(නිමන්ති රණසිංහ සහ සුජිත් හේවාජුලිගේ )
ආහාර ද්‍රව්‍ය ඇතුළු විවිධ භාණ්ඩ මිල අහස උසට ඉහළ යෑමෙන් පාඩු ලැබීම නිසා රටපුරා තරු මට්ටමේ හෝටල් ,විලා , ගෙස්ට් හවුස් ඇතුළු සංචාරක නිකේතන දස දහසකට වැඩි සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇතැයි
ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමයේ උප සභාපති සහ කෑගලු දිස්ත්‍රික් හෝටල් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන සංවිධායක ප්‍රියන්ත තිලකරත්න මහතා පැවසීය.
විදුලිය බිල ඉහළ යෑම නිසා හෝටල්, විලා,ගෙස්ට් හවුස් ඇතුළු සංචාරක නිකේතන තවත් දස දහසකට ආසන්න සංඛ්‍යාවක් වැසී යාමේ අවදානමක් මතුව ඇතැයිද ඔහු සඳහන් කළේය.
හෝටල් ක්ෂේත්‍රය මුහුණදී ඇති මෙම අර්බුදය හමුවේ එම ක්ෂේත්‍රයේ විවිධ රැකියාවන්හි නියුතුව සිටි පළපුරුදු සේවක සේවිකාවන් පනස් දහසක් පමණ විදේශයන්ට ගොස් ඇතැයි පැවසූ තිලකරත්න මහතා හෝටල් ඇතුළු සංචාරක නිකේතන පවත්වාගෙන යෑමට එය විශාල බාධකයක්වී ඇතැයිද ප්‍රකාශ කළේය.
සාමාන්‍ය විලා ලැගුම්හලක මෙතෙක් පැවතුණේ රුපියල් 10,000 කට ආසන්න විදුලි බිලක් වන අතර එම විදුලිබිල නව සංශෝධනය අනුව රුපියල් හැට දහසක් දක්වා ඉහළ යනු ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
හෝටල්වල විදුලි බිල තුන් ගුණයකින් පමණ වැඩිවී ඇතැයි හෝටල් හිමියෝ පෙන්වා දෙති.
එසේම හෝටල්වල වතුර බිලද විශාල වශයෙන් වැඩිවී ඇතැයි පවසන එම හෝටල් හිමියෝ පාන් පිටි බිත්තර මිල විශාල වශයෙන් වැඩි වීම නිසා හෝටල් වල කේක්,සැන්විච් යනාදී ආහාර ද්‍රව්‍ය පිළියෙල කිරීමද ගැටළුකාරීවී ඇතැයි සඳහන් කළේය.
මේ අතර විදුලිය විසන්ධි කිරීමද හෝටල් සහ විලා පවත්වාගෙන යෑමට ලොකු බාධකයක්වී ඇති බවත් විදුලි උත්පාදක යන්ත්‍ර නොමැති හෝටල් මෙහිදී බරපතළ ප්‍රශ්නයකට මුහුණදී සිටින බවත් ඔවුහු සඳහන් කරති.
විදුලිය විසන්ධි කාලසීමාවන් හිදී විදුලි උත්පාදක යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට සිදුවීමෙන් බොහෝ හෝටල් වලට අමතර විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇතැයි ගාල්ල ප්‍රදේශයේ හෝටල් හිමියෙක් පැවසීය.
හෝටල්වල පාවිච්චි කරන ටොයිලට් පේපර්ස් ඇතුළු භාණ්ඩ වල මිල අහස උසට නැග ඇති බවත් රුපියල් 100ට පැවති එම පේපර්ස් බණ්ඩලයක මිල රුපියල් 400 දක්වා ඉහළ නැග ඇති බවත් ඔහු සඳහන් කළේය.
හෝටල්වලින් සියයට 95 ක් ම පවත්වාගෙන යන්නේ බැංකු වලින් ලබාගත් ණය මුදල් මඟින් බවත් හෝටල් වල ආදායම් මට්ටම විශාල වශයෙන් පහත යෑම නිසා අද ඒ හෝටල් හිමියන්ට බැංකු ණය පවා ගෙවා ගැනීමට නොහැකිව අසරණව සිටින බවත් වාර්තාවේ.
සමහර හෝටල් ඒවායේ හිමිකරුවන් විසින් වෙනත් පුද්ගලයන්ට කුලියට ලබා දෙනු ලැබ ඇතත් ඔවුන්ද එම හෝටල් පවත්වාගෙන යැමට නොහැකිව මුල් හිමිකරුවන්ටම ආපසු ලබාදී ඇත.
මේ අතර සංචාරක කර්මාන්තය කඩා වැටීමෙන් සංචාරක මගපෙන්වන්නන් 2000කට ආසන්න පිරිසක්ද යන එන මං නැතිව අසරණව සිටින බව සංචාරක මගපෙන්වන්නන්ගේ සංගමය පවසයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාඩු ලැබීමෙන් හෝටල්- සංචාරක නිකේතන දහදාහක් වැහිලා
mp Wednesday, 28 September 2022 09:42 AM
කියන්න ඩයනාට.... හදලා ගනියි...
fairoos Wednesday, 28 September 2022 01:35 PM
රනිල් රාජපක්ෂ ඇතුළු සෙට් එකම තොලොංචි වෙලා යන්න ඕනේ...!