IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


පොඩ්ඩෝ ඇල්ලූ ගවයන් ලොක්කෝ මුදා හරිති

(නිමල් ජයරත්න)

බලපත්‍ර රහිතව ප්‍රවාහනය කළ එලගවයන් අට දෙනකු ප්‍රවාහන කළ පුද්ගලයකු හරක් හත් දෙනකු හිංසාකාරි ලෙස ප්‍රවාහනය කරද්දී අත්අඩංගුවට ගෙන නඩු පැවැරිමට සූදනම් කරද්දී උතුරු මැද පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ නියෝගයෙන් හරක් සහ සැකකරු මුදා හැර ඇත.

වැලිකන්ද පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු, හා පොලිස් සැරයන්වරයකු මෙම වැටලීම කර ඇති අතර නඩු පැවරීමට පොලිස් පොතේ සටහන් කර තිබියදී අත්අඩංගුවට ගත් සියල්ල මෙසේ මුදා හැර ඇත.

ප්‍රවාහන බලපත් නොමැතිව, සත්ව හිංසාව ඇතිවන පරිදි කුඩා ලොරියකින් එළගව පැටවකු ඇතුළු එලගවයන් හත්දෙනකු වැලිකන්ද වඩමුනේ සිට වාලච්චේන දක්වා ප්‍රවාහනය කරමින් සිටියදී වඩමුනේ පාලම අසලදී අත්අඩංගුවට ගෙන ඇත.,

අප මෙම චෝදනාව පිළිබඳ වැලිකන්ද පොලිස් ස්ථාන් වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්.ජේ,එච්,එම්,ඩබ්ලිව්.ඩී. හේරත් මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කළේ, එම සැකකරුට වඩමුනේ හා වාලච්චේන ගවගාල් දෙකක් තිබෙන බවත්, වඩමුනෙ ගවගාලේ ගවයින්ට තණකොළ සහ ජලහිඟය නිසා ලෙඩ වු ගවයින් හයදෙනකු ප්‍රවාහනය කරමින් සිටියදී පොලිසිය නොදෙන අත්අඩංගුවට ගෙන ඇති බව පැවැසීය.

අනතුරුව ඒ පිළිබඳව විමර්ශනයක් සිදුකර, එය ඩී.අයි.ජී. මහතාගේ උපදෙස් අනුව නිදහස් කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදුන් බවයි, ඒ අනුව එම ලොරිය,ගවයින් හා රියදුරු, නිදහස් කිරීමට කටයුතු කළ බවද හේරත් මහතා කීය,

මෙම සිද්ධිය පිළිබඳව අප වැලිකන්ද ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ලෙඩ ගවයින් හත්දෙනකු බවත්, එය ජාවාරමකට රැගෙන ගිය එකක් නොවේ, අදාල ගවගාලේ ගවයින් දාහකට වැඩි ප්‍රමාණයක් සිටින බවත් පවතින ආහාර සහ අර්බුදය නිසා රෝගී ගවයින් වෙනත් ප්‍රදේශයකට රැගෙන යන අතරේ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති නිසා මෙය සද්භාවයෙන්ම ගත් තීරණයක් බව පැවැසීය.



අදහස් (9)

පොඩ්ඩෝ ඇල්ලූ ගවයන් ලොක්කෝ මුදා හරිති

Kule Sunday, 20 August 2023 10:58 PM

හොද උදාහරනයක් මිටපසු අල්ලන සියලු ගවයන් අසනීප අය වෙන්නපුලුවන්

:       1       6

Bamunuarachchi Monday, 21 August 2023 12:38 AM

තම වර්ගයාට ආදරය කරන පොලිස් ගවයෙක්.

:       2       7

චතුර Monday, 21 August 2023 02:13 AM

පොලිසියේ ලොක්කාගේ ගෙදරටම මෂ් කිලෝ 2ක් හැමදාම දෙන පොරොන්දුව පිට මේ අහිංසක ගවයින් සහ " නොමිනිසුන් " නිදහස් කරන ලදී. හැබැයි මේ මොහොත වෙනකොට ගවයින්ව මරලා මෂ් කරලා , විකුනලා අවසන්.පොලිසියේ රාලහාමිලයි සාජන් මහත්තයයි කියන්නේ..".. මිට පස්සේ හොර හරක් නොවෙයි මිනියක් මරලා අරගෙන ගියත් වාහන පරික්ෂා කරන්නේ නැහැ...අපේ මොකෝ ? හැබැයි දවසක ඔය කන ජරාව වමාරන්න වුනාම පොලිෂ් ලොක්කාට බොහොම අමාරුවෙයි." කියලයි.

:       1       7

Bamunuarachchi Monday, 21 August 2023 08:05 AM

ලොක්කට නොමිලේ මස් ලැබෙනවා ඇති. ලොක්කා මුස්ලිම් කාරයෙක්ද?

:       2       6

de silva Monday, 21 August 2023 08:31 AM

බලපත්‍රයක් ලබාගෙන ලෙඩ ගවයින් වුණත් ප්‍රවාහනය කරන්න නිසි ක්‍රමවේදයක් තිබෙනවා. මේක නීතිවිරෝධීද නැද්ද කියලා තීරණය කරන්න ඕනේ ගරු අධිකරණය... පොලිසිය කොහොමද තීරණය කරන්නේ..?

:       1       10

තොත්ත බබා Monday, 21 August 2023 10:49 AM

බයික් එකක් අල්ලලා, ලිව්වාම පොතේ ලිව්වා නම් ලිව්වාම තමයි.. එව්ව ආපහු හරවන්ඩ සක්කරයගෙ පුතා ආවත් බෑ ආයුබෝවන්.. ලෙඩ හරක් ගැන ලෙබ්බෙගෙ මන්නෙත් කරුණාවේ මහිමෙ තමයි මේ.. උඩ එක්කනාගේ කොටසත් පහුවෙලා ගාණට මිම්මට ලැබෙයි.. අපි නොදන්න ලංකාවනේ මෙයාලා...

:       0       11

Bunny Preena Monday, 21 August 2023 01:39 PM

අත් අඩංගුවට ගත් අවස්ථාවේදී එම නිලධාරීන්ට සතුන්ව වෙනත් ගවගාලකට ගෙනියනවයි කියන්න තිබුණනේ. මොනවා වුණත් කුඩා ලොරියක පමණට වඩා වැඩි සංඛ්‍යාවක් සතුන්ට හිංසාවන පරිදි ප්‍රවාහනය කිරීම වරදක්. පොලිසියේ ලොකු ලොක්කන්ව මෙවැනි දේවල්වලට අනුබල දෙනවා නම් සිදුවන සහ සිදුකරන වැරැදි වළක්වන්නේ කොහොමද?

:       0       6

සමන් Monday, 21 August 2023 03:53 PM

දේශපාලන ගවයින්ට නොදෙවෙනි පොලිස් ගවයෝත් ඉන්නවානේ...

:       0       3

WIMAL Monday, 21 August 2023 04:39 PM

අපේ ඉන්න ලොක්කෝ තමයි මේ රට කෑවේ. හැම තැනම මොනවා හරි කළොත් අනාගන්නවා. හරි අධ්‍යාපන දැනීමක් නැති ප්‍රශ්න. ඔල මොට්ටල වැඩ නිසා අහිංසක, සත්තු ගොදුරු වෙනවා... ඒ වගේම අහිංසක මනුස්සයෝත්...

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

විශ්ව විද්‍යාල කොමිසමේ සභාපති - සාමාජිකයින් අස්වෙයි
2024 ඔක්තෝබර් මස 14 29 0

විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.


අම්බලන්ගොඩ පාසල් 5ක් - ගාල්ල එක් පාසලක් හෙට වැසෙයි
2024 ඔක්තෝබර් මස 14 1013 0

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් පහක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් හෙට දින (15) වසා දැමීමට තීන්දු කොට ඇති බැව


පණු රෝගයකින් අ‘පුර සෝයා ගොවියා හාන්සියි
2024 ඔක්තෝබර් මස 14 163 0

අනුරාධපුර - මහවැලි එච් කලාපයේ සෝයා වගාවට ඇති වූ මර්දනය කළ නොහැකි පණු රෝගයක් හේතුවෙන් අක්කර 2000ක පමණ සොයා වගාවක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් ඇති බව ගොවීහු


රත්නපුර දිසා 3කට නායයාමේ අවදානම් නිවේදන
2024 ඔක්තෝබර් මස 14 259 0

රත්නපුර දිස්ත්‍රික්කයට පවතින අධික වර්ෂාව හේතුවෙන් කහවත්ත, පැල්මඩුල්ල සහ නිවිතිගල යන ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශ සදහා නාය යැමේ අවදානම් නිවේදන නිකුත


’’ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කිරීමට ආසන්නයි’’
2024 ඔක්තෝබර් මස 14 1943 1

ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමග ශ්‍රී ලංකාව පසුගියදා එළඹී ගිවිසුම් සියලුම අවශ්‍යතාවයන් මෙන්ම ඉලක්ක වලට අනුකූල බව මෙරට නිල ණය හිමියන්ගේ කමිටුව සහ ජාත්


වියදම් වාර්තා දුන් ජනපති අපේක්ෂකයෝ මෙන්න
2024 ඔක්තෝබර් මස 14 8891 2

ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන්දෙනාගෙන් 35 දෙනෙකු මැතිවරණ වියදම් වාර්තා මැතිවරණ කොම්ෂන් සභාවට භාරදී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 406 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 454 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1415 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site