(යොහාන් භාසුර)
මත්ද්‍රව්‍ය වැටලීම් සහ පාතාල මර්දනයට වර්තමානයේ සෘජුව මැදිහත්ව සිටින සහ විශ්‍රාම ලබා සිටින පොලිස් නිලධාරීන් කීපදෙනෙක් ඝාතනය කිරීමට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සැලසුම්කර තිබෙන්නේ යැයි ලැබුණු බුද්ධි තොරතුරු මත එම නිලධාරීන්ට ආරක්‍ෂාව ලබාදී ඇති බව වාර්තා වේ.
මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකර ජාවාරම්කරුවන්ට හිසරදයක් වූ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු මෙසේ ඝාතනය කිරීමට සැළසුම් කර ඇති බව හෙළිවී තිබෙන බවත් වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් සහ පාතාල මර්දනයට වැඩිම දායකත්වයක් දැක්වූ මෑතකදී විශ්‍රාම ලැබූ හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු වන මංජුල ද සිල්වා සහ ඊ. එස්. ධර්මප්‍රිය යන මහත්වරු ප්‍රධාන ඉලක්කයක් වී ඇතැයි පොලිස් බුද්ධි අංශ පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බවත් වාර්තා වේ.
බස්නාහිර පළාතේ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක්, දැනට සේවයේ නිරත පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට ද, මෙලෙස තර්ජන එල්ල වී ඇති බවත් තර්ජන එල්ල වී සිටින පොලිස් නිලධාරීන්ට පෞද්ගලිකව ආරක්ෂාකාරීව සහ කල්පනාකාරීව සිටින ලෙස උපදෙස් දී ඇති බව ද පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
මත්ද්‍රව්‍ය සහ පාතාල මර්දනයට සෘජුවම සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් තර්ජන එල්ල වී ඇති බවට වින්ධිතයන් ආරක්ෂා කිරීමේ කොට්ඨාසය සහ පොලිස් මූලස්ථානයට මීට පෙර වාර්තා කර තිබූණි.
රට තුළ පසුගිය මාසයක පමණ කාලය තුළ සිදුවූ ඝාතන 20 න් වැඩි සංඛ්‍යාවකට චෝදනා එල්ල වී තිබෙන ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ පාතාල සාමාජිකයන් දෙදෙනකුගෙන් මෙම තර්ජන එල්ල වී ඇති බවට බුද්ධි තොරතුරුවලින් වැඩි දුරටත් දැනගන්නට තිබේ.
මෙම සිද්ධිය පිළිබඳව කළ විමසුමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥා නිහාල් තල්දූව මහතා පැවසුවේ පොලිස් නිලධාරීන්ට තර්ජන හේතුවෙන් එසේ ආරක්‍ෂාව සපයා ඇති බවට තමන් දැනුවත් කර නොමැති බවය.
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.
නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී
අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාතාල තර්ජන එල්ල වූ පොලිස් නිලධාරීන්ට ආරක්‍ෂාව
Prabha Saturday, 02 July 2022 02:02 AM
ඉස්සර නම් සර්ගේ නම කිව්වත් පාතාලෙට මළමූත්‍ර පහවෙනවා කියලා තමයි කිව්වේ...!
BamunuarachchiSunday, 03 July 2022 09:58 AM
ඔව් ඔව්... දැන් පොලිසියට අල්ලාගෙන එන පාතලයාගෙන් අහන්නේ.. ඔබතුමා මොකද ඔය ලොරියකින් පැට්‍රල් ඇද්දේ කියලා...!