුරුල්ලෝ එකට වහනවා කියන්නේ මේකයි.

:       26       51

pakeer Monday, 25 July 2022 01:53 PM

මේකෙ හැටියට නම් පුටින් මහත්තයා බොහොම ඕනෑකමින්, උනන්දුවෙන් නිරීක්ෂණය කරනවා අපි කරනවට වඩා... ඒක හොඳයි.

:       1       66

ganegoda Monday, 25 July 2022 02:03 PM

පුටින් මහත්තය අපෙ හොට්ටන්ට ලියුම් ලියන්නෙ ැහ .. මෙක රනිල්ම එයාට ලියාගත්ත එකක් !!

:       43       36

JayasekaraMonday, 25 July 2022 03:07 PM

ඔබලා වගේ හිතන අය ඉන්නකල් හොරු යැව්වත් රටනම් හදන්න බැහැ...

:       16       47

සංකාMonday, 25 July 2022 03:13 PM

ඔයාගේ කතාව ඇත්ත. රනිල් ඉන්නේ හොරුත් එක්ක කියලා පුටින් දන්නවා. හොරුන්ට ඩොලර් නාස්ති කරන්න ලෝකේ නායකයින් මෝඩයින් නෙමෙයි. මේ පොහොට්ටු ජනාධිපතිලා සහ ආණ්ඩු ගෙදර ගිහිල්ලා විපක්ෂය එකතුවෙලා අලුත් පක්ෂයකින් ආණ්ඩුව රට බාර ගත්තොත්, ඔන්න එදාට අපිට වඩා දියුණු රටවල් රට ගොඩගන්න උදව් කරයි...

:       36       21

Hafeel Monday, 25 July 2022 03:26 PM

සමහරවිට ඔබ කියන එක හරි වෙන්නත් පුළුවන්. මෙයා අගමැති ධුරයට බාරගන්න විට කිව්වේ ඩොලර් මිලියන 500 එක්ක ආවේ කියලත්, අර රට, මේ රට උදව් කරනවයි කියලත්, තුන් වේල කන්න දෙනවා කියලාත්... පසුව අමාරුයි කියලා විටින් විට කිව්වා.

:       23       21

BamunuarachchiMonday, 25 July 2022 05:44 PM

හලෝ මේ කොල්ලෙක් කෙල්ලෙකුට ලියපු හොර ලියුමක් නොවෙයි, ජාත්‍යන්තරයට මේ පල වීම යනවා. ඒ නිසා ගොබ්බ කතා කියන්න එපා.. මොකද අනික් ගොබ්බයෝත් හුමිටි තියනවා. එතකොට උන්දැලාගේ ගොබ්බකම පෙනෙනවා...

:       17       19

ganegodaMonday, 25 July 2022 07:56 PM

නිකන් බකපණ්ඩිතයා වෙන්නේ නැතුව ඉන්නකෝ..! හැමෝටම ඒ ගොල්ලන්ගේ අදහස් පලකරන්න නිදහස තියෙනවනේ... !!!

:       7       18

reksMonday, 25 July 2022 10:24 PM

ඔයත් කුලියට කහින්නේ නැතිව ඉන්න...!

:       0       0

BamunuarachchiTuesday, 26 July 2022 06:23 AM

ඒ අදහස්වලට ,රිප්ල්යි, පිළිතුරු දෙන්නත් නිදහස දීලා තිබෙනවා ගනේ ගොඩයෝ

:       6       1

ganegodaTuesday, 26 July 2022 12:05 PM

බමුණුආරච්චි මහත්තයා කියන්නේ වයෝවෘද්ධ පරාජිත මානසිකත්වයක් ඇති අයෙක්...!

:       0       0

ravin Monday, 25 July 2022 03:07 PM

දෙයියො දනී අපි නොදනී... මේ බලවතා හිටන්ගේ හිතවතෙක් කියලා පුරසාරම් බාන්නේ... ආපහු සෙට්වෙන්නද යන්නේ..?

:       1       14

Chandima Monday, 25 July 2022 03:52 PM

ව්‍යංගයෙන් කියලා තියෙන්නේ ඕනෑ නැති මගුල් නටන්න ලෑස්තිවෙන්න එපා කියලයි...

:       6       27

බුද්ධික Monday, 25 July 2022 05:17 PM

පුටින් විශ්වාසය තිබ්බට අපිට නම් රනිල් ගැන විශ්වාසයක් නැත. හේතුව රාජපක්ෂ ආණ්ඩුවේ සියලුම දෙනා එක්වී ඇත...

:       5       16

saman Monday, 25 July 2022 06:18 PM

අනේ පුටින් මාමේ අපිට තෙල් ටිකක් දෙන්නකෝ...

:       1       16

චන්දිමා Monday, 25 July 2022 08:26 PM

පුටින්ට මේ වෙලාවේ ලංකාව ඕන. රුසියාවට සම්බාදක දාපු නිසා එයාට යුරොපයට අපනයනය කරන්න බැ. දැන් බලන්නේ ඉන්දීය සාගරයේ රටවල්වලට විකුණන්න. ඉතින් ඒකට හොදම තැන ලංකාව. අපිටත් පුටින් ඕන එයාට තෙල් ගැස් තිරිගු තියෙන නිසා. පුටින් රනිල්ට කියලා තියෙන්නේ ඔයා මේ වැඩේ කරාවි කියලා එය බලාපොරොත්තු වෙනවා කියලා. rebuild sl fb page එකට අනුව මේක අපේ රටට ගොඩක් වාසියි.

:       1       4

chandima Monday, 25 July 2022 08:29 PM

පුටින්ට මේ වෙලාවේ ලංකාව ඕන. රුසියාවට සම්බාදක දාපු නිසා එයාට යුරොපයට අපනයනය කරන්න බැ. දැන් බලන්නේ ඉන්දීය සාගරයේ රටවල්වලට විකුණන්න. ඉතින් ඒකට හොදම තැන ලංකාව. අපිටත් පුටින් ඕන එයාට තෙල් ගැස් තිරිගු තියෙන නිසා. පුටින් රනිල්ට කියලා තියෙන්නේ ඔයා මේ වැඩේ කරාවි කියලා එය බලාපොරොත්තු වෙනවා කියලා. rebuild sri lanka fb එකට අනුව මේක අපේ රටට ගොඩක් වාසියි.

:       2       1

Raja Monday, 25 July 2022 10:29 PM

ඔය තමයි යහලුවෝ දෙන්නගෙම අතේ ලේ

:       0       1

S.H.M.නිහාල් පද්මසිරි Monday, 25 July 2022 10:49 PM

රනිල් රුසියාවට නැඹුරු උනොත් මම හිතන්නේ හොඳයි කියල ,මොකද තෙල් ,ගෑස් අපට අඩුවට ⁣ගන්න පුළුවන් .ඒත් ඒජන්සි මාෆියාව ඒකට ඉඩ දෙයිද කියල සැකයි...

:       3       2

බූමරන්ගන Tuesday, 26 July 2022 12:37 AM

විදේශ තානාපති වරු ගෙන්නලා රනිල් තියපු දෙසනයට පුටින් සතුටුවෙලා.

:       1       2

sam gamage Tuesday, 26 July 2022 03:59 AM

මුළු ශිෂ්ඨ ලෝකයට එපාවූ සාහසිකයෙකු වූ පුටින් සුබපතයි... අප්පිරියයි.

:       0       0

දාස Tuesday, 26 July 2022 08:38 AM

පුටින් ලිව්වා විතරයිනේ..., තාම තෙල් නෑනේ. සුසිල් රුසියාවට ගිහිල්ල සැප ගත්තා තෙල් ගේනවා කියලා. කෝ අර රනිල්ගේ බටහිර රටවල යාලුවන් ඇමරිකාවේ එහෙම. 134 හොරුන්ගේ ජනාධිපති කෙනෙකුට සුබ පතන්න ඒ මිනිස්සුන්ට පිස්සු නෑ.

:       0       0

මුදිත Tuesday, 26 July 2022 10:13 AM

සැබවින්ම මෙහි ඇත්තේ භූදේශපාලනික කරුණකි. ඇමරිකාව ප්‍රමුඛ යුරෝපා රටවල් ලංකාවට චෝදනා කළ නිසාවෙන් චීනය හා රුසියාව ලංකාව වෙනුවෙන් සුභපැතීය. රනිල් මෙවේලේ රුසියා චීන පිලෙන් උදවු ගන්නා තැනට පත්කරගැනීම ඒ පිලේ අරමුණයි.. ඉන් යුරෝපය රිදවීම ඔවුන්ගේ අරමුණයි.. එහි අනිටු ප්‍රතිඵල ගැන කිසිවකුට වගක් නැත..

:       0       3

බුද්ධික Tuesday, 26 July 2022 10:19 AM

පුටින්ගෙ ලිපිය ලියපු ආකාරය "' මචන් රනිල් උබ ගැන මට පුදුමයි.චන්දෙන් උබ සහ ගෝලයො රොත්තම හොදි යන්න පරාද වෙලා ජනාධිපති උන ලෝකේ එකම මිනිහෞබ වෙන්නැති. උබට 134 පාර්ලිමේන්තුවෙ ඉන්නව. මිලියන 22ට බම්බුගහගන්න කියපන්. උන්ට ඔනේ දෙයක් 134 හොදට රැක බලා ගනින්. "

:       1       5

amila Tuesday, 26 July 2022 11:21 AM

දෙන්නම ජාත්‍යන්තරය විසින් ප්‍රතික්ෂේප අය...

:       0       0

බද්රානි Tuesday, 26 July 2022 01:53 PM

මේ දවස් වල විවේක සුවයෙන් පසුවෙන පුටින් මහත්තයා පෑනේ මිතුරන්ට ලියුම් ලියද්දී අත්සනවත් ගහන්නේ නැහැ වගෙයි. හීන මානයෙන් පෙළෙන අය කාගේ හරි නැට්ටක එල්ලිලා නම්බුව ගැටගහ ගන්න දඟලන එක ජානවලින්ම එන එකක්. පුටින් මහත්තයා ඕවා දන්නවා නම් හිනාවෙලා පණ යනවා...

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1716 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 347 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 719 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 4478 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 585 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 3365 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 294 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1720 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site