(නිමල කොඩිතුවක්කු)
සියලුම පෞද්ගලික බස් රථ ලබන වසරේ ජනවාරි මාසයේ සිට දුම් පරීක්ෂාවෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කොළඹදී පැවසීය.
මෙරටට ගෙන්වන ඩීසල් වල ගුණාත්මක භාවය පිළිගත හැකි මට්ටමක නොමැති නිසා වාහන වල දුම් පරීක්ෂාව ප්‍රායෝගික නොවන බැවින් මෙම පියවර ගත් බවත් විජේරත්න මහතා සඳහන් කළේය.
දුම් පරීක්ෂාව සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙලක් නොමැති පසුබිමක මෙම තීරණය ගත් බවත් ඒ සම්බන්ධයෙන් මෙම සතියේ දී ප්‍රවාහන බලධාරීන් ලිඛිතව දැනුවත් කිරිමට පියවර ගන්නා බවත් කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් විජේරත්න මහතා පැවසීය.
ලංගම බස් රථ සහ රාජ්‍ය වාහන වල දුම් පරීක්ෂණ පැවැත්වීම ක්‍රමවේදයක් නොමැති බවත් පෞද්ගලික බස් රථ සඳහා දුම් පරීක්ෂාව අනිවාර්්‍යය කරන්නේ නම් ලංගම බස් රථ සඳහාද එම නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් ඔහු කීවේය.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ම
රුපියල් කෝටි පහමාරක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිට්ෂුබිසි වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජ
රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි තාවකාලිකව අවලංගු කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘත
ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත
මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ජපාන සංවිධානයක් වන නිහෝන් හිඩැන්කියෝ හිමිකර ගත්තේය. න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් ඇති කිරීමට ලබාදෙන දායකත්වය වෙනුවෙන් ස
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පෞද්ගලික බස් දුම් පරීක්ෂාවෙන් ඉවත් වෙයි
geeth Monday, 09 October 2023 04:09 PM
ලංකාවෙ වෙනත් ඩීසල් වාහන දුවන්නෙත් ඔය ඩීසල් වලින්ම තමයි, හබැයි බස් රථ සේවකයො ඩීසල් වලට භූමිතෙල් කවලං කරනව. ඉතින් දුම් පරීක්ෂණ අසමත් වෙනව
කිරිපුතා Monday, 09 October 2023 04:27 PM
රටේ පවතින නීතියෙන් එහෙම ඉවත් වෙන්න පුළුවන්ද? කසිකබල් බස් දාගෙන පරිසරයම දුම්වලින් ශබ්දයෙන් දූෂණය කරගෙන සල්ලිම හොයනවා මිසක් ඒවාට සාධාරණ විසඳුම් දීගෙන පරිසරයත් ආරක්ෂා කරගෙන ව්‍යාපාරයක් කරන්න අදහසක් නෑ.
ගුනසේකර Monday, 09 October 2023 04:39 PM
රජයේ වාහන දුම් සහතික ගන්නවා කියලා රජයේ සේවයේ හිටපු කෙනෙක් හැටියට කියන්න පුළුවන්. ඇත්තටම පුද්ගලික බස්වලට ඩීසල් සමග භූමිතෙල් යොදා ධාවනය කරනවා. එහෙම කරලා ඩීසල් බාලයි කියලා කියනවා...
රාවණා Monday, 09 October 2023 04:48 PM
නියම තීරණයක්..., ලංගම බස් දුම් පරීක්ෂණය ආරම්භ කරනතුරු ඉවත් වී සිටින්න. එක බස් කොටසකට විතරක් පරීක්ෂණ කුමකටෙයි...!
රංජිත් Tuesday, 10 October 2023 07:30 AM
එහෙම රටේ නීතිය කඩකරනවා කියලා ප්‍රසිද්ධියේම කියනවා නම් ඒකත් ත්‍රස්තවාදයක් තමයි
lankaputha Tuesday, 10 October 2023 07:55 AM
පුද්ගලික බස් රථයක් දුම් පරීක්‍ෂණය කරන තුරු, අනෙක් සියලුම වාහන ද දුම් පරීක්‍ෂණය වර්ජනය කරමු