IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණ සල්ලි අධ්‍යාපනයට-සෞඛ්‍යයට

(අංජුල මහික වීරරත්න)

පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කිරීමෙන් රටට ඉතිරිවන මුදලින් ඉදිරියේ දී අධ්‍යාපන සහ සෞඛ්‍ය සඳහා වැඩි මුදලක් ලබා දීමට හැකියාව ලැබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 

මෙරට ජාතික සම්පත රටේ තරුණ පරපුර මිස, පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය නොවන බව අවධාරණය කළ ජනාධිපතිවරයා  අද බොහෝ රාජ්‍ය ව්‍යවසායන් රජයට බරක් නොවී ක්‍රියාත්මක වන බවත්, මෙම වසර අවසන්වන විට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අදාළ ගෙවීම් කටයුතුවලින්ද නිදහස්වීමට රජය අපේක්ෂා කරන බවත් පැවසීය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ගාල්ල, වලහන්දූව  ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකළ රුහුණ විශ්වවිද්‍යාලයට අනුබද්ධ සම සෞඛ්‍ය විද්‍යා පීඨය  සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට  අද (19) පෙරවරුවේ එක්වෙමිනි. 



අදහස් (8)

පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණ සල්ලි අධ්‍යාපනයට-සෞඛ්‍යයට

විපරමා Friday, 19 July 2024 04:50 PM

පාඩු ලබන ආයතන කෙසේවෙතත් මුළුරටම හොරාකාලා විනාශ කෙරුවේ, ජනතාව මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කෙරුවේ, නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරලා හිඟාකන තත්ත්වයකට පත්කෙරුවේ බලලෝබී, බඩගෝස්තරවාදී, දූෂිත දේශපාලුවෝ මිස වෙන කවුරුවත් නෙවෙයි...

:       26       23

සුද්දවන්තයෝFriday, 19 July 2024 06:57 PM

තමුන්ලා ඔය සුද්දවන්තයෝ කියලා හිතන් ඉන්න දේශපාලුවෝත් බඩගෝස්තර වාදී, බලලෝභී දේශපාලුවෝ තමයි. අනෙක් එක තමයි හොරා කාලා මැරුණු දාක පෙට්ටියෙ දාගෙන යන්නද?

:       0       1

LALITHSaturday, 20 July 2024 04:10 AM

විපරමා හිටපු හැම දේශපාලක්යෙක්ම හොරා කෑවේ නැහැ .බලයේ සිටි මෙන්ම නොසිටි සමහර දේශපාලකයෝත් මේ තැනට රට වැටීමට වගකිව යුතුයි . ඒ වගේම වංචාකාරී හෝ අනීතික වැඩ කරන සියලු රජයේ සේවකයින් ඇතුළු බොහෝ ජනතාවද මිට වගකිව යුතුයි .

:       0       1

නාමල් Friday, 19 July 2024 05:56 PM

හම්බන්තොට වරාය විකුණන කොටත් ඔහොම තමයි කිව්වේ. ඒ සල්ලි විදේශ සංචිත ලෙස ආයෝජනය කරනවා කිව්වා. ඒත් ඒවා කාබාසිනියා කළා. දැන් ලෝකේ වටේ හිඟාකනවා. තවත් ජනතාව ගොනාට අන්දන්න හදන්නේ...

:       14       19

කාබාසනියාFriday, 19 July 2024 07:00 PM

ඒ සල්ලි මොනවා කරලාද කාබාසනියා කලේ? අනෙක කොහොමත් අපේ රටේ බහුතරයක් ඉන්නෙ ගොනාට අදින අය තමයි.

:       0       1

ජයනාත් Friday, 19 July 2024 06:22 PM

මෙච්චර කල් කරපු ඒවායේ සල්ලි වලට මොකක්ද වුනේ?

:       0       0

Achi Friday, 19 July 2024 06:48 PM

ඔහුගේ විනෝදාංශය රාජ්‍ය වත්කම් විකුණා මුදල් කොල්ලකෑමයි ලාෆ් ගෑස්, ලංකා කිරි ආහාර, ශ්‍රී ලංකා රක්ෂණය, ලංකා හොස්පිටල්, ටෙලිකොම් හොඳ ලාභ ලබන නමුත් විකුණා කොමිස් ගැනීම ඔහුගේ අරමුණයි. ඔහුට ඇත්තටම ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය නම් ශ්‍රී ලංකන් ගුවන් සේවා විකුණන්නේ නැත්තේ ඇයි...?

:       0       0

shaf Friday, 19 July 2024 06:51 PM

රනිල් ලංකාවේ ආයෝජනය කරන්න රටවල් කීපයකට ආරාධනා කළත් එකෙක්වත් ඉදිරිපත් වුනේ නැත්තේ අපේ දේශපාලකයෝ හොරු කියලා ඒ රට දන්නා නිසා කොමිස් ඉල්ලනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2775 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2001 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2873 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2888 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 654 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1299 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36034 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24124 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 170 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 516 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site