(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වසර 100 ආසන්න පැරණි කඩොලාන රක්ෂීත භුමියක් ලුණු ටැංකි සැකසිම සදහා වනසා ඇති බව පරිසර සංවිධාන චෝදනා නගති.
මුන්දලම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් පුලිදිවාසල් ග්‍රාම නිළධාරි වසමේ පුත්තලම කලපු තීරයට අයත් කඩොලාන පරිසර පද්ධතිය මෙසේ නීති විරෝධි ලෙස ලුණු ලේවායක් සැකසීම සදහා වනසා ඇති බව පරිසර සංවිධාන චෝදනා කරති.
මෙසේ වනසා ඇත්තේ වසර 100 කට ආසන්න පැරණි දැවැන්ත කඩොලාන පද්ධතියක අක්කර පහකට ආසන්න භුමියක් බව පරිසරවේදීයෝ පවසති.
මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කය තුළ සිමිතව ඇති කඩොලාන බිම් ප්‍රමාණය නැවතත් ඉස්සන් ටැංකි හා ලුණු ටැංකී ඉදිකිරිම සදහා වනසමින් ඇති බව ඔවුහු කියති.
අදාළ භුමි ප්‍රදේශය හිමි මුන්දලම ප්‍රාදේශීය ලේකම් විජානි වසන්තිකා මහත්මිය කල විමසිමේදි මෙසේ පැවසුවාය.
“මම අපේ සියලුම ග්‍රාම නිළධාරින් දැනුවත් කර තිබෙනවා කඩොලාන භුමි පිළිබදව නිසි අවධානය යොමු කරන්න කියලා .ඒ නිසා මම කඩිනමින් අදාල නිළධාරින් යොමු කරන්නම් සිද්ධිය සොයා බලන්න. අනික කඩොලාන ගසක්වත් කිසිම ලෙසකින් ඉවත් කරන්න අවසර දෙන්න එපා කියලා නිළධාරින් දැනුවත් කර තිබෙනවා.
කෙසේ වෙතත් මේ පිළිබදව පුත්තලම දිසා වන නිළධාරි කාර් යාලයේ ඉහල නිළධාරියකු ගෙන් කළ විමසිමේදි පවසා සිටියේ මේ පිළිබදව සොයා බලන බවයි .
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.
ශ්රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.
රුසියානු යුක්රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව
පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
දිවංගත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියෙකුගේ මාතර වෙහරගම්පිට ප්‍රදේශයේ නිවසක සගවා තිබු විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝලයක් හ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පුත්තලම පුලිදිවාසල් කඩොලාන බිමක් ලුණු ටැංකි සැදිමට වනසති
Raveendra Wednesday, 04 November 2020 05:59 AM
අනිවාර්යෙන්ම මෙම විනාශයේ පීතෘත්වය දේශපාලුවෙකුගේ බව නම් විස්වාසය..
bandara Wednesday, 04 November 2020 06:37 AM
මේ ආණ්ඩුව පත්වුනදා ඉදලම කැලෑ කඩොලාන එක්ක පුදුම තරහක්නෙ තියෙන්නෙ. දිගට හරහට විනාශ කරනවා. මෙහෙම ගිහිල්ලා ලංකාව කාන්තාරයක් කරල තමයි පස්ස බලන්නෙ. අපියි අපේ දරුවොයි එපැයි මෙව්වට වන්දි ගෙවන්න ..
ලුම්බිණි Wednesday, 04 November 2020 06:52 AM
මේවා ගැන ආණ්ඩුව කිසිම දෙයක් කරන්නේ නැති බව දන්නවානේ. ඒ නිසා කලබල වෙන්න එපා. කලබල වුනා කියල ඇති වැඩක් නැහැ.
fairoos Wednesday, 04 November 2020 07:09 AM
කපලා විනාස කරාට පස්සේ සොයා බලන්න.
Nuwan Wednesday, 04 November 2020 07:32 AM
හුස්ම ගන්න ඔක්සිජන් මොකටද.?
බම්බුආරච්චි Wednesday, 04 November 2020 09:18 AM
මේ මොනවද දවසින් දවස වෙන්නේ.?
Champa Wednesday, 04 November 2020 10:36 AM
හාමුදුරුවරු ටික එකතු වෙලා මරක්කලයන්ට ආණ්ඩුවක් හදලා දුන්න. සිංහල රටට, වනාන්තර වලට, ගහකොළට, සතා සීපාවට ආදරයක්, බැඳීමක් නැති ජාතියකට බලය දුන්නු එකේ විපාක රටටම විඳින්න වෙලා....
Karunarathna Gampola. Wednesday, 04 November 2020 01:44 PM
යම් ප්‍රදේශයක ජීවත්වන ජාතියක් අනාවරණයෙන්ම මෙ සම්බන්ධයෙන් තීරණ ගැනීමට සිතාබැලීමට අපහසුයි නේද? තන්හාව පොදු දහමක්... ඊට ජනවර්ගය, ජාතිය හා ආගම බලපැමක් නැහැ. මා දන්නා තරමින් ඉස්ලාම් දහමෙ දේශනා කරතිඛෙන්නේ ගසක සෙවනටවත් මුත්‍රා කරන්න එපා කියලයි. ඒ කියන්නේ පරිසරයට ආදරය කරන්න කියන එකයි. ධන බලය ඉදිරියේ හුස්ම නොගෙන ජීවිතයට හුස්ම ගන්න ඔක්සිජන් ඔනෑ නෑ කියන ජාතියක් ඉන්න රටෙ මීට වඩා දෙයක් බලාපොරොත්තු නොවිය යුතුයි කියන හැගීමයි මට තියෙන්නේ... ස්තුතියි...
Hafeel Wednesday, 04 November 2020 04:25 PM
මෙ ආණ්ඩුව බලයට ආ දවසේ ඉදන් පරිසර විනාශ උපරිම අයුරින් සිදුවෙමින් පවතියි.
ranjith Thursday, 05 November 2020 01:19 AM
මිනිසුන්ට, සත්තුන්ට නිදහසේ ජීවත් වෙන්න තියෙන සුන්දර පරිසරය විනාස කරන්න මේ වගේ මුදල් පස්සේ හඹායන මිනිස්සු නිසා තමා අද ලෝකයට මෙවන් විපත් ලඟා වෙලා තියෙන්නේ.
Perera Thursday, 05 November 2020 01:25 AM
69 ලක්ෂයට මේවා මිහිරි දසුන්.