(සිතුම් චතුරංග)
යාපනය, චුන්නාගම්, තාවඩි ප්‍රදේශයේ නිවසකට ඇතුළුවී පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර පුද්ගලයින් පස් දෙනෙකු තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් තරුණයින් තිදෙනකු සැකපිට අත්අඩංගුවටගත් බව චුන්නාගම් පොලිසිය කියයි.
පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය හේතුවෙන් නිවසතුල සිටි මව, පියා, පුත්‍රයා සහ දියණියන් දෙදෙනෙකු පිළිස්සුම් තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.
මුහුණු ආවරණයකරගෙන පැමිණි පිරිසක් විසින් නිවසට පහරදී අලාභහානි සිදුකොට මෙම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ලකොට ඇති බවත් නිවසතුල සිටි පස්දෙනකු ඉන් තුවාල ලබා රෝහලට ඇතුළත් කොට ඇතැයි පොලිසිය පැවසීය.
යතුරු පැදි කිහිපයකින් පැමිණ නිවසේ ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළුවූ පිරිස නිවස අසල නවතා තිබූ ත්‍රීරෝද රථයට පහරදී අලාභ හානි සිදුකොට ඇති අතර පසුව නිවැසියන්ගේ ශබ්දය හේතුවෙන් නිවසට පහරදී මෙම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ලකොට ඇති බවත් පොලිසිය පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.
අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද
අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයෙන් 5ක් රෝහලේ:3 ක් සැකපිට