IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


පාඩු පිට දුවන රාජ්‍ය ආයතනවල ලොක්කන්ට මිලියන ගණන් වැටුප්

දයාසීලී ලියනගේ

රාජ්‍ය සේවයේ සභාපතිවරුණ් ඇතුළු ඉහළ නිලධාරීන්ගේ වැටුප අඩු කළ යුතු බවට ජනාධිපතිවරයා උපදෙස් දී ඇතත් තවමත් රජයේ ආයතන 25 ක ප්‍රධානීන් මාසිකව වැටුප් හා දීමනා ලෙස රුපියල් ලක්ෂ 7 සිට 25 දක්වා මුදලක් ලබන බව වාර්තාවෙයි.

මෙවැනි වැටුප් හා දීමනා ලබා ගන්නා ප්‍රධානීන් සිටින ආයතන බොහොමයක් මේ වනවිට පාඩු ලබන මට්ටමේ ඒවා වීමද විශේෂත්වයකි. ඇතැම් ආයතන ප්‍රධානීන් නීත්‍යානුකූල නොවන ආකාරයට අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය පමණක් ලබාගෙන සිය දීමනා වැඩිකර ගෙන ඇති බවද වාර්තාවෙයි.

ඇමති කමිටුවක් මගින් මෑතක දී කරන ලද විමර්ශනයකදී ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතනයක සභාපතිවරයෙකු වැටුප් සහ දීමලා ලෙස ලක්ෂ 22 ක් මාසිකව ලබන බව අනාවරණය වී තිබේ. මේ තරම් විශාල ලෙස වැටුප් හා දීමනා වශයෙන් ලබමින් පාඩු පිට පවත්වාගෙන යන ආයතන පිළිබඳව ජනාධිපතිවරයාට වාර්තාවක් ලබා දීමට මෙම ඇමති කමිටුව සූදානම්න් සිටී.

 



අදහස් (24)

පාඩු පිට දුවන රාජ්‍ය ආයතනවල ලොක්කන්ට මිලියන ගණන් වැටුප්

Viki Saturday, 03 July 2021 12:47 PM

එ්ක තමයි සෞභාග්‍යයේ දැක්ම... !!!

:       100       425

සිරිබිරිස් Saturday, 03 July 2021 12:59 PM

ජනාධිපති බබෙක්ද දන්නේ නෑ කියන්නේ...? හොඳටම දන්නවා හැබැයි දන්නේ නෑ වගේ ඉන්නවා...

:       349       647

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 03 July 2021 01:27 PM

රජයක් බලයට පත්වූ විගස, ලොකුපුටු දෙන්නේ තම කිට්ටු හිතවතුන්ට හා නෑදෑයන්ටයි. එසේ නොමැතිනම්, පාඩු ලබමින් මෙවැනි අතිවිශාල මුදලක් ලබා ගනිමින් මේ ලෙස රටේ මුදල් කාබාසිනියා කිරීමට එසේ මෙසේ අයට පුලුවන්ද? අද ටීවී චැනල් එකක ගිය එක්තරා පුවතකට අනුව, දුෂ්කර ප්‍රදේශයක දුප්පත් දරුවන් 25 දෙනෙක් එක ෆෝන් එකකින් ඔන්ලයින් ක්‍රමයකට ඉගෙනගන්නවලු. මෙවැනි රටක මෙසේ රටේ මුදල් කාබාසිනියා කරන අයට තවත් ඒ ආකාරයට හැසිරීමට ඉඩදෙනවාද? යන්න නූතන පාලකයන් ඉදිරියේ ඇති බැරෑරුම් ප්‍රශ්නයකි....

:       4       504

මංජුල Saturday, 03 July 2021 01:52 PM

පාඩු පිට ලක්ෂ 22යි.. ලාභ නම් කීයක් ගනීද? රට ගැන දුකයි.

:       3       211

gamage Saturday, 03 July 2021 02:00 PM

ජනාධිපතිකම ලැබුණාම 2/3 නැතිව වැඩක් කරන්න බෑ කිව්වා. දැන් අපි 2/3ත් දුන්නා. තව මොනවද දන්නේ නෑ වෙන්න ඕනේ අපෙන්... මේ පාර බැරිවෙච්චි ටිකකරන්න ලබන පාරත් ඕනෑ කියයිද දන්නේ නැහැ.

:       18       325

චමින්ද ජයනාත් ජයසූරිය Saturday, 03 July 2021 02:05 PM

අද රට වැටිලා තියෙන තත්වයට ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ අයත් වග කියන්න ඕනෑ... අඩුම තරමේ තමන් ගන්න වැටුපටවත් වටිනාකමක් දෙන්න බැරි නම් එවැනි මිනිස්සුන්ගෙන් මේ රටට ඇති වටිනාකම මොකක්ද...? මෙන්න මේ දේවල් නැතිකරයි.. කියන අදහසින් තමයි අපි ගෝඨාභය රජපක්ෂ මහත්මයාට ඡන්දය දුන්නේ... ඒත් මට තියෙන සැකය අවසානයට ඒ මිනිස්සු ගානටම අපේ ජනාධිපතිතුමත් දැන් වැටිලා කියන එක...

:       62       228

AnuraSaturday, 03 July 2021 03:05 PM

එයා පත්කරපු අය තමයි මේ, ඡන්දෙ කාලේ වැඩිපුර කඩේ ගිය අයට තමයි ඕවා දෙන්නේ...

:       58       243

ගිජුලිහිණි සංදේශය Saturday, 03 July 2021 02:46 PM

රටක ඇති සාරය - ගිලින අවතාරය , එහි මහ කොටාරය - සොරෙකුටම බාරය , වැසියනි දිවා රැය - නොකලොත් විචාරය , සිහියේ තබාගන් - අද මියන්මාරය……

:       0       751

කිරි පුතා Saturday, 03 July 2021 03:07 PM

ඔව් මේ ක්‍රමය වෙනස් විය යුතුමයි. නැතිනම් රටට ගොඩ ඒමක් නෑ. ශ්‍රී ලංකන් ගුවන් සේවයටත් වෙලා තියෙන්නේ ඒකමයි....

:       58       127

kamal Saturday, 03 July 2021 03:15 PM

මේ වාර්තාවට පාර්ලිමේන්තුවත් ඇතුළත්ව ඇති. අපි දන්නවනේ අපේ සර්ගේ වැඩ.

:       70       278

Mangala Saturday, 03 July 2021 03:25 PM

අර උඩින් යන ලංකා එකේ ලොකු අයත් ගන්නේ ඔය වගේ වැටුප් තමයි. පාඩු පිට පාඩු... ඒත් ලොක්කන්ගේ වැටුප අහස උසට... යහපාලනේ කාලේ හිටපු CEO ගත්තා හෙනගහන ගාණක්... දැන් ඉන්න කෙනා කීයක් ගන්නවද දන්නේ නැහැ.

:       0       30

Maan Saturday, 03 July 2021 03:42 PM

ලංකාවේ බොහෝ රජයේ ආයතනවල තත්වේ ඕකයි. නිකරුනේ වැටුප් ගන්නවා. කිසිම අයතනයකින් නියමනයක් වෙන්නේ නැහැ මොකක්ද මේ අයගේ ආර්ථිකයට ඇති දායකත්වය කියලා.

:       0       24

සෙනෙවිරත්න Saturday, 03 July 2021 04:03 PM

රට දුවන්නෙ පරන පීල්ලෙමයි. කලබල වෙන්න එපා අපි නම් දන්නව කිසි වෙනසක් නොවන බව,

:       65       257

chandima Saturday, 03 July 2021 04:37 PM

කවුරුහරි, කොහොමහරි ඔය විනාශ කරන ආයතනවල සහ ඔය හොරුන්ගේ නම් ටික ප්‍රසිද්ධ කරලා ජාතික මට්ටමින් උද්ඝෝෂණයක් කළොත් සමහරවිට ඔය තත්වේ වෙනස් කරගන්න පුළුවන් වේවි... නැත්නම් ඔය අය හැමදාම ඉඳීවි..!!!.

:       0       12

janahitha Saturday, 03 July 2021 05:07 PM

පීලි වෙනස් කරන්න නම් ප්‍රධාන දේශපාලන පක්ෂ 02 න්ම අයින් විය යුතුයි. එතකොට රට හැදෙනවා. ඔය පක්ෂ 02 වටේ සිටින්නේ හොරුන්, මංකොල්ල කාරයින් සහ ජාතිවාදීන්..

:       16       142

Demuni Uduwara Saturday, 03 July 2021 05:46 PM

ජාතික රජයක් පිහිටුවිය යුතුයි. රාජපක්ෂලා ගෙදර යැවිය යුතුයි දැන්..

:       0       211

ඇත්ත Saturday, 03 July 2021 08:01 PM

මෙවැනි සමාජ අසාධාරණය මහා විනාශයක මුහුණුවරකින් මතුවිය හැකියි. එවැනි විප්ලවයක් එන්නට ඉඩ දී ලාබ ලබන්න අය ඉන්නවද? නැතිනම් ඒ මොහොතේ විදේශ බලවේග අත පොවයිද යනු අවිනිශ්චිතයි. එකිනෙකා නොදන්නා වුවද තැනතැන දුක් විඳින්නේ අපේම මිනිසුන් කියලා ඔය ඡන්දෙ කාලෙට ළමයි හුරතල් කරන කාටත් නොවැටහෙන හැටි අරුමයකි....

:       0       6

Jayantha Saturday, 03 July 2021 08:41 PM

ඔවුන්ට හෙන හතම ගහන්න ඕනෑ...

:       0       4

සම්පත් Saturday, 03 July 2021 10:11 PM

එක ඇත්ත... ලොකු පුටුවල වාඩි වෙලා පඩි ගන්නවා විතරයි...මේ රටේ සංවර්ධනයක් දකින්න බැරි රාජ්‍ය සේවයේ ඇති දුරුවලතා නිසා...

:       0       3

Rata Perata Sunday, 04 July 2021 01:41 AM

නන්දසේනගේ නියෝග නන්දසේන දන්නෙත් නෑ. ලෝකෙන් අසාර්ථකම පාලකයා...

:       1       64

T. Y. Abeywardana Sunday, 04 July 2021 07:01 AM

මේ කියන ආයතන ප්‍රධානීන්ට රජය බය නැතිනම්, වහාම ඔවුන් ඉවත්කර සුදුසුකම් සහිත පුද්ගලයින් ප්‍රමිතිගත වැටුප් ක්‍රමයක් යටතේ (නිෂ්පාදනය, ලාභදායකත්වය මත) ලක්ෂ 04කට අඩු වැටුප් තලයන් මත සේවයට අනුයුක්ත කිරීම, අනුර කුමාරලාට රජය බාර දෙනවාද කියා ජනතාව තීරණය කරනවාට වඩා හොඳද..... නැද්ද?

:       0       2

ranjith Sunday, 04 July 2021 07:05 AM

දුප්පත් ජනතාවගේ මුදල් සූරාකන මෙවන් අය මොන අපායක යන්නද? දුප්පත් මිනිස්සු බඩගින්නේ ඉන්න රටක අරුමය නේද මේ?

:       0       2

චින්තක Sunday, 04 July 2021 11:57 AM

මෙම සංස්ථා හා මණ්ඩලවල වැටුප් හෝ දීමනා ගෙවීමේ ක්‍රමය විදිමත් කළ යුතුයි. ඒ අනුව ඉහළ ආදායමක් ලබන විට ඉහළ වැටුපක් ගෙවීමටත් පාඩු සිදුවන විට සිදුවන පාඩුවේ අනුපාතයට වැටුප් හෝ දීමනා අඩුකිරීමටත් ක්‍රමයක් ඇතිකළ යුතුයි. මෙය එම ආයතනවල සියළු කාර්ය මණ්ඩල වෙනුවෙන් සිදුකළහොත් මෙවැනි දේ සිදු නොවේවි. ඒ අතරම මේවායේ කාර්ය මණ්ඩලවල වැටුප් ලබමින් දේශපාළුවන්ගේ බැලමෙහෙකම් කරන පිරිස්ද වහාම ඉවත්කිරීම කළයුතුයි...

:       0       3

sampath Sunday, 04 July 2021 10:18 PM

මේ පාඩු ලබන ආයතන සියල්ල වහලා දාලා කවර කළා නම් ඉවරයි. මේ වගේ බහිරවයෝ ඉන්නවා... කාටවත් හදන්න දෙන්නේ නෑ... අකාර්යක්ෂම පරිපාලන විෂයය පිළිබඳ අනවබෝධය, දේශපාලන පත්වීම් වලදි නුසුදුස්සන් පත්වීම, දේශපාලනික වෘත්තීය සමිති ආයතනික ව්‍යුහයේ වැරැදි ආදී මෙකී නොකී හේතු නිසයි මෙහෙම වෙන්නේ... මේවා වහලා දැම්මා නම් බන්ධනාගායත් නිදහස්, ජනතාවත් නිදහස්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

සීවලී මහරහතන් ධාතුන් වහන්සේ ගංගාරමයට වැඩමවති
2025 අප්‍රේල් මස 25 497 0

උපාලි සමූහ ව්‍යාපාරියේ හිටපු සභාපති අභාවප්‍රාප්ත දොස්තර සීවලී රත්වත්තේ මහතාගේ දියණිය වන එරන්තිකා සිරිමාවෝ රත්වත්තේ කැලේගම මහත්මිය එම පවුල සතුව තිබ


මැලේරියාව ගැන රටට කියන්න පා ගමනක්
2025 අප්‍රේල් මස 25 53 0

ලෝක මැලේරියා දිනය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් සංවිධානය කළ “Say Not To Malariya” මැලේරියා මර්දන සැමරුම් පාගම


ඉදිරි පැය 36 තුළ වැසි තත්වයක්
2025 අප්‍රේල් මස 25 247 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවත් දිව


මාතරින් දේශබන්දුට දුන් නියෝගය
2025 අප්‍රේල් මස 25 1210 0

“මෙම අපහාසය තම ඇසෙන හෝ පෙනෙන තෙක් මානයේ සිදුවූවක් නොවන බැවින් ක්‍රියා මාර්ගයක් ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් කෙසේ වෙතත් මෙය බරපතල ත


අයි.එම්.එෆ් හතර වන වාරිකය දෙන්න එකඟතාව ලැබෙයි
2025 අප්‍රේල් මස 25 347 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකම යටතේ වන හතර වන වාරිකය නිදහස් කිරීමට අදාල කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණ තිබේ.


ලාංකිකයෝ දෙදාහකට ඊශ්‍රායලයේ රැකියා දොර ඇරිලා
2025 අප්‍රේල් මස 25 321 0

ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 2149 දෙනකු සඳහා ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබෙන බව විදේශ සේවා නියුක්ති කා


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 804 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 378 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 532 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site