IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


පෙට්‍රල් මිල පහළට

(යොහාන් භාසුර)

ඔක්ටේන් 92 සහ පෙට්‍රල් ඔක්ටේන් 95 යන ඉන්ධන වර්ග දෙකේම ලීටරයක මිල රුපියල් 10 බැගින් අඩු කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (31) පස්වරුවේ නිවේදනය කළේය.

එම මිල අඩු කිරීම අද (31) මාධ්‍ය රාත්‍රීයේ සිට ක්‍රියාත්මක බවත් සෙසු ඉන්ධන වර්ග තුනේ මිල වෙනස් නොවන බවත් එම සංස්ථාව කීය.

රුපියල් 309 ක පැවැති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල මෙම මිල පහත දැමීමත් සමඟ රුපියල් 299 ක් දක්වා ද, රුපියල් 371 ක්ව පැවැති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 361 ක් දක්වා ද, අඩු වූ බවත් ලංකා සුදු ඩිසල් ලීටරයක මිල රුපියල් 286 ක ද, ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 331 ක ද, ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 183 ක ද, තව දුරටත් පවතින බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩි දුරටත් සඳහන් කළේය.



අදහස් (11)

පෙට්‍රල් මිල පහළට

වෑල්ඩින් ආචාර්ය Tuesday, 01 April 2025 07:24 AM

ඡන්දෙට පොඩි සීනි බෝලයක් දුන්නා බබාල ටික දැන් උඩ දාගෙන ගිහින් ඡන්දෙ දාන්න. ඊට පස්සෙ තව අවුරුදු 4ක් යනකන් ඡන්ද නෑ. ඕවටත් එක්ක අල්ලන්නන් ඡන්දෙන් පස්සෙ. ජය වේවා!

:       8       37

Jiwan J Tuesday, 01 April 2025 07:29 AM

තවමත් ලීටර් එකකින් රුපියල් 130ක විතර අති විශාල බද්දක් ගහන්නේ ඇයි? දැන් කියපු විදියට අර කාන්චනගේ සාක්කුවට යන 160න් අඩු කරේ රුපියල් 32යි. ගත්තු ලාභෙන් රටට මොනවද කරේ? රිලව් ගණන් කරපු එකයි, බූරුවො ගනන් කරපු එකයි, විපක්ශෙ කතා කරපු උන් හිරේ දාපුවයි, කෙලවෙන වාරයක් ගානේ ලිස්ට් එකක් දාපු එකයි විතරනෙ.

:       4       50

Wikramage Tuesday, 01 April 2025 07:34 AM

IMF එකත් එක්ක සාකච්ඡා කරලා, දැනට ගන්න බදු අඩු කරනවා කිව්ව නේද? මිනිස්සුන්ට තියෙන අමාරුකම් එක්ක රුපියල් 10ක් මොනව කරන්නද. මේවගේ කොමෙන්ට් දාන පැලවත්තේ වහල් බලකාය නම් මසුරන් කතා කියාවි. ඒත් සාමාන්‍ය මිනිස්සුන්ට මීට වඩා සහනයක් ඕන. ජීවිතේ ගැට ගහගන්න වලි කන එකා තමයි ඒකෙ අමාරුව දන්නෙ.

:       4       36

Nilantha Tuesday, 01 April 2025 07:37 AM

ඕවටත් එක්ක අල්ලලා තියෙනවා ගෑස් වලින්. රුපියල් 100ක් විතර තෙල් වලින් අඩු වෙනකොට ගෑස් වලින් 420ක් වැඩි කරලා.

:       3       31

සෙනෙවිරත්න Tuesday, 01 April 2025 09:07 AM

කයිය විතරයි කියන අය බලන්න මේ මාස පහේ කොච්චර ඉන්ධන අඩු කලාද කියල, පෙට්‍රල් දෙසීයෙ සීමාවට ආව,

:       28       6

Ranfer Tuesday, 01 April 2025 09:11 AM

බෙදා හරින්නන්ගෙ කොමිෂන් එක කොහාටද දන්නෙ නැහැ දැන් යන්නේ ...

:       18       3

අරවින්ද මොණරවිල Tuesday, 01 April 2025 09:13 AM

බංකොලොත් වු රටක මෙහෙම හරි සහන දෙන්න පුළුවන් තත්වයක් නිර්මාණය උනේ ජාතික ජනබල වේගයේ ආණ්ඩූවේ අදූෂිත හා අරපිරිමැස්මක් සහිත ප්‍රතිපත්ති නිසාය.

:       27       7

Mangala Dissanayake Tuesday, 01 April 2025 09:26 AM

මේකේ සහනය ජනතාවට ලැබෙන්න පරන කොටස් ඉවරවෙනකල් ඉන්න වෙයි, මිල වැඩි උනොත් විතරයි එවෙලේම දෙන්නේ.

:       5       9

Rata Perata Tuesday, 01 April 2025 11:31 AM

තවමත් කාලකන්නි අතලොස්සක් ඉන්නවා කියලා පේනවා සමහර අදහස් දකිනකොට .. පෙට්‍රල් රු. 400ක් ගානට පෝලිම්වල ගිහින් ගන්නකොටවත් මෙහෙම කෙඳිරි ගෑවේ නෑ . දැන් අඩු උනාම "මදි" කියලා කෑ ගහනවා . හාමුලා රකින්න දගලන දැගලිල්ලක්!

:       0       0

Nandana Tuesday, 01 April 2025 12:12 PM

මදි මදි එහෙම බැහැ ඡන්දෙ ලඟයි.

:       0       0

prasanna Tuesday, 01 April 2025 12:17 PM

ඡන්දෙන් පස්සේ ඕක තුන් ගුණයකින් වැඩි වෙනවා. දැන් රට කරන්නේ පච බාහු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 15 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


නාවික හමුදා දිය යට අවුරුදු උළෙල....
2025 අප්‍රේල් මස 10 117 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම


වීසා නැතිව සිටි ඉන්දියානුවෝ 22ක් මාට්ටු
2025 අප්‍රේල් මස 10 219 0

කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.


වෛද්‍යවරිය අපයෝජන සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 10 274 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ


මියන්මාරයට ඩොලර් මිලියනයක්
2025 අප්‍රේල් මස 10 539 0

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.


පස්දරු පියා බිරියට සහ දියණියකට පොරොවෙන් කොටලා
2025 අප්‍රේල් මස 10 766 0

දැදිගම මැණික්කඩවර ප්‍රදේශයේදී පස්දරු පියකු, සිය බිරිඳට හා එක් දියණියකට පොරවකින් පහරදී ඔහුද ගෙලවැලලාගෙන මියගොස් ඇති අතර බිරිඳ හා දියණිය බරපතල තුවාල ල


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 72 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 397 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 912 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site