( සුමිත් පොතුපිටිය )
කළුතර , ගමගොඩ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර පස් හැවිරිදි පිරිමි දරුවෙකු ඝාතනය කර තවත් කාන්තාවකට බරපතල තුවාල සිදුකළ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දොඩංගොඩ අක්කර 33 ප්‍රදේශයේ සහ සහ කළුතර කෝන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 23 සහ 25 වියැති පුද්ගලයන් දෙදෙනෙකු බව පොලිසිය කීය.
සැකකරුවන් ඉකුත් 29 රාත්‍රී කළුතර ගමගොඩ ප්‍රදේශයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ලකර තිබූ අතර, එහිදී කාන්තාවක් තුවාල ලබා එම නිවසට රූපවාහිනි නැරඹීම සදහා පැමිණ සිටී සෙනාල් සංධීප නැමැති පස් හැවිරිදි පිරිමි දරුවෙකු මියගොස් තිබුණි.
සැකකරුවන් ප්‍රහාරය සදහා භාවිතා කළ යතුරුපැදිය, තවත් පෙට්‍රල් බෝම්බයක්, සැදීමට භාවිතා කළ දෑ සහ ජංගම දුරකථන දෙකක්ද සොයාගෙන තිබේ.
කොන්ත්‍රාත්තුව වෙනුවෙන් සැකකරුවන්ට ලැබී ඇත්තේ රුපියල් 5, 000 ක මුදලක් බවටද සිදුකළ වැඩිදුර විමර්ශන වලදී හෙලිව ඇති බව වැටලීමට එක්වූ නිළධාරියෙක් කීය.
පද්ධති ස්ථායිතාව ආරක්ෂා කිරීම සඳහා වහල අප්‍රේල් 13 දා සිට අප්‍රේල් 21 තෙක් දිවා කාලයේ සෑම දිනකම පස්වරු 3.00 දක්වා තම සූර්ය පද්ධති අක්‍රිය කරන ලෙස ලංකා විදුල
අම්පාර සමන්තුරේ පැවති ජනරැළියක් අතරතුර සෙනඟට තෙරපුණු දැරියක බේරා ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් විය.
කොළඹ අධ්‍යාපන කලාපය තුළ පිහිටි බාලක පාසලක දරුවන් අමානුෂික ලෙස දණ්ඩණයට ලක් කිරීමේ චෝදනාවට ගුරුවරයකු අත්අඩංගුවට ගැනීමට සොයන බවත් බදුල්ල ප්‍රදේශයේ පදි
මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයන් දාහතර දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
මේ රටේ නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මඩකලපුවේදී අද පැවසීය.
සාලියවැව දුනුමඩලෑව යාය 6 ප්‍රදේශයේදී ආච්චි අම්මා සහ සියා ඔවුන්ගේ නිවස තුළදීම කපාකොටා ඝාතනය කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ගේ මුණුබුරකු සැ
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
පෙට්‍රල් බෝම්බයෙන් දරුවා මිය සිද්ධියට දෙන්නෙක් අල්ලයි
බටලන්දේ ප්‍රේමවතී Wednesday, 02 April 2025 08:06 PM
කොන්ත්‍රාත්තුව දුන්නේ කව්ද කියලත් හොයන්න.
ගුණරත්න Thursday, 03 April 2025 06:53 AM
උන් එල්ලා මරන්න ඕන
SL Thursday, 03 April 2025 07:55 AM
ඉස්සරවෙලා ම මේවා ට නායකත්වය දෙන තිරිසන් පාතාල නායකයින් ටික ඉවර කරන්න ඕනේ. මේ මාස දෙක ට දරුවන් kee දෙනෙක් මරල දැම්මා ද මේ රට මිනිස්සුන්ට වසන්න පුළුවන් රටක් නෙවෙයි දැන්
prasanna Thursday, 03 April 2025 12:30 PM
මාලිමාවෙන් ගම බේරාගන්න චන්දය භාවිතා කරන්න.
Perera Friday, 04 April 2025 04:19 AM
ඕකුන් පොහොට්ටුවට සම්බන්ධ නැත්නම් තමයි පුදුමේ