IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පාතාලයෙන් කොළඹ මල් ශාලාවකට යළි තර්ජනයක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අතුරුගිරිය කඩුවෙල පාරේ ටැටු කලාගාරයක් තුළදී නාදුනන වෙඩික්කරුවන් අතින් ඝාතනයට ලක්වූ ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් කැරොකේ වසන්ත ගේ දේහය මහජන ප්‍රදර්ශනය සඳහා තබා නොගන්නා ලෙස බොරැල්ල ප්‍රසිද්ධ පෞද්ගලික මල්ශාලාවකට  යලිත් තර්ජනාත්මක ඇමතුමක් ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

එම තර්ජනාත්මක දුරකථන ඇමතුම සමග කියවී ඇත්තේ කංජිපාණී ඉම්රාන් ලබා දුන් දැනුම්දීම කැරෝකේ වසන්තගේ පවුලේ උදවියටද දැනුම් දුන්නේ ද ? යන්න බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

එයා කාරයෙන් ඉකුත් 10 වෙනි දින එම මල් ශාලාවට ලද තර්ජනාත්මක ඇමතුම සම්බන්ධයෙන් බොරැල්ල පොලිසියට ලද පැමිණිල්ලක් අනුව බොරැල්ල පොලිසිය අපරාධ විමර්ශන අංශය මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

එම තර්ජනාත්මක ඇමතුම් සමගම එම පෞද්ගලික මල්ශාලාවේ ශාඛා කාර්යාල දෙක ආසන්න මාර්ගයේ දැඩි පොලිස් ආරක්ෂාව යොදවා ඇති අයුරු දක්නට ලැබිණි.

මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක අංශ වෙත ඔත්තුව ලබා දුන් පළමු පුද්ගලයා ලෙස කැරොකේ වසන්ත හඳුනාගෙන ඝාතනය කළ බවට කන්ජ් පානි ඉම්රාන් පවසා ඇතැයි ද පොලිස් ආරංචි මාර්ග පවසයි.

මදූශ් පිළිබඳ විමර්ශන සිදුකළ කොළඹ අපරාධ කොට්ඨාසයේ හා බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ද ඝාතනය කරන බවට කංජි පානි ඉම්රාන් පවසා ඇතැයි ද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

ඉකුත් 8 වෙනිදින ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් කැරොකේ වසන්ත ඔහුගේ බිරිඳ මෙන්ම ජනප්‍රිය ගායිකා කේ සුජීවා සහ ඇයගේ සැමියා ඇතුළු කීප දෙනකුටූ ටැටු කලාගාර විවෘත කිරීමට උත්සවයට සහභාගී වී කිරිබත් ආහාරයට ගනිමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු ටි 56 ගිනි අවියකින් තබා පලා ගොස් තිබිණි.

 



අදහස් (14)

පාතාලයෙන් කොළඹ මල් ශාලාවකට යළි තර්ජනයක්

athula Friday, 12 July 2024 10:17 PM

මේ රටේ නියම පාලකයා කවුද? පොලිස් ඇමැතිගේ සහ පොලිස්පතිගේ යුක්තිය කෝ ජනතාව මර බියෙන්....

:       2       85

Muthu Saturday, 13 July 2024 01:21 AM

මේ නාට්ටියේ දැන් යන එපිසෝඩ් .....තාත්වික නෑ වගේ නේද.....ඕවර් ඇක්ටින් ගියොත් වැඩේ මිනිස්සු විස්වාස කරන්නේ නෑ....

:       0       12

Saman Saturday, 13 July 2024 06:40 AM

කොන්ද පණ නැති පාලකයෙක් ඉඳීමේ ප්‍රතිවිපාක... ඌ දන්නේ ලෝකේ වටේ රවුම් ගහන්ඩයි, රට විකුනන්ඩයි විතරයි. හරිනන් මරණ දඬුවම ක්‍රියාත්මක කරලා ඔහොම කරන උන් දෙතුන් දෙනෙක් එල්ලන්ඩ ඕන, උන්ට වෙන්නේ මේකයි කියල පෙන්නන්ඩ. ඒකට මේ පිනා. නාට්‍ය කාරයෙක්ට පොලිසිය දීලා. ඌත් ඉතින් පොර ටෝක් දීගෙන, යුක්තිය කියල නාට්‍යක් කරනවා, ඒත් පාතාලේ එහෙමමයි. මේ සිද්ධියෙන් පාතාලෙට අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලැබෙනවා. අර වැලේ වැල් නැතුව හන්දි බෝක්කු වල වාඩි වෙලා ඉන්න උනුත් හිතනවා පාතාලෙට සෙට් වෙන එක තමා වැඩේ කියල.

:       3       11

Sara Saturday, 13 July 2024 09:01 AM

පාතාලය සම්පුර්ණයෙන්ම ඉවර කරන්න පුළුවන් අනුර කුමාරට විතරයි.

:       11       13

පිටිගල මිලානෝ Saturday, 13 July 2024 09:10 AM

වසන්ත අයියට ගහලා දැම්මේ ඇත්තටම කංජිපානිද? එහෙනම් වෙඩි තියන්න ආපු හතරෙන් එකෙක් වත් අල්ලන්න බැරි වුනේ ඇයි? අර ටැටූ කාරයා පස්සේ විතරක් පන්න පන්නා කේස් එක එතනට පමණක් සීමා කරන්නේ ඇයි. වසන්ත අයියා ලංකාවේ වඩාත්ම ජනප්‍රියව නැගී එන පක්ෂයක පිලිකන්නේ ලගින්න සැරසුන නිසාද සමහර දේශපාලකයන්ගේ නොමනා රහස් රැක ගන්න ගහලා දැම්මේ…?

:       2       10

Nimal Saturday, 13 July 2024 09:11 AM

ඕවා ලේසි දේවල් නෙමේ පුතේ .සංසාරේ ආත්ම ගණන් යන බැඳීම් .අපි ඕවා අත ඇරලා දාලා ඉන්නයි ඕන

:       0       2

නන්දන පනා-මිලානෝ Saturday, 13 July 2024 10:29 AM

වසන්ත අයියගේ කේස් එකෙන් පස්සේ අර පාර අයින් වල ආප්ප කාපු සෙට් එක අතුරුදහන් ඇයි….? ඒ අයත් මදූෂ් බෑන්ක් එකෙන් ණය අරන් වත්ද..?

:       0       9

Manjula Saturday, 13 July 2024 11:05 AM

දැන්වත් මිනිස්සු තේරුන් ගන්න ඕනා, යුක්තිය අරක මේක කියන්නේ බොරු සංදර්ශන . හොරු අල්ලන එක පොලිසියේ රාජකාරිය. ඒක කරලා TV වල පෙන්නන්න දෙයක් නෑ. හැමෝම කරන්නේ රස්සාවක්. එහෙනම් හැමෝම දවස අන්තිමේ මම කලේ මේක කියලා TV එකට දාන්න ඕනා. බොරු සන්දර්ශන වලින් රටක සාමය නීතිය සුරක්ශිත වෙන්නේ නෑ..

:       0       11

TGL Saturday, 13 July 2024 11:06 AM

මහා කොටියා ප්‍රභාකරන් වත් මෙච්චර නෑ

:       0       7

udara Saturday, 13 July 2024 11:40 AM

කලබ් වසන්ත - කැරොකේ වසන්ත (මාද්‍ය සදාචාරය සාමාන්‍ය ජනයාටත් මෙහෙම සලකනවානම් නේද?)

:       0       2

පැරකුම් Saturday, 13 July 2024 12:04 PM

මේ රටේ නියම පාලකයා පාතාලය බවට පත්වන දිනය ඉතා ආසන්න බව පෙනේ.

:       0       5

ගමේ එකාලා Saturday, 13 July 2024 01:18 PM

මල් සාලා කාරයා කරන්නේ එයාලගේ රැකියාව .පාතාලය රජ කරවන විදියට වැඩ සිද්ද කෙරුවේ බලලෝබී බඩගෝස්තරවාදී දූෂිත පවුල් පාලනේ උන් ?

:       0       3

fairoos Saturday, 13 July 2024 02:03 PM

මේවා පාතාල ගැටුම් පොලිස් අනුබල ඇතිව...

:       0       4

C.K.Lankaputhra Saturday, 13 July 2024 05:40 PM

ෆේරොස් මල්ලි මේ රටේ පාලකයෝ ඉන්නේ ඩුබායි වලද? මොන බොරු නරි නාටකද? ඔය නාටක රඟන්නේ මෙහෙ ඉන්න මහ මොල කාරයින් වහන්නයි...

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 6 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 143 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 391 0

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 791 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 877 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 68 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36705 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24271 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 180 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 548 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site