IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


පොඩි ලැසීට නීතීඥවරුන් හමුවීමට අවසර

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින පාතාල කල්ලි නායකයෙකු බව කියන ජනිත් මධුශංක හෙවත් පොඩි ලැසී නමැත්තා හමුවී උපදෙස් ලබා ගැනීම සඳහා ඔහුගේ නීතිඥවරුන්ට අවස්ථාව සලසා දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂකවරයාට අද  (09) නියම කළේය.

පොඩි ලැසී නැමැත්තාට තම නීතීඥවරයා පෞද්ගලික හමුවීමට ඉඩ නොදීම පිලිබද  අද  (09) මෝසමක් මාර්ගයෙන්  අධිකරණයට කළ කරුණු දැක්වීමක් සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය  මෙම නියෝගය කළේය.

එම මෝසම මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පොඩි ලැසී වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හර්ෂික සමරනායක මහතා අධිකරණයට දන්වා සිටියේ තම සේවා දායකයා හමුවීම සඳහා ඉකුත් 03 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය ද එහි පොලිස් අධිකාරී මෙරිල් ළමාහේවා මහතා විසින් නීතිඥවරුන්ට ඔහු හමුවීමට අවස්ථාව නුදුන් බවය.

එම කරුණ සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, සැකකරුවන්ගේ හා නීතිඥවරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි අදාළ නීතිඥවරුන්ට එම සැකකරු හමුවීමට අවස්ථාව සලසා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය.

අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා ලබන 16 වැනිදා කැඳවීමට ද නියම වුණි.



අදහස් (2)

පොඩි ලැසීට නීතීඥවරුන් හමුවීමට අවසර

Bamunuarachchi Friday, 10 December 2021 06:54 AM

හන්ගපු ආයුද ඇති. මෙයාට පෙන්වන්න කියන්න.

:       0       0

Dayan Saturday, 11 December 2021 06:26 AM

මේ අයට දඬුවම් දෙන්නේ නැතිව මොන එහෙකට නීතිඥවරුන් හම්බවෙන්න දෙනවද මන්දා?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත


පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 104 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මන්නාරම රෝහලේ ප්‍රසූතියේදී මවත් බිලිදාත් මිය ගිහින්
2024 නොවැම්බර් මස 20 191 0

මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී


පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 740 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


රිය අනතුරින් පියා මරුට-දියණිය රෝහලේ
2024 නොවැම්බර් මස 20 548 0

පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා


භූමිතෙල් දමා ගිනි තබා බිරිය මරලා
2024 නොවැම්බර් මස 20 1261 0

සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 416 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1911 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site