IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


පිටරට වෛද්‍ය උපාධි ලංකාවේ පිළිගන්න නීති හදයි

(අංජුල මහික වීරරත්න)

ජාත්‍යන්තරව පිළිගත් විශ්ව  විද්‍යාලවල වෛද්‍ය උපාධි පාඨමාලා ශ්‍රී ලංකාවේ පිළිගැනීම සඳහා නීති සම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ජාත්‍යන්තරව පිළිගත්  විශ්ව විද්‍යාලයන්හි වෛද්‍ය උපාධි පාඨමාලා ශ්‍රී ලංකාවේ පිළිගැනීම සඳහා පදනම් කර ගත යුතු ප්‍රමිතීන් හා නිර්ණායක ඇතුලත් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම පිණිස සහ වර්තමාන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි වෛද්‍ය ආඥා පනතේ විධිවිධාන සංශෝධනය කිරීම පිණිස යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කිරීමට මීට පෙර පැවති කැබිනට් රැස්වීමකදී අනුමැතිය ලබාදී තිබිණි.

ඒ අනුව පත්කරන ලද කමිටුවේ නිර්දේශ ඇතුළත් වාර්තාව මත පදනම්ව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව අංක 1 සිට 1000 දක්වා වන විදේශ විශ්වවිද්‍යාල විසින් පිරිනමනු ලබන වෛද්‍ය උපාධි මෙරට පිළිගැනීමට හැකිවන පරිදි අවශ්‍ය නීතිමය විධිවිධාන පැමිණවීම සඳහා පියවර ගැනීම පිණිස ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.



අදහස් (14)

පිටරට වෛද්‍ය උපාධි ලංකාවේ පිළිගන්න නීති හදයි

කිරිපුතා Tuesday, 10 October 2023 09:30 AM

ප්‍ප්‍රමිතියකින් යුතුව එය කළ යුතුයි. රට තුලත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි විය යුතුයි. නැත්නම් ඔය ඉන්න දොස්තර මහත්තුරු ටික හැම දෙයක්ම තමන්ගේ අතේ තියාගෙන රජ කරනවා.

:       3       47

nipuniTuesday, 10 October 2023 10:05 AM

අනිවාර්යෙන්ම. 100% එකඟයි

:       2       32

subodha Tuesday, 10 October 2023 09:46 AM

මේකට අන්තරෙ සහ ලංකාවෙ වෛද්‍ය ශිෂ්‍යයෝ උද්ඝෝෂණ නැද්ද?

:       1       11

supun Tuesday, 10 October 2023 09:54 AM

අන්තරේට බම්බු ගහන්න කියල ලංකාවෙත් ප්‍රමිතියට අනූව පුද්ගලික වෛද්‍ය විද්‍යාල 3 ක් වත් දාන්න ඕනි ඉක්මනින්ම.

:       2       38

pakeer Tuesday, 10 October 2023 10:49 AM

දැන් ද වැරදෙන්නේ

:       0       0

Chinthana Tuesday, 10 October 2023 10:51 AM

විදෙස් වෛද්‍ය උපාධිවල ප්‍රමිතිය හොඳ නම් දැන් තියන නීති ප්‍රමාණවත් .එහෙම ප්‍රමිතිය හොඳ නම් දැනට ලංකාවේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෙන්න පෙනී සිටීමට අවශ්‍ය at 16 විභහගය සමත් වෙන්න විය යුතුයි .නමුත් වර්තමානයේ විදෙස් වෛද්‍ය උපාධි ලබාගත් බොහෝ දෙනෙක් එම විභහගය අසමත් වෙනවා

:       17       10

arunaTuesday, 10 October 2023 12:22 PM

අසමත් වෙනව නෙවේ අසමත් කරනව. මෙහෙ ඉන්න කුහකයොන්ගෙ තරම දන්නෙ නෑ හරියට තාම

:       2       20

වෙද මහත්තයා Tuesday, 10 October 2023 12:37 PM

ඔය EPRM විභාගේම ලංකාවේ දැන් තියෙන රජයේ වෛද්‍ය විද්‍යාල වලින් පිටවෙන බැච් එකකට දීල, තුන්වෙනි පාර්ශවයක් ලවා මාක් කරලා බලන්න කීයක් පාස් වෙයිද කියල.

:       3       15

w..M.A.Bandara Tuesday, 10 October 2023 11:31 AM

හොද වැඩක් කරන්ටම අවශ්‍යයි

:       1       12

Upul Tuesday, 10 October 2023 12:01 PM

ඉංජිනේරු උපාධියට ද එම නිවැරදි කිරීම අවශ්‍ය වේ

:       1       11

Bunny Preena Tuesday, 10 October 2023 12:31 PM

සතුටුදායක පුවතක්.නමුත් ඉතින් අපේ සමාජයේ කොටසක් ඉන්නවානේ හැමදේකටම විරුද්ධ වෙන.විරුද්ධ වීම සම්බන්ධව චක්‍රවර්තී උපාධියක් උන්ටත් ඉස්සෙල්ලම හඳුන්වලා දෙන්න .එතකොට ඔය ඉරිසියා කාරයෝ ටික නිහඬ වෙයි

:       2       9

Mohan Mangala Tuesday, 10 October 2023 06:27 PM

හොඳම වැඩක්...

:       1       3

Perera Tuesday, 10 October 2023 06:48 PM

අපි කරන්න ඕන තවවැඩක් තමයි ලංකාවේ වෛද්‍ය නිලධාරි ඩිග්‍රි එක අනිත් රටවල් පිළිගන්න ප්‍රමිතියට පත් කර ගන්න එක. ඒක නැතිනිසා අපේ දොස්තරලා යුරෝපයට වගේ ගියාම එහේ තියෙන විභාග කරන්න ඕනෑ. සමහර රටවල් එහෙම කරගෙන තියෙනවා. උදා- පාකිස්තාන් වෛද්‍යවරු, තව ඇෆ්රිකන් රටක් (නම මතක නෑ ) යුරෝප් වල අනුමත කරනවා. මම දන්නා තරමට ලංකාවේ මොරටුව විශ්ව විද්‍යාලේ ප්‍රමාණ සමීක්ෂණ ( Quantity Surveying ) Degree එක මෙහෙම හඳුනාගැනීම් එකක් Royal Institute of Chartered Surveyor කියන ආයතනයෙන් අරන් තියෙනවා. ඒ නිසා ඒකට ලෝකේ කොහේ ගියත් පිළිගැනීමක් තියෙනවා.

:       1       1

K H Ariyapala Tuesday, 10 October 2023 08:14 PM

මේ කුහක රටේ පිටරට ඇදීයන විශාල මුදල නවතා ගැනිමට සහාය වන්න...!!!

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1221 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


අපරාධ බුද්ධි විශ්ලේෂණ කොට්ඨාසයට නව අධ්‍යක්ෂවරයෙක්
2024 ඔක්තෝබර් මස 11 160 0

අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ම


රජයට කෝටි පහමාරක් අහිමි කල ජීප්රිය රාජසන්තක කරයි
2024 ඔක්තෝබර් මස 11 208 0

රුපියල් කෝටි පහමාරක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිට්ෂුබිසි වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජ


රාජ්‍ය සාහිත්‍ය සම්මානය උළෙල තාවකාලිකව අවලංගු කරයි
2024 ඔක්තෝබර් මස 11 114 0

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි තාවකාලිකව අවලංගු කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘත


ආසනික් විෂ රට සැමන් හරවා යවයි
2024 ඔක්තෝබර් මස 11 373 0

ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත


නොබෙල් ත්‍යාගය ජපාන සංවිධානයකට
2024 ඔක්තෝබර් මස 11 151 0

මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ජපාන සංවිධානයක් වන නිහෝන් හිඩැන්කියෝ හිමිකර ගත්තේය. න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් ඇති කිරීමට ලබාදෙන දායකත්වය වෙනුවෙන් ස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39942 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25920 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 198 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1286 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site