(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය, හිරාන් ප්‍රියන්කර ජයසිංහ සහ එච්. චන්දන)
ලංකා ගුරු සංගමයේ පුත්තලම දිස්ත්‍රික් සභාපති අජිත් විජේසිංහ මහතාගේ පුත්තලම, මදුරන්කුලිය මුක්කු තුඩුවාවේ පිහිටි නිවෙසට කඩාවැදුණු කඩු, යකඩ පොලු සහ මුගුරු රැගත් මැර කණ්ඩායමක් ඒ මහතා ගේ නිවෙසේ වටිනා බඩු මුට්ටුවලට පහර දී පොඩි පට්ටම් කර නිවෙසට ද ගිනි තබා හානි සිදුකර පලා ගොස් ඇතැයි මදුරන්කුලිය පොලිසිය පවසයි.
ප්‍රදේශයේ එක්තරා කර්මාන්ත ශාලාවකින් බැහැර කරන අපවිත්‍ර ජලය හේතුවෙන් සිදුවන බව කියන දැඩි පාරිසරික හා සෞඛ්‍යමය ගැටලු සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පිරිසක් සමග එක්ව ඊට එරෙහිව පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කිරීමට අජිත් විජේසිංහ මහතා නායකත්වය ගෙන ක්‍රියා කර ඇති බවට මූලික විමර්ශනවලදී තොරතුරු අනාවරණය වීයැයි ද පොලිසිය සදහන් කරයි.
හලාවත නගර සභාවේ ගිනි නිවන රථ පැමිණ ගින්න මැඩ පැවැත්වූ අතර ඒ සඳහා ප්‍රදේශවාසීන්ගේ ද උපරිම සහාය ලැබී ඇත.
විජේසිංහ මහතාට අයත් මෝටර් රථයට සහ යතුරුපැදියට ද මැර කණ්ඩායම දැඩි ලෙස හානි කර තිබෙන බව පොලිසිය කියයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පුත්තලම ගුරු සංගම් ලොක්කාගේ ගෙට ගිනි තියලා
Bamunuarachchi Thursday, 04 April 2024 05:32 AM
යාලුවනේ අපේ ඩුප්ලිකේට් ඉස්ටාලින් ගොයියාටත් සැලකුවොත් හොඳයි නේද? තවත් එකෙක් ඉන්නවා උගේ නම මතක නැහැ. මිනිහා ජේවීපී වෘත්තීය සමිති කාරයෙක්..