IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


පොත් තුනක් නැති නිසා දරුවන් තිදෙනෙක් පාසල් ගමන නවත්තලා

(උපුල් හේරත්)

අභ්‍යාස පොත් තුනක් නොමැතිව සතියක් මුළුල්ලේ පාසල නොයන දරුවන් තිදෙනකු තන්තිරිමලේ කටුකැලියාවේ දී අපට හමු විය.

එම දරුවන්ගේ පියාගේ අක්මාවේ සැත්කමක් නිසා වසර දෙක තුනක් රෝගාතුරව සිටින බව ඔහුගේ බිරිඳ වන ජේ.ප්‍රදීපා ජයලත් කුමාරි (30) මහත්මිය පැවසුවාය.

දරුවන් සිවු දෙනකුගෙය් යුතු පවුලේ දරුවෝ තුන් දෙනෙක් තවමත් අධ්‍යාපනය හදාරති. වැඩිමහල් දරුවා  ඇලයා පත්තුව මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ බවත් පාසල් යැවීමට බස් වියදම දරා ගැනීමට බැරි නිසා තම්බියාවේ පිහිටි ධර්මපාල විද්‍යාලයේ අධ්‍යාපනය ලබන බව මව පැවැසුවාය. එයා ශිෂ්‍යත්වයත් හොදට පාස්.හොඳට ඉගෙන ගන්න පුළුවන්ධ ර්මපාල විද්‍යාලයට ඇතුළත් කරලා දැනට සතියක් විතර වන බව ද ඇය කීවාය.

ඒ දරුවාට සී.ආර් පොත් තුනක් ඕන.ඇරන් දෙන්න විදිහක් නෑ.ඊයෙ රෑට කෑවෙත් පලා කොළ ටිකක් නිකං මලවලා,අල හොද්දක් හදලා දරුවන්ට කන්න දුන්නා.අද උදේට සම්බෝලයි බතුයි.දවල්ට ඉතින් මොකවත්ම නැහැ.පොඩි දරුවෝ තුන්දෙනා ඉස්කෝලේ යැව්වේ නැත්තේ ගොඩක් අඩුපාඩුකම් තියෙන නිසයි.

ඔවුනට උදව් කිරීමට කැමතිනම් ජේ.පී.ජේ. කුමාරි කටුකැලියාව ඇලයාපත්තුව ලිපියන යටතේ ලංකා බැංකුවේ පේමඩුව ශාඛාවේ 79187102 අංකයට බැර කළ හැකියි. 



අදහස් (35)

පොත් තුනක් නැති නිසා දරුවන් තිදෙනෙක් පාසල් ගමන නවත්තලා

Dasa P Thursday, 21 March 2024 08:43 PM

මේ ගොල්ලන්ව සම්බන්ධ කරගන්නේ කොහොමද?

:       0       3

සංඛ Thursday, 21 March 2024 08:49 PM

සම්බන්ධ කරන්න විදියක් කියන්න පුළුවන්ද?

:       0       3

Udara Thursday, 21 March 2024 09:49 PM

දුරකතන අන්කයක් ලබාදෙන්න...

:       0       3

Dixon Lelwala Guruge Thursday, 21 March 2024 10:18 PM

කරුණාකරලා විස්තර එවන්න...

:       0       3

Ruwan Thursday, 21 March 2024 10:21 PM

ඒකට කමක් නෑ.මහ බැංකුවෙ අයගෙ පඩි වැඩිකරල මන්ත්‍රීලාට පෙන්ෂන් ගෙවල කඳු උඩ තව කොන්ක්‍රීට් වක්කරල චෛත්‍ය ටිකක් හදමු.එතකොට ඔක්කොම හරි

:       3       14

Kasun Friday, 22 March 2024 04:17 AM

කරුණාකර දුරකථන අංක ලබාදෙන්න.

:       0       3

sanjeeva Friday, 22 March 2024 05:27 AM

මේ පවුලේ විස්තර දාන්න... ස්තුතියි...

:       1       3

A B Seneviratne Friday, 22 March 2024 05:51 AM

පවුලේ විස්තර මට එවන්න.

:       0       2

Uditha Jayasekara Friday, 22 March 2024 05:54 AM

එම දරුවන්ගේ වගකිව හැකි පුද්ගලයෙකුගේ දුරකථන අංකයක් ලබා දෙන්න.

:       0       2

Asela sanju Friday, 22 March 2024 06:01 AM

මට පුළුවන් විදිහට උදව්වක් කරන්න ඕනේ... එයාලාව සම්බන්ධ කරගන්න විදිහක් හදලා දෙන්න...

:       0       2

kam Friday, 22 March 2024 06:06 AM

මෙච්චර අපහසු නම් දරුවන් හතරක්ම හැදුවේ ඇයි?

:       16       5

ධනුෂ්ක Saturday, 23 March 2024 01:36 PM

බුද්ධිමත් මහත්තයා මේ මිනිස්සු දරුවෝ හදපු කාලේ සී ආර් පොතක් ඇතුළු අනික් බඩු කීයක් වෙන්න ඇද්ද? රටට මෙහෙම වෙන බව දන්නවා නම් අපිත් ⁣ළමයි හදන්න තියා කසාද බඳින්නෙත් නෑ...

:       1       3

සුරංග Friday, 22 March 2024 06:12 AM

ඔහොම වාර්තා ලියවන්න ඉස්සර වෙලා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට ගිහිල්ලා ළමා හිමිකම් ප්‍රවර්ධනය භාර නිළධාරි හමුවෙලා කිව්වනම් හොද නේද එහෙම නැත්නම් පරිවාස නිළධාරින් හමුවෙලා ආධාරයක් ඉල්ලුවා නම් නොලැබෙන්නේ නැහැ මොකද මම දන්නවා අපේ පළාතේ පරිවාස දෙපාර්තමේන්තුවේ ඔහොම අයට ආධාර දෙනවා එහෙම නැත්නම් ග්‍රාම නිළධාරි හරහා ප්‍රාදේශීය ලේකම්ට දන්වන්න තිබුනා කොහෙද ඉතින් උපුල් හේරත් අත ඉහලට ඔසවා නහය අල්ලන්නෙ නැතුව ඔලුව වටේ අත යවල නහය අල්ලන්න හදනවානේ

:       4       13

Ranjith P Silva Friday, 22 March 2024 06:26 AM

මේ දරුවන්ට මුද්ල් ටිකක් දිය හැකියි කෙලින්ම දරුවන්ගෙ අම්මගෙ එකවුන්ට් එකට පමනයි

:       0       2

අරවින්ද මොනරවිල Friday, 22 March 2024 08:19 AM

මේ දවස්වල රටේ මහා ජනතාවගෙන් බහුතරයක් දුෂ්කරතාවයන් ලක්වෙලා තියෙනවා, ඒවාට ඇහුම්කන් දෙන්න සොයා බලන්න උවමනාවක් නැති අමනුස්සයන් පිරිසක් රට පාලනය කරනවා. ඒක සහතික ඇත්ත, නමුත් ඔය වගේ සුළු සුළු ප්‍රශ්න මාධ්‍යට දමලා ඒ දරුවන් ගේ අපහසුතාවයට පත් කරන්න එපා. පිටු දෙසීයක හොදම වර්ගයේ සී. ආර් පොතක මිල වෙන්නෙත් රුපියල් දෙසිය පනහක් විතරයි. ඒ නිසා පොත් තුනක් අරන් දෙන්න පුළුවන් එක් කෙනෙක් නොවෙයි කිහිප දෙනෙක්ම ඔය පලාතෙන්ම හොයා ගන්න පුළුවන් වෙයි. එහෙම අයෙක්ව පුද්ගලිකව කතා කරලා උදව්වක් අරන් දෙන එක ඊට වැඩිය වටීනවා.

:       2       18

මධුසංඛ Friday, 22 March 2024 10:22 AM

අදහස හරි ඇත්තටම මෙහිදී වාර්තාකරු ළමා අපයෝජනයක් කරල තියෙනවා ඒකට ළමා රක්ෂණ අධිකාරියේ නිළධාරින් මොකද කරන්නෙ කියලා බලමුකෝ පුවත්පත් දැන්වීමක් අනුව එම නිළධාරින්ට කටයුතු කරන්න පුළුවන්

:       1       4

duminda Friday, 22 March 2024 08:35 AM

කරුණාකර බැංකු විස්තර එවන්න

:       0       12

RAJ Friday, 22 March 2024 08:47 AM

අපි ඔවුන්ට උදව් කරන්නේ කෙසේද? කරුණාකර අපට දන්වන්න..?

:       0       10

anuranga Friday, 22 March 2024 08:56 AM

ඔන්න අවුරුදු 75ක් තිස්සේ අපිට හදපු රට.

:       5       5

Sadun kumara nissanka Friday, 22 March 2024 09:01 AM

මේ ළමයි ගේ අම්මාගේ ෆෝන් නම්බර් එක වන්න

:       0       3

Neel puspa kumara Friday, 22 March 2024 09:03 AM

උදව්වක් කරන්න කැමතී ඒ සදහා තොරතුරු දෙන්න

:       0       7

nalin Friday, 22 March 2024 09:09 AM

මට උදව් කරන්න පුළුවන් විස්තර එවන්න

:       0       4

Kumari Friday, 22 March 2024 09:12 AM

උපකාරයක් කිරීමට සම්බන්ද කර ගත හැකි ක්‍රමයක් දන්වන්න.

:       0       4

sellapperumage Amarasiri FernandoFriday, 22 March 2024 09:47 AM

කරුණාකර මට ඔවුන්ගේ සම්බන්ධතා තොරතුරු එවන්න; දුරකථන , ලිපිනය හෝ බැංකු ගිණුම

:       0       5

nmalawige Friday, 22 March 2024 09:21 AM

අපි ඔවුන් සම්බන්ධ කර ගන්නේ කෙසේද?

:       0       6

Wickrama Friday, 22 March 2024 09:46 AM

අපි ඔවුන්ව සම්බන්ධ කරගන්නේ කෙසේදැයි කරුණාකර අපට දන්වන්න?

:       0       5

send me mother number . i can help them Friday, 22 March 2024 12:52 PM

අපිට උදව් කරන්න පුළුවන්... මවගේ දුරකථන අංකය දෙන්න...

:       0       1

Muthu Friday, 22 March 2024 07:15 PM

මේ වගේ නිව්ස් සිංගප්පුරුවේ දකින්න ලැබුණේ 1950 ගණන්වල. අන්ත දිළිඳු රටක් ඒ කාලේ. ලී ක්වාන්යූ එතකොට කිව්වා, මම මේක (සිංගප්පූරුව) ලංකාවක් කරනවා කියලා. ඒ එතුමාගේ කෙටිකාලීන දැක්ම, ඉන් එහා දකින්න සිංගප්පූරුවේ කිසිම ස්වාභාවික සම්පතක් තිබුණේ නෑ. ඒ සීමාව ඇතුලේ තමයි, ඒ කතාව කිව්වේ. අපිට බෑ ලංකාව පහුකරලා යන්න. මම උඹලව ඒ සීමාවට ගෙනියන්නම්. අද සිංගප්පුරුව ලෝකේ අංක එකේ පාස්පෝට් එක හිමි රට. ඒ රටට බොන්නවත් වතුර නෑ. ලංකාව ඒ අතින් 1950 ගණන් වල, දිව්‍ය ලෝකයක්. මොවුන් අවුරුදු 76ක් ඇතුලේ ඒ දිව්‍ය ලෝකේ පුච්චලා විනාශ කළා. අද ඉස්කෝල පොතක් හිතන තැනට රට මොවුන් ගෙනාවේ... දරුවන්ට අම්මලා නෑ. අම්මලා පිට රටට විකුණලා බැල මෙහෙවර කරන්න. ඉන් ගොඩඑන්න පුළුවන් කාලයක් තියා, පුංචි සලකුණක්වත් අපිට දකින්න බෑ....

:       2       10

NueanSaturday, 23 March 2024 08:19 AM

සිංගප්පූරුව එහෙම වුනේ ඒ රටේ වෘත්තීය සමිති කාරයෝ, දේශපාලන පක්ෂ, තුට්ටු දෙකේ දෙමළ, සිංහල ජාතිවාදීන්ට නැගිටින්න දුන්නේ නෑ. හොර වාමාංශිකයෝ හිටියේත් නෑ. උපරිමයෙන් ධනවාදය වැළඳගත්තා. ලංකාවේ අදටත් දේශපාලන පක්ෂ, යූනියන් සහ සිංහල දෙමල ජාතිවාදීන්ගෙන් අහන්නේ නැතුව බිත්තරයක් මිල තීරණය කරන්න පුළුවන්ද?

:       0       6

D D WM WIJESIRI Friday, 22 March 2024 11:32 PM

කරුණා කරලා මට පුළුවන් නම් දුරකථන අංකයක් එවන්න. පොත් ගන්න සල්ලි නැති අය ළඟ ෆෝන් නැති බව දන්නවා.

:       1       1

නිහාල් රංජිත් Saturday, 23 March 2024 09:21 AM

නීති කතා කරන අයයි, බණ කියන අයයි අඩු ගනනේ රුපියල්100ක් වත් ඔය කියන AC එකට දාන්න... ඒ අම්මගේ ගිණුම් අංක දීලා තියනවානේ. මම නම් දැම්මා. දුරකථන නැතුව ඇති.

:       0       3

Athula k Saturday, 23 March 2024 05:57 PM

හැකි පමණින් මුදලක් ගිණුමට දැම්මා...

:       0       1

Janahitha uae Sunday, 24 March 2024 01:16 AM

අපේ ස්තූතිය

:       0       0

Janahith Saturday, 23 March 2024 09:05 PM

මුදල් යැව්ව දෙවැනි පියවර ජූනි මාසයෙන් පසුව ජනතාව වෙතින්...

:       0       0

Janahitha uae Sunday, 24 March 2024 01:15 AM

අපි අපිට පුළුවන් විදියට ඔවුනට උදව් කළා. අපි කැමති ඔවුන් යළිත් පාසල් යනවාට

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 783 3

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


කොස්තාපල් බිරියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 282 0

බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්


රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති
2024 ඔක්තෝබර් මස 02 1478 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු


නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 2691 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 219 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 1544 9

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38622 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25405 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 942 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site