(අංජුල මහික වීරරත්න)
රටට ඔබින මනුෂ්‍යත්වයේ සන්ධානයක් නිර්මාණය කර ගැනීම සඳහා තවදුරටත් සාකච්ඡා කිරීමට නිදහස ජනතා සභාව සහ එක්සත් ජනරජ පෙරමුණ එකඟ වූ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
"දේශය වෙනුවෙන් එක්වන පියවරක්"මැයෙන් එක්සත් ජනරජ පෙරමුණ එළිදැක්වූ ප්රකාශනය සහ වැඩපිළිවෙළ පිළිබඳ දැනුවත් කිරීම සඳහා නිදහස ජනතා සභාව හමුවීමෙන් පසු ප්‍රකාශයක් කරමින් පාඨලී චම්පික රණවක මහතා මේ බව කීය.
නිදහස ජනතා සභාව වෙත වැඩසටහන පිළිගැන්වීම නාවල කොස්වත්ත නිදහස ජනතා සභා කාර්යාලයේදී සිදු කෙරිණි.
නිදහස ජනතා සභාව වෙනුවෙන් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිඳිගොඩ, නීතිඥ සුමිත් විජේසිංහ මහත්වරු ද, එක්සත් ජනපද පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, ප්‍රධාන ලේකම් බන්දුල චන්ද්‍රසේකර, දේශපාලන මණ්ඩල සභාපති කරු පරණවිතාන, ජ්‍යෙෂ්ඨ උප සභාපති, නීතිඥ ශිරාල් ලක්තිලක මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.
මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.
නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පාඨලී - ඩලස් පිල හමුවෙයි
Prabha Wednesday, 28 February 2024 12:54 PM
ඔක්කොම එන්නේ ජනාධිපති සිහිනේ .ඒ නිසා හවුලේ ගමන් හරි යන්නේ නෑ
ranjithdann Wednesday, 28 February 2024 01:00 PM
අනේ පව් එහාට මෙහාට පැන පැන ජනාධිපතිවෙන සිහිනයක