IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


පණ ගිය ලංගම බස් 157කට පණ දෙයි

(අංජුල මහික වීරරත්න)

ආනයන සීමා හේතුවෙන් ඇති වූ අමතර කොටස් හිඟය සහ මිලදී ගැනීමේ මූල්‍ය දුෂ්කරතා නිසා ධාවනයෙන් ඉවත් කර තිබූ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 175ක් අලුත්වැඩියා කොට නැවත මගී ප්‍රවාහන පද්ධතියට එක් කිරීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් දැනුම් දීම  ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. 

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊට අදාළ ලිපි ලේඛන ජනාධිපතිවරයා වෙත බාර දුන්නේය. 

වසර තුනකට අධික කාලයක් ධාවනයෙන් ඉවත් කර තිබූ බස් රථ 852 කින් බස්  රථ 400ක් නැවත අළුත්වැඩියා කිරීමට ප්‍රවාහන  අමාත්‍ය බන්දුල ගුණවර්ධන  මහතාගේ උපදෙස් පරිදි මහා භාණ්ඩාගාර ප්‍රතිපාදන යටතේ ඩිපෝ මට්ටමින් ව්‍යාපෘතියක් ආරම්භ කෙරිණි.

ඒ යටතේ වැඩ නිම කෙරුණු බස් රථ 175ක්  මෙලෙස බාර දෙනු ලැබූ අතර මේ සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 300කට ආසන්නය. ලංකා ගමනාගමන මණ්ඩලයේ කාර්මික අංශයේ  ඉංජිනේරුවරුන්ගේ  සහ කාර්මික ශිල්පීන්ගේ දායකත්වයෙන් අදාල අලුත්වැඩියා කටයුතු සිදු කර තිබේ.

මෙම බස්රථ 175 න් 15ක් පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා  “සිසු සැරිය” වැඩසටහනට ලබා දීමට නියමිත අතර අනෙක් බස් රථ මගී ප්‍රවාහන අවශ්‍යතා සඳහා යොදා ගැනීමට අදාල ඩිපෝ වෙත බාරදීමට නියමිතය.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති එස්.එම්.ඩී.එල්.කේ.ද අල්විස්,  ප්‍රධාන විධායක නිලධාරි මහේෂ් කුලතිලක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස, ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු ලක්ෂ්මන් පුෂ්පකුමාර යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (8)

පණ ගිය ලංගම බස් 157කට පණ දෙයි

අරවින්ද මොනරවිල Tuesday, 25 July 2023 02:17 PM

කැඩුණ බස් රථ අලුත්වැඩියා කරලා පාරට දාන්න මිලියන ගණන් වියදම් කරලා උත්සව තියෙන මන්ද මාසික දේශපාලනය තව තවත් රට වනසමින් ආතල් ගන්නවා.

:       7       27

නිහාල් Tuesday, 25 July 2023 02:17 PM

මගීන් කී දෙනෙක්ගෙ පණ ගනී ද කියලයි බය.

:       5       6

Samitha Senaka Aluthgamage. Tuesday, 25 July 2023 02:21 PM

මේ රටේ පාර්ලිමේන්තු වරප්‍රසාද ලත් සියලුම දේශපාලනඥයන් ඔවුන් සතු එකම ජපන් වාහනයක් හෝ අලුත්වැඩියා කොට භාවිතයට ගන්නේ නැහැ. එහෙව් එකේ බන්දුල ගුණවර්ධන මහතා කැඩී වසර ගණනක් පමණ තිස්සේ ගාල්කොට තිබූ ඉන්දියානු ලොරිචැසි බස් අලුත්වැඩියා කොට මහජනතාව සඳහා ලබා දෙනවා.මෙහි ජනතාව නොසිතන පැත්තක් තිබෙනවා.බස් රථයක් අලුතෙන් ගත්තාම එයට නිසි මිලක් තියෙනවා.ඒත් අලුත්වැඩියා කරන විට වියදමෙහි පාලනයක් නැහැ.අවශ්‍ය නම්,අවශ්‍ය අයට මාටියා පාරක් දාන්න පුලුවන්.මොකෝ මේ රටේ එහෙම නොවෙන රටක් නෙමෙයිනේ.අනෙක් කරුණ නම් මේ වගේ බස්රථ දෙතුන් වතාවක් අලුත්වැඩියා කරන විට යන වියදම බස් රථයක් අලුතෙන් ගන්න යන වියදමට වඩා වැඩියි.රට බංකොලොත් කළ අයගේ පැත්තේ කවදත් සිටි මේ වගේ පොහොට්ටු සාමාජිකයන් ගැන පූර්ණ විශ්වාසයක් තැබිය හැකිද ?

:       3       23

vernonWednesday, 26 July 2023 09:05 AM

මෙතන මිලියන ගාණක් වැය වුනා කියන්නේ බස් රථ අලුත්වැඩියාවට. ඒකට මුදල් ප්‍රතිපාදන රජයෙන් දෙද්දි අවශ්‍ය අවශ්‍ය ඇස්තමේන්තු ගන්න පුළුවන්. අනික බස් ආනයනය කරන කොට වැය වන විදේශ විනිමය ඉතිරි වෙනවා නම් ඔය වැය කරන මුදල්, ලංගමය තුළම ‍රැ‍ඳෙනවා නම් මොකක්ද ගැටළුව?

:       0       0

සල්ලි Tuesday, 25 July 2023 03:53 PM

මේ ලොරි වලට බස් කියන්නේ මොන මෝඩයෝ ද? බංදුල ඔහේ ලංගමේ පාර්ලිමේන්තු ගියොත් ආන්න ඒක පොටෝ එකක් දාන්න . උබලා තාමත් රට අන්දනවා උබලාටම හරි යන මාධ්‍ය කාරයොත් ඉන්නවා...

:       3       18

Hasantha Tuesday, 25 July 2023 08:27 PM

බස් ආනයනය කරන්න දුන්නේ නෑ කියලා බන්දුල කිව්වත්, ඔහුම පසුගිය මාසයේ ඉන්දියන් බස් (ලොරි මොඩල්) 500ක් ගෙන්වලා දැන් පාරේත් දුවනවා. බස් අලුත් වැඩියාවෙන් කාගේත් සාක්කු පිරෙනවා...

:       0       1

Lalla Tuesday, 25 July 2023 09:19 PM

වාහන අලුත්වැඩියාව ජනපතිට කියන ලෝකයේ එකම රට...!

:       0       1

Don perea Tuesday, 25 July 2023 11:04 PM

ඉන්දියන් ලොරි බස්...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

මාළුන්ට දැල්දාන්න ගිය එක්දරු පියා දියේ ගිලී මරුට
2024 ඔක්තෝබර් මස 15 86 0

කලපුගම , කජුවත්ත ඇලේ මාළු ඇල්ලීමට ගිය එක් දරු පියෙකු දියේ ගිලී මියගොස් ඇති බව මොරොන්තුඩුව පොලිසිය පවසයි .


සුදු සැරයටි පළමු කොඩිය ජනපති ලේකම්ට
2024 ඔක්තෝබර් මස 15 106 0

ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දිනයට සමගාමීව කොඩි අලෙවි කිරීමේ සතිය සනිටුහන් කරමින් එහි පළමු කොඩිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා


උදුල් ප්‍රේමරත්නට-බිරියට පහර දුන් අය අධිකරණයට ගේන්න නියෝග
2024 ඔක්තෝබර් මස 15 554 0

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවකු වන නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතාට සහ ඔහුගේ බිරිද ට තලවතුගොඩ ප්‍රදේශයේ ආපනශාලාවකදී පහර දුන


නුවරදී කොටු වුණු’’ඔන්ලයින් චීන්නු’’හම්බන්තොටත් ඉදලා
2024 ඔක්තෝබර් මස 15 327 0

අන්තර්ජාලය ඔස්සේ මහා පරිමාණයෙන් මූල්‍ය වංචා සිදුකරමින් සිටියදී මහනුවර ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් පිරිස මීට ඉහතදී හම්බන්තොට ප්


උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
2024 ඔක්තෝබර් මස 15 97 0

නාවලපිටිය සිට නානුඔය බලා ධාවනය වු දුම්රියක් තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථානය අතරදී අද (15) පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය


කැකනදුර වෙඩි තැබීමකින් අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 15 534 0

මාතර, කැකනදුර ,රුවන්වැල්ල ප්‍රදේශයේදී අද (15) පස්වරුවේ කළ වෙඩිතැබීමකින් අයෙක් මියගොස් ඇතැයි පොලීසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 487 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 467 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1462 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site