IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


පිටු දෙකක චෝදනාවට පිටු 25 කින් උත්තර යැව්වා

(යොහාන් භාසුර)

පිටු දෙකකින් යොමු කර තිබූ චෝදනා පත්‍රයට පිටු 25 කින් පිළිතුරු යොමු කළ බවත් ස්වාධීන කොමිසමක් ලෙස මහජන උපයෝගිතා කොමිසම කටයුතු කිරීම මෙම චෝදනා පත්‍රයට හේතුය යැයි පෙණෙන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (28) පැවසීය.

චෝදනා පහකින් යුත් එම චෝදනා පත්‍රයට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අස්සන් කර ඇති බව කී රත්නායක මහතා එහි ඇතැම් චෝදනා විමතිය දනවන ඒවා බව ද සඳහන් කළේය.

උසස් පෙළ සිසු දරුවනන්ට විභාග කාලයේදී විදුලිය ඉල්ලා අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කිරීම එහි පළමු චෝදනාව බවත් එම නඩුවේදී තමන් බලය ඉක්මවා අතත්නෝමතිකව කටයුතු කළ බව දෙවැනි චෝදනාව බවත් ඒ මහතා කීය.

තුන්වැනි චෝදනාව ලෙස තමන් විදුලිය විකිණීමේ කාර්යක නිරත වන බවට චෝදනා පත්‍රයේ සඳහන්ව ඇති බව කී රත්නායක මහතා පසුගිය පෙරවාරි 15 වැනිදා විදුලි ගාස්තු සියයට 65 කින් ඉහළ දැමීමට කළ යෝජනාවට විරුද්ධ වීම සිවුවැනි චෝදනාව බව ද සඳහන් කළේය. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉලක්ක කරමින් ප්‍රකාශ නිකුත් කළ බවට පස්වැනි චෝදනාවේ සඳහන්ව ඇති බවත් තමන් එම සියලුම චෝදනාවට පැහැදිළිව පිළිතුරු සැපයූ බවත් ඒ මහතා කීය.

සභාපති ධූරයෙන් ඉවත්කිරීමට නම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 113 ක ඡන්දයෙන් යෝජනාව සම්මත වියයුතු බව ද කී ඒ මහතා පැවසුවේ එම යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත වී සභාපති ධූරයෙන් ඉවත් කළ හොත් කිසිඳු හිතේ අමාරුවක් නොමැති බව ද සඳහන් කළේය.

ස්වාධීන කොමිසමක් ලෙස මහජන උපයෝගිතා කොමිසම ජනතාව වෙනුවෙන් කටයුතු කළ බවත් ස්වාධීන කොමිසම් සම්බන්ධයෙන් ආණ්ඩුව කටයුතු කරන ආකාරය පිළිබඳව මෙම චෝදනා පත්‍රයෙන් හොඳ අදහසක් ගතහැකි බවත් ජනක රත්නායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

කොල්ලුපිටියේ පිහිටි මහජන උපයෝගිතා කොමිසමේ කාර්යාලයේදී අද (28) පැවැති විශේෂ මධ්‍ය හමුවේදී එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එසේ පැවසීය.

 



අදහස් (0)

පිටු දෙකක චෝදනාවට පිටු 25 කින් උත්තර යැව්වා

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මහවැලි ගඟට පැන්න තරුණිය කොස්තාපල් බේර ගනී
2025 අප්‍රේල් මස 10 696 0

කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.


අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 145 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


නාවික හමුදා දිය යට අවුරුදු උළෙල....
2025 අප්‍රේල් මස 10 301 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම


වීසා නැතිව සිටි ඉන්දියානුවෝ 22ක් මාට්ටු
2025 අප්‍රේල් මස 10 342 0

කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.


වෛද්‍යවරිය අපයෝජන සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 10 415 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ


මියන්මාරයට ඩොලර් මිලියනයක්
2025 අප්‍රේල් මස 10 739 0

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 79 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 420 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 918 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site